චන්ද්‍රන් රත්නම්ගෙන් ශ්‍රී ලංකා සිනමාවට තවත් දැවැන්ත සිනමාපටයක්!

දෙස් – විදෙස් තාක්ෂණික ශිල්පීන් රැසකගේ සහභාගීත්වයෙන්, ප්‍රවීණ ලාංකීය සිනමාකරුවෙකු වන චන්ද්‍රන් රත්නම්ගේ අලුත්ම සිනමාපටයක් මේ දිනවල රූපගත කිරීම් සිදු වනවා.

ලොව නවීනතම තාක්ෂණය භාවිතයෙන් රූගත කළ මේ සිනමාපටය, මෙරට සිනමාවෙන් නිපදවූ දැවැන්තම සිනමා ව්‍යාපෘති කිහිපයෙන් එකක් බවටත් පැවසෙනවා.

අලිමංකඩ – A Comman Man – According to Mathew ආදී චිත්‍රපට කීපයක්ම අධ්‍යක්ෂණය කර තිබෙන චන්ද්‍රන් රත්නම්, ලෝක ප්‍රසිද්ධ හොලිවුඩ් සිනමාපට රැසකම line producerවරයෙකු ලෙසත් කටයුතු කළා.

Indiana Jones & Temple of Doom – Ready – Water – Jism 2 වැනි සිනමාපට ඔහු සම්බන්ධ වූ විදෙස් නිර්මාණ අතරෙ හි දැකගන්නට පුලුවන්.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *