Oscars රාත්‍රිය 24 වනදා – Road to Oscars 1

සිනමා ලෝකයේ ප්‍රමුඛතම සම්මාන උළෙල ලෙස සැළකෙන ඇකඩමි සම්මාන උළෙල හෙවත් ඔබ අප කවුරුත් නම කිවු සැනින් දන්නා ඔස්කා සම්මාන උළෙල 91 වන වරටත් එළඹෙන පෙබරවාරි මස 24 වෙනි දා රාත්‍රියේ ඇමෙරිකා එක්සත් ජනපදයේ කැලිෆෝනියාවේ ලොස් ඇන්ජලීස් හි Dolby Theatre හි දී පැවැත්වීමට නියමිතයි.

2019 වසර වෙනුවෙන් පිරිනැමෙන ඔස්කා සම්මාන සඳහා නිර්දේශිත නාමයන් පසුගියදා එළිදක්වනු ලැබුවා. ඒ අනුව The Favourite සහ Roma චිත්‍රපට ද්විත්වය නිර්දේශ 10 බැගින් දිනාගෙන මෙවර වැඩිම සම්මාන ගණනකට නිර්දේශ වුණු චිත්‍රපට ලෙස වාර්තා වෙනවා. මේ චිත්‍රපට දෙකම වසරේ හොඳම චිත්‍රපටය සඳහාත් නිර්දේශ වන්නේ BlacKkKlansman, Black Panther, Bohemian Rhapsody, Green Book, A Star Is Born සහ Vice යන චිත්‍රපට ද සමඟයි.

A Star Is Born සහ Vice චිත්‍රපටත් සම්මාන සටනේ ඉදිරියෙන්ම ඉන්නේ නිර්දේශ 8 බැගින් දිනාගෙනයි. Black Panther චිත්‍රපටය සම්මාන 7කටත්, BlacKkKlansman චිත්‍රපටය සම්මාන 6කටත්, Bohemian Rhapsody සහ Green Book චිත්‍රපට සම්මාන 5කටත් නිර්දේශ වී තිබෙනවා.

මෙවර ඔස්කා සම්මාන උළෙල සියලු දෙනාම දෑස් දල්වාගෙන බලා සිටින උළෙලක් වනවා නොඅනුමානයි. හේතුව මෙවර ගෝලීය ආකර්ෂණය දිනාගත් සිනමාපට රැසක් සම්මාන සඳහා නිර්දේශ වී තිබීමයි. විශේෂයෙන්ම A Star Is Born සහ Bohemian Rhapsody චිත්‍රපට ද්විත්වය අතරේ Golden Globes සම්මාන උළෙලේ තිබුණු තරඟකාරිත්වය තවත් තියුණු ලෙස ඔස්කා වේදිකාවේදී දැකගැනීමට හැකිවෙතැයි රසිකයෝ මත පළ කරනවා. එමෙන්ම සුපිරි වීර තේමාවන් සහිත චිත්‍රපට වලට සැළකිය යුතු ඉඩක් වෙන්වීමත් මෙවර උළෙල විශේෂ වීමට තවත් හේතුවක්. Black Panther චිත්‍රපටයට ලැබී ඇති ඉහළ ඇගයීම් ප්‍රමාණයත්, හොඳම පරිගණක දෘශ්‍ය ප්‍රයෝග වෙනුවෙන් Avengers: Infinity War චිත්‍රපටය ලද නිර්දේශයත්, වසරේ හොඳම සජීවීකරණ චිත්‍රපටය ලෙස Spider-Man: Into The Spider-Verse චිත්‍රපටය ලද නිර්දේශයත් විශේෂ සිදුවීම් ලෙස දැක්විය හැකියි.

මෙවර නිර්දේශිත නාම එළිදැක්වීමත් සමඟ ලොව පුරා කතාබහට ලක්වූ සිද්ධියක් වූයේ Black Panther චිත්‍රපටයට ලැබී ඇති නිර්දේශයන් හත ගැනයි. පසුගිය වසරේ ආදායම් අතින් වාර්තාගත සාර්ථකත්වයක් පෙන්නුම් කළ ආකර්ෂණීය සුපිරි වීර චිත්‍රපටයක් වුණත් හොඳම නළුවා, හොඳම චිත්‍රපටය වැනි ප්‍රධාන පෙළේ සම්මාන දිනීමට තරම් සිනමාත්මක ගුණයක් එහි අඩංගු වූවා ද යන්න බොහෝ දෙනෙක්ගේ ප්‍රශ්න කිරීමට භාජනය වූවා. මෙම නිර්දේශයන්ට හේතුව ලෙස සිනමා විශ්ලේෂකයෝ පෙන්වා දෙන්නේ මීට පෙර ඔස්කා සම්මාන සඳහා වන නිර්දේශයන් ඉදිරිපත් කිරීමේදී අප්‍රිකානු සම්භවයක් සහිත පිරිස් හෙවත් පොදුවේ හඳුන්වන කළු ජාතිකයින් සම්බන්ධ නිර්මාණවලට සාධාරණ ඉඩක් නොලැබීම පිළිබඳව විවිධ මට්ටමේ කතිකාවන් ලොව පුරා ගොඩනැඟීමයි. ඒ පිළිබඳව ඔස්කා සම්මාන උළෙල පැවැත්වෙන අතරේදී සම්මාන පිරිනැමීම සඳහා වේදිකාවට ගොඩවන සහ පූරකයින් ලෙස කටයුතු කරන අප්‍රිකානු සම්භවයක් ඇති නළු නිළියන් විසින් හුවා දැක්වීම නිසා මෙවර කළු හම ඇති මිනිසුන්ගේ අයිතීන් වෙනුවෙන් අනුකම්පා නිර්දේශ ප්‍රමාණයක් ලබාදුන් බවටයි බොහෝ දෙනෙක් මත පළ කරන්නේ. කෙසේ නමුත් මෙම නිර්දේශ වීම Marvel චිත්‍රකතා සමාගම සහ එහි මව් සමාගම වන Disney ලද සුවිශේෂී ජයග්‍රහණයක් ලෙස සලකනු ලබනවා.

BEST PICTURE

Black Panther
BlacKkKlansman
Bohemian Rhapsody
The Favourite
Green Book
Roma
A Star Is Born
Vice

BEST ACTRESS
Yalitza Aparicio, Roma
Glenn Close, The Wife
Olivia Colman, The Favourite
Lady Gaga, A Star Is Born
Melissa McCarthy, Can You Ever Forgive Me?

BEST ACTOR
Christian Bale, Vice
Bradley Cooper, A Star Is Born
Willem Dafoe, At Eternity’s Gate
Rami Malek, Bohemian Rhapsody
Viggo Mortensen, Green Book

BEST DIRECTOR
Alfonso Cuarón, Roma
Yorgos Lanthimos, The Favourite
Spike Lee, BlacKkKlansman
Adam McKay, Vice
Pawel Pawlikowski, Cold War

BEST SUPPORTING ACTRESS
Amy Adams, Vice
Marina de Tavira, Roma
Regina King, If Beale Street Could Talk
Emma Stone, The Favourite
Rachel Weisz, The Favourite

BEST SUPPORTING ACTOR
Mahershala Ali, Green Book
Adam Driver, BlacKkKlansman
Sam Elliott, A Star Is Born
Richard E. Grant, Can You Ever Forgive Me?
Sam Rockwell, Vice

BEST ORIGINAL SCREENPLAY
The Favourite
First Reformed
Green Book
Roma
Vice

BEST ADAPTED SCREENPLAY
The Ballad of Buster Scruggs
BlacKkKlansman
Can You Ever Forgive Me?
If Beale Street Could Talk
A Star Is Born

BEST ORIGINAL SCORE
Black Panther
BlacKkKlansman
If Beale Street Could Talk
Isle of Dogs
Mary Poppins Returns

BEST ORIGINAL SONG
“All the Stars,” Black Panther
“I’ll Fight,” RBG
“The Place Where Lost Things Go,”
Mary Poppins Returns
“Shallow,” A Star Is Born
“When a Cowboy Trades His Spurs for Wings,” The Ballad of Buster Scruggs

BEST FILM EDITING
BlacKkKlansman
Bohemian Rhapsody
The Favourite
Green Book
Vice

BEST FOREIGN LANGUAGE FILM
Capernaum (Lebanon)
Cold War (Poland)
Never Look Away (Germany)
Roma (Mexico)
Shoplifters (Japan)

BEST ANIMATED FEATURE
Incredibles 2
Isle of Dogs
Mirai
Ralph Breaks the Internet
Spider-Man: Into the Spider-Verse

BEST DOCUMENTARY FEATURE
Free Solo
Hale County This Morning, This Evening
Minding the Gap
Of Fathers and Sons
RBG

BEST CINEMATOGRAPHY
Cold War
The Favourite
Never Look Away
Roma
A Star Is Born

BEST PRODUCTION DESIGN
Black Panther
The Favourite
First Man
Mary Poppins Returns
Roma

BEST VISUAL EFFECTS
Avengers: Infinity War
Christopher Robin
First Man
Ready Player One
Solo: A Star Wars Story

BEST COSTUME DESIGN
The Ballad of Buster Scruggs
Black Panther
The Favourite
Mary Poppins Returns
Mary Queen of Scots

BEST MAKEUP AND HAIRSTYLING
Border
Mary Queen of Scots
Vice

BEST SOUND MIXING
Black Panther
Bohemian Rhapsody
First Man
Roma
A Star Is Born

BEST SOUND EDITING
Black Panther
Bohemian Rhapsody
First Man
A Quiet Place
Roma

BEST DOCUMENTARY SHORT SUBJECT
Black Sheep
End Game Lifeboat
A Night at the Garden
Period. End of Sentence

BEST ANIMATED SHORT FILM
Animal Behavior Bao
Late Afternoon
One Small Step
Weekends

BEST LIVE ACTION SHORT FILM
Detainment
Fauve
Marguerite
Mother
Skin

– ෂෙනාල් ගුණසේකර –

One Comment on “Oscars රාත්‍රිය 24 වනදා – Road to Oscars 1”

Leave a Reply

Your email address will not be published. Required fields are marked *