එහෙමනම් මාලිනීව big screen එකේ දකින්න ලැබෙන අන්තිම අවස්ථාව මේක වේවි!

මේ ලෝකෙ සමහර මිනිස්සු ඉන්නවා, එයාලා ඉපදිලා තියෙන්නෙම අනිත් මිනිස්සුන්ව සතුටින් තියන්න. ඒ අතර ඉන්න විශේෂ අය ඉන්නවා එයාලගේ ජීවිතයේ එක එක කාලවලදි එක එක විදියට අපේ ජීවිතවලට ඇවිත් යන.

ඒ අතර ඉන්න අග්‍රගණ්‍ය චරිතයක් තමයි මාලිනි සෙනෙහෙලතා ෆොන්සේකා කියන්නේ. නමේ විදියටම සෙනෙහෙවන්ත විදියට රිදී තිරයෙන් ඇවිත් මිනිස්සුන්ව සතුටු කරපු කෙනෙක්. දඟකාර යෞවනියකගේ ඉඳන් දැන උගත් කාන්තාවක් වෙනකල් චරිත තුළින් ප්‍රේක්ෂකයින් ඉස්සරහට ආපු කෙනෙක් තමයි ඒ.

හැබැයි ඒ සෙනෙහෙවන්තිය ආයේ නොයෙන්නම යන්න ගියේ මීට මාස කීපයකට කලින්. ඒත් ඇය රංගනයෙන් දායන වුණ අන්තිම චිත්‍රපටය ජනවාරි 02වෙනිදා ඉඳන් තිරගත වෙන්න සියලු කටයුතු සූදානම් කියලා තමයි ආරංචිය.

මලකි දුවේ නුඹ ❤️

ඒක එහෙමනම් මාලිනීව big screen එකේ දකින්න ලැබෙන අන්තිම අවස්ථාව මේක වේවි!

සිනමාවේදීන් එකට ලිවුවේ නටාෂා පෙරේරා

Leave a Reply

Your email address will not be published. Required fields are marked *