ජාතික සමගිය හා සංහිඳියා කාර්යාලය (ONUR) මගින් පවත්වන ‘නිදහස් චිත්රපට උළෙල’ පෙබරවාරි 21 , 22 , 23 යන තෙදින තුල ජාතික චිත්රපට සංස්ථා තරංගනී සිනමා ශාලාවේදී පැවැත්වේ.
21 වනදා සවස 6.00 ට 2006 දී රාකේෂ් ඕම්ප්රකාශ් මෙහෙරා අධ්යක්ෂණය කරන ලද අමීර් ඛාන් රඟන Rang De Basanti චිත්රපටය ප්රදර්ශනය වේ.
22 වනදා සිකුරාදා දින V for Vandetta චිත්රපටය සවස 6.00 ට තිරගත වේ.
23 වනදා සෙනසුරාදා සවස 2.30 ට 1981 දී තිරගත වූ ධර්මසේන පතිරාජයන්ගේ ‘සොල්දාදු උන්නැහේ’ ප්රදර්ශනය වන අතර එදිනම සවස 6.00 ට චිලි චිත්රපටයක් වන NO තිරගත වේ.
සොල්දාදු උන්නැහේ චිත්රපටයෙන් පසු විශේෂ සංවාදයක් සවස 4.00 සිට පැවැත්වේ.
