අනෝමා ජනාදරී ප්‍රත්‍යාවලෝකන සිනමා දැක්ම අද (23) සිට…

ප්‍රවීණ රංගන ශිල්පිනී අනෝමා ජනාදරී පන පෙවූ විශිෂ්ට චරිත රැගත් චිත්‍රපට උළෙලක් අද සිට පැවැත්වෙනවා. ඒ ජාතික චිත්‍රපට සංස්ථා තරංගනී සිනමාශාලාවේදී.

අද (23) තිරගත කරන්නේ අශෝක හඳගම අධ්‍යක්ෂණය කළ ‘තනි තටුවෙන් පියාඹන්න’ චිත්‍රපටයයි.

එමෙන්ම හෙට සහ අනිද්දා දින වල ‘මේ මගේ සඳයි’ සහ ‘දැවෙන විහඟුන්’ චිත්‍රපට 2 තිරගත වීමට නියමිතයි.

සියලුම චිත්‍රපට සවස 5.00 ට ප්‍රදර්ශනය වීම ඇරඹෙනවා.

ඇතුල්වීම නොමිලේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *