යුද්ධය හා නූතනත්වය ගැන විමුක්ති සිනමාවේ කතිකාව

ජූනි 8 වනදා ඉන්දියාවේ ‘ද හින්දු’ පුවත්පතේ පළවූ කුනාල් රේ ප්‍රවීණ සිනමාවේදී විමුක්ති ජයසුන්දර සමඟ කරන ලද සම්මුඛ සාකච්ඡාව.
සිංහලයට පරිවර්තනය කළේ උදාර රාහුල.

විමුක්ති ජයසුන්දරගේ අම්මා ඔහුට විවිද කතන්දර කියලා දුන්නා. ඒ කතන්දර කිව්ව විදිහ හැම විටම එකකට එකක් වෙනස් වුනා.තව කෙනෙක්ට එකම කතාව වෙනස් විදිහකට කියන්න පුළුවන්. සිනමාවත් එක්තරා ආකාරයක කතන්දර කීමක්. ඇය ඔහුට පැවසුවා. ඔහු මතක් කරා ඇය සමඟ මුල්වරට චිත්‍ර පටයක් නැරඹීමට ගිය අවස්තාව. “එය විශ්මිත අත්දැකීමක්”. 41 වියැති ශ්‍රී ලාංකික චිත්‍රපට අධ්‍යක්ෂවරයා පූනේ හි සිනමා පාසලේ විශේෂ දේශනයකට සහභාගී වූ අවස්ථාවේ මා සමඟින් පැවසුවා.

ඒ විශ්මිතභාවය එලෙසම පැවතුණා. එය ඔහුව උනන්දු කළා යුධ ගිනිදැල් ඇවිලුනු ඔහුගේ රට ගැනත් අප ජීවත් වන බිහිසුණු කාලය ගැනත් චලන රූප මඟින් කතා කියන්න. ශ්‍රී ලංකාවේ සිවිල් යුද්ධය ඔහුගෙ චිත්‍රපටවල සාමාන්‍ය පසුබිමක් වුවත් ඔහු සැම විටම එයට නැවුම් බවක් එක් කිරීමට සමත් වුනා. සමහරක් වෙලාවට රූපක භාවිතා කරමින් තම අදහස ප්‍රකාශ කරන ඔහු සැම විටම ඔහුගෙ චිත්‍රපටවලින් ඔහු යුද්ධයේ මතක සටහන් සහ නිසරුභාවයත් නූතන සමාජයේ නවීන බවත් එහි නිසරු බවත් මොනවට පසක් කරයි.

ඔහුගේ පළමු චිත්‍රපටය වූ ‘සුළඟ එනු පිණිස’ (2005) කාන්ස් චිත්‍රපට උළෙලේ Camera d’or සම්මානය දිනාගත් අතර එම වසරේ ජූරියේ ප්‍රධානියා ලෙස කටයුතු කළේ Abbas Kiarostami මහතායි. ඔවුන් දෙදෙනා පසුව හොඳ මිතුරන් බවට පත් වුනා. ඔහුගේ අනෙකුත් චිත්‍රපට වන Between two worlds (2009), Chatrak (2011), Dark in the white light (2015) ඔහුව ලෝකයේ සෑම ප්‍රධාන සිනමා උළෙලකටම ඔහුව රැගෙන ගිය අතර නව මිතුරන්ද සාදාගත්තා. Carlos Reygadas, Apichatpong Weerasethakul and Naomi Kawase ඉන් කිහිපදෙනෙක්. “මම මේ සිනමාකරැවන්ගේ ආභාෂය ලබා නොගත්තත් ඔවුන්ගේ නිර්මාණ අධ්‍යනය කළ යුතුයි මගේ තැන දැනගැනීමට“ ඔහු පැවසුවා.

ශ්‍රී ලංකාවේ දකුණු පළාතේ රත්නපුර ග්‍රාමයේ හැදී වැඩුණු ඔහු කුඩා කල පටන් විද්‍යා ප්‍රබන්ද හා Horror ගනයේ චිත්‍රපට නැරඹුවේ විද්‍යා ගුරැවරයෙකු වු පියාගේ අභාෂයෙනි. කුඩා සමයේ ඇති වුනු 1989 මාක්ස්වාදී කැරැලල හේතුවෙන් වසරක් පමණ පාසැල් යෑමට නොහැකි වීම නිසා නිවසේ සිට විවිද පොතපත කියවීම නිසා ඔහු මාකස්වාදී ආභාෂය ලබාගත් බව පවසයි.

කාන්ස් සිනමා උළෙලේ Camera d’Or සම්මානය දිනාගත් පළමු ලාංකිකයා වශයෙන් උණුසුම් පිළිගැනීමක් ලැබුණත් එය තිරගත වීමත් සමඟ එහි ආරක්ෂක අංශ නිරූපනය කිරීම සම්බන්දයෙන් විවිද දෝෂරෝපනයන් එල්ල විය.

ශ්‍රී ලාංකේය ප්‍රේක්ෂකයින් ඔහුගේ චිත්‍රපටය සැබවින්ම වටහා ගත්තේ නැත. ගලායෑම කිසිසේත් රේඛීය නොවුනි, නිරුවත සහ ලිංගිකත්වය ඔහුගේ චිත්‍රපට තුළ කැපී පෙනෙයි, ඔහුගේ චිත්‍රපටවල විවිධ පුද්ගලයන් දුක් විඳී. සිනාසෙමින් ඔහු මෙසේ කීවේය. “මගේ චිත්‍රපටි සමහර ප්‍රකෝපකාරිත්වයට හේතුවක්. ඔබ අකමැති වුවද, එය වටිනවා. පහසු චිත්‍රපට නිපදවීමට මා කැමති නැහැ.සිනමාව ලෝකය පිලිබඳ අපේ දැනුම මොට කිරීමට වඩා වැඩි දියුණු කළ යුතුයි.

“2018 දී ඔහු කොළඹ සිනමා සහ ටෙලිවිෂන් ඇකඩමිය පිහිටුවා ගත්තේය. වර්තමානය වන විට සිසුන් 100 ක් පමණ සිටින අතර දකුණු ආසියාවෙන් තවත් බොහෝ දෙනා ආකර්ෂණය කර ගැනීමට බලාපොරොත්තු වේ.

ශ්‍රී ලංකාව සෑම වසරකම චිත්‍රපට30 ක් පමණ නිෂ්පාදනය කරයි. (වාණිජ චිත්‍රපට සහ සම්භාව්‍ය සිනමාපට ඇතුළුව) ජයසුන්දර, ප්‍රසන්න විතානගේ සහ අශෝක හඳගම වැනි ප්‍රවීණ සිනමාකරුවන්ගේ සිනමාපට ඇතුලත්ව. මෙම චිත්‍රපට බොහොමයක් විදේශ නිෂ්පාදකයන් සමඟ ඒකාබද්ධ නිෂ්පාදන හෝ විදේශ චිත්‍රපට උළෙල වලින් ලබාගත් දීමනා වලින් නිර්මාණය වේ. මෙම සිනමාපට බෙහෝවිට වාරණයට ලක්වෙයි. කෙසේ වෙතත් බොලිවුඩ්, හොලිවුඩ් සහ කොලිවුඩ් චිත්‍රපටවල තවමත් බොක්ස් ඔෆිස් වාර්තා තබමින් තිරගත වේ.

මෑත පාස්කු බෝම්බ ප්‍රහාරය ඇතුළුව ශ්‍රී ලංකාව බොහෝ විපත් වලට මුහුණ දී තිබේ. අද ශ්‍රී ලංකාවේ සිංහල, දෙමළ හා මුස්ලිම් ප්‍රජාවන් අතර වාර්ගික ආතතියක් නිර්මාණය වී ඇති අතර. මෑත දී සිදුකරන ලද පිපිරීම් වලින් තවදුරටත් උග්‍ර වී ඇති අවුල් ජාලය සඳහා පහසු විසඳුමක් ඇති බවට ඔහු සිතන්නේ නැත.

“හැමවිටම දේශපාලකයන් මෙම අවස්ථා වලින් ප්‍රයෝජනය ගනී. ඔවුන් සතුරුකම හා ජාතිවාදය අවුස්සමින් සිටිති. බෞද්ධයන්ට තර්ජනාත්මක හැඟීමක් ඇති වී ඇති අතර, මුස්ලිම් ජනතාවට කියනු ලබන්නේ, බහුතරය ඔවුන්ට තර්ජනයක් බවයි එයම දෙමළ ජනතාවට පවසයි. දේශපාලනඥයන් ඔවුන්ගේ පැවැත්ම සාධාරණීකරණය කිරීමට භීතියේ වාතාවරණයක් නිර්මාණය කරයි. “මාර්ග, ගුවන් තොටුපලවල් හා අනෙකුත් යටිතල පහසුකම් ව්‍යාපෘති සඳහා ආධාර කරන චීනයේ වැඩිවන බලපෑම හා ශක්තිය කොතරම්ද කියා සොයා බැලීම තවත් බරපතල සැලකිල්ලක්.

කෙසේ වෙතත්, ශ්‍රී ලංකාවේ තරුණයින් රට යළි ගොඩ නැගීමට උදව් කරනු ඇති බවට ඔහු අපේක්ෂා කරයි. එක්තරා ප්‍රජාවකට එල්ල වන ප්‍රහාර වලක්වා ගැනීම සඳහා පාස්කු බෝම්බ ප්‍රහාරයෙන් පසුව විවිධ ජාතීන්ගෙන් සමන්විත වූ තරුණ කණ්ඩායම් එක්ව කටයුතු කළ ආකාරය ගැන ඔහු කතා කළේය.
අප පිටත් වීමට සූදානම් වන විට ඔහු මෙසේ පැවසීය.

“ප්‍රචණ්ඩත්වය සම්පූර්ණයෙන්ම අතුගා දැමීමට මට අවශ්‍ය නැත. මට එය තුළ ජීවය සොයා ගැනීමට අවශ්‍යයි. මෙම කරදරකාරී යථාර්ථය තුළ වෙනත් ආකාරයකින් චිත්‍රපට නිෂ්පාදනය කරන්නේ කෙසේද? “සෑම සිනමාපටයකම ප්‍රමාණවත් නැති බවක් මට දැනෙනවා එම ප්‍රමාණවත් නැති බව නැති කරගන්න මම දිගටම සිනමා පට නිර්මාණය කළ යුතුයි.”

පරිවර්තනය – උදාර

Leave a Reply

Your email address will not be published. Required fields are marked *