“මේ දේශයක් ජනතාවක් සැනසූ අසාමාන්‍ය කලාකරුවෙකුගේ විචිත්‍රවත් දිවිසැරිය පිළිබඳ විවරණයකි. දසක හයක් ඉක්මවමින්, සිය විවිධ අපරිමිත කලා කුසලතාවන් ඇසුරෙන් අප අමන්දානන්දනයට පත්කළ මේ රංගධරයා, නිර්මාණවේදියා, මානව හිතවාදියා පෑ පෙළහර මෙන් ම ඔහු විසින් සිදුකළ සමාජයීය මෙහෙවර, අපේ අතීත උරුමය කියාපාන සඳකඩපහණක, ගල්කණුවක සියුම් කැටයමක් සේ, ශ්‍රී ලංකික රසික හෘදස්පන්දනය හා තවත් දිගු කලක් සුසංවේදීව රැඳී තිබෙනු නිසැක ය.”
වර්ෂ 1941 පෙබරවාරි 11 වන දින පැටිකිරිගේ සතිස්චන්ද්‍ර එදිරිසිංහ ජන්ම ලාභය ලැබූවේ, සහෝදර සහෝදරියන් සත් දෙනෙකුගෙන් යුතු වූ කලා පවුලක පස්වැන්නා ලෙසිනි. සතිස් ට ධර්මසිරි, ටෙක්ලා, ෆ්ලොරීඩා, සිරිමා සහ මේරි නමින් වැඩිමහල් සොයුරු සොයුරියන් පස්දෙනෙක් වූහ. නිමල් සහ සුනිල් බාල සොයුරන් දෙදෙනා ය.
කැලණිය, වරාගොඩ රජයේ පිරිමි පාසල, කැලණිය ශ්‍රී ධර්මාලෝක විදුහල ඇල්පිටියේ, කුරුඳුගහහැතැක්ම ශාන්ත මරියා කතෝලික පාසලෙන් සිප් ෂතර හැදෑරූ සතිස්ට විධ පුද්ගල ස්වභාවයන් අනුකරණය කිරීමට කුඩා කල සිට ම සතිස්ට පෙර පුහුණුවක් අවැසි නොවී ය.
සිංහල පාඩමේ භාවිත කෙරුණු පී. පී. රූබන් පීරිස්ගේ මව්බස කියවීම් පොතේ තිබුණු මද්දුම බණ්ඩාර කතාව රචනා වී තිබුණේ සංවාද ස්වරූපයෙනි. සතිස් ඒ එක් එක් චරිත සඳහා වෙනස් හඬ පෞරුෂයන් සහිත නාට්‍යාවේෂයන් මුසු කරමින් පාඩම කියැවීම ගුරුතුමාට ද මහත් ආස්වාදයක් විය.
සතිස් දස වන වියට එළැඹෙන විට ධර්මාලෝක ගුරුමණ්ඩලයේ සිටි එක්තරා සුවිශේෂ පුද්ගලයෙක් වූ විමලධර්ම සර්, ඒ වන විට රේඩියෝ සිලෝන් නමින් හැඳින්වුණු ලංකා ගුවන් විදුලියේ නාට්‍ය නිර්මාණ කටයුතුවලට ද දායක වෙමින් සිටියේ ය. සතිස්ගේ කෝඩුකාර ප්‍රතිභාව නිරීක්ෂණය කරමින් සිටි හෙතෙම දිනක් සතිස් කැටුව ගොස්, සිය නවතම නිර්මාණය වූ සේරිවානිජ ජාතක පුවත ඇසුරෙන් නිපදවුණු කදාවළ`ඵ ගුවන් විදුලි නාටකයේ දේවදත්ත චරිතය සිය හඬින් පණගන්වන්නට සතිස්ට අවස්ථාව ලබාදුන්නේ ය.
ඉංගිරිසි බස හොඳින් හසුරුවන සාහිතකාමියෙකු වන විජේතුංග සර් දිනක් සතිස් කැඳවා අලුත් වගකීමක් පැවරුවේ ය. ඒ කේයස්ගේ ‘සුදෝ සුදු’ කාව්‍යය ඇසුරෙන් නාට්‍යයක් නිර්මාණය කිරීමයි. ඒ සමග ම සතිස් පාසලේ ජනප්‍රියතම සිසුවා බවට පත්වූයේ නිරායාසයෙනි. එපමණක් නොව ‘සුදෝ සුදු’ ඔහුගේ දිවියට බොහෝ දේ සමීප කළේ ය. පාසලේ ජයතිලක ක්‍රීඩා නිවාසයේ නායකත්වය ද සතිස්ට හිමිවිය. එසේ ම සතිස් පාසලේ ප්‍රධාන ශිෂ්‍ය නායකයා බවට පත්කරන්නට ද විදුහල්පතිතුමා ඇතු`ඵ ගුරුමණ්ඩලය යුහුසු`ඵ විය.
මහා ගත්කරු මාර්ටින් වික්‍රමසිංහ සූරීන්ගේ රෝහි ණී නවකතාව ඇසුරෙන් ප්‍රංශ දෘෂ්‍ය කාව්‍ය රචක මොලියර් විසින් 1664දී ‘ටාටුෆ්’ යන ප්‍රංශ නමින් රචනා කළ ඔයැ ෂපචදිඑදර හාස්‍යෝත්පාදක නාට්‍යය අනුවර්තනයක් ලෙස වේදිකාවට නැඟීම සඳහා ය. සිංහල බසින් ඉදිරිපත් කෙරුණු මෙම නිෂ්පාදනය ‘වෙස් මුහුණ’ යනුවෙන් නම් තැබුණු අතර ප්‍රධාන භූමිකාව වූ ‘සුගුණසේන’ චරිතයේ රංගනය සතිස්ට භාර විය. ශාන්ත මරියාව මිශ්‍ර පාසලක් නොවූ හෙයින් කාන්තා භූමිකා නිරූපණය ද පිරිමි සිසුන් විසින් ම සිදුකළ යුතු වූ අතර නාට්‍යය ප්‍රදර්ශනයෙන් පසු අනපේක්ෂිත ලෙස ‘සුගුණසේන’ පාසලේ අතිශයින් ම ජනප්‍රිය චරිතයක් විය.
හැමවිටම මහා ගංගාවක් ඇරැඹෙන්නේ කුඩා දියත්තකින් හෝ පුංචි උල්පතකිනි.
ඒ වනවිට ජේ. ඩී. ඒ. පෙරේරාගේ ‘වෙස්සන්තර’ නාට්‍යයේ පුහුණුවීම් මරදානේ ලෝරන්ස් විද්‍යාලයීය ශාලාවේදී සිදු කෙරෙමින් පැවැති අතර එවකට මෙරට සිනමා අඹරෙහි දීප්තිමත් ම තාරකාව ලෙස වැජඹුණු රුක්මණී දේවිය සහ එකල සිනමාවේ දැවැන්තයන් වූ එඩී ජයමාන්න, එච්. ඩී. කුලතුංග සමඟ ජෙසිකා වික්‍රමසිංහ, ශීලා පීරිස්, බෙනී දාබරේ, එඩී ගුණවර්ධන වැන්නන් රංගනයට එක් වූ නාට්‍යයකට දායකවන්නට ලැබීම සතිස් ට අතිශයින් ම ආස්වාදජනක අත්දැකීමක් විය.
විසි වියැති කඩවසම් භද්‍ර යෞවනයා, හැත්තෑපස් වියැති ජූජක වෙස් ගත්තේ ඒ භූමිකාවට අපූර්ව නිරූපණ ලීලයක් එක් කරමිනි. මේ නව රූපන මානය කාගේත් සිත් ගන්නට සමත් විය. එසේ ම රුක්මණී, එඩී වැනි එවකට ජනකාන්ත රංගධරයන් ඇතු`ඵ සෙසු ශිල්පීන්ගේ සහ ප්‍රේක්ෂකයන්ගේ එසැන ප්‍රතිචාර කෙතරම් හිතකර වූයේ ද යත් එදා සිට දිගටම පූජකයා ට ඇන්දේ සතිස් ය.
එතැන් පටන් ඔහු සපැමිණ ඇත්තේ දිගු අසිරිමත් චාරිකාවකි.
ජේ. ඩී. ඒ.පෙරේරාගේ ඊළඟ නිෂ්පාදනය වූ ශ්‍රී වික්‍රම නාට්‍යයේ ද සතිස්ට භූමිකාවක් වෙන් විය. රංගනය යනු හැදෑරිය යුතු ශාස්ත්‍රීය විෂයක් ය යන්න සතිස්ට ඒ වනවිට අවබෝධවෙමින් පැවතියේ ය. ඒ අනුව රංග කලාව පිළිබඳ පොත පත අධ්‍යයනයට මෙන් ම එදිරිවීර සරච්චන්ද්‍ර, ගුණසේන ගලප්පත්ති, ජී. ඩී. එල්. පෙරේරා, සුගතපාල ද සිල්වා, හෙන්රි ජයසේන, දයානන්ද ගුණවර්ධන, රංජිත් ධර්මකීර්ති සහ ජේ. ඩී. ඒ.පෙරේරා වැන්නන්ගේ නාට්‍ය හදාරන්නටත් ඔහු පුරුදු වූයේ දැඩි අභිරුචියකිනි. ක්‍රම ක්‍රමයෙන් තමන් තුළ ස්වාධීන නාට්‍යකරුවෙකු ගොඩනැඟෙන බව ඔහුටම ප්‍රත්‍යක්ෂ විය. ඒ සමඟම නිර්මාණකරණයට පිවිසීමට කාලය එළැඹ ඇතැයි සිතුණෙන් පාසල් වේදිකාවේදී රංගනයෙන් දායක වුණු මොලියර් ගේ “ටාටුෆ්” නාට්‍යයේ අනුවර්තනයක් වූ ඔයැ ෂපචදිඑැර නාට්‍යයේ ඡායානුවාදයක් ලෙස, “බකතපස්” නාට්‍ය පිටපත රචනා කළේ ය. 1963 ඔක්තෝබර් 05 සහ 06 යන දිනවල ලුම්බිණි රඟහලේ දී මංගල දර්ශනය පැවැත්වුණු අතර සිංහල වේදිකා නාට්‍ය නිෂ්පාදක නාමාවලියට සතිස්චන්ද්‍ර එදිරිසිංහ නාමය ද එක්විය.
60 දසකයේ ආරම්භයේ සිට රංගනයේ කඩතිර විවර කරමින් දැවැන්ත පෞරුෂයක් කරළියේ මුදාහල අපේ රූපණවේදියා, අට්ටික්කා මල් ඔස්සේ දෙවන වරට නාට්‍ය අධ්‍යක්ෂණයට පිවිසෙන්නේ ප්‍රකාශන මාධ්‍යයක් ලෙස ප්‍රබල සහ සජීවීබවක් නිබඳව රැඳී පවතින වේදිකාව කෙරෙහි ප්‍රමාණ විශ්වාසයක් සහ ගෞරවයක් ප්‍රකට කරමිනි.
රංගනයේදී සිය ප්‍රබල කටහඬ සතිස්ට ආභරණයක් විය. හෙතෙම වචනවලට නියම ස්වරය ලබාදී අර්ථය වර්ණවත් කරන නිරූපන ශිල්පියෙකි. රංගනයේදී දෙබස් උච්චාරණය කෙරෙහි සියුම් ලෙස උනන්දුවන නාට්‍ය නිෂ්පාදකයෙකු වන දයානන්ද ගුණවර්ධන1965 දී වේදිකාවට නැඟුණු “ජීවන වංචාව හෙවත් ඉබිකට්ට”, හෙන්රි ජයසේන ගේ “මනරංජන වැඩ වර්ජන” රන්ජිත් ධර්මකීර්ති, ඇන්ටන් චෙකොෆ්ගේ ක්‍යැරරහ ධරජය්රා ඇසුරෙන් නිෂ්පාදිත “මහගෙදර” වැනි නිර්මාණ සිය අනන්‍යසාධනීය රංග ප්‍රතිභානයෙන් උද්දීප්තිමත් කරන්නට සතිස් සමත් විය. මහා කවි විලියම් ෂේක්ස්පියර්ගේ “රෝමියෝ ඇන්ඩ් ජුලියට්” නාට්‍ය ඇසුරෙන් ජී. ඩී. එල්. පෙරේරා විසින් කරළියට ගෙනා ‘රතුරෝස’ සතිස්ගේ රංගන දිවියට තවත් අලුත් අත්දැකීමක් සමීප කළේ ය.
මෙසේ එසමයෙහි නිෂ්පාදිත උසස් ප්‍රමිතියක් සහිත නාට්‍ය රැසක තීරණාත්මක භූමිකා රැසක් නිරූපනය කරන්නට සතිස් වාසනාවන්ත විය. වේදිකාවට ගැලපෙන ප්‍රබල කටහඬත් උස් කඩවසම් දේහයත් එයට මනා පිටිවහලක් වූ බවට සැකයක් නැත. ඒ අනුව සුනන්ද මහේන්ද්‍රගේ ‘සයුරෙන් ආ ළඳ’ සහ ‘ගැහැනියක්’, නීල් ශ්‍රී විජේසිංහගේ ‘අනේ මස්සිනේ’, ධර්මසිරි වික්‍රමරත්නගේ ‘ඔන්න බබෝ’ සහ හබුං කටයි බත් දෙකටයි’, සිරි එදිරිසිංහගේ ‘රුධිරය සහ ගංගාව’, මහ පොළොව’, නාමෙල් වීරමුනිගේ ‘නැට්ටුක්කාරි’, එස්. කරුණාරත්නගේ ‘එරබදු මල් පොට්ටු පිපිලා’, චන්ද්‍රරත්න මාපිටිගමගේ ‘එළඳ’, ගුණසේන ගලප්පත්තිගේ “ලියතඹරා” වැනි නිර්මාණ රැසක් කු`ඵගන්වන්නට වසර කිහිපයක් ඇතුළත සතිස්ට හැකියාව ලැබුණි. ගැහැනියක් නාට්‍යය නැරැඹීමෙන් පසු මහාචාර්ය සරච්චන්ද්‍රයන් ඒ රංගනය අගය කළේ ‘කෙතරම් මුග්ධ ප්‍රේක්ෂක සමූහයක් වුව ද සමාධියකට සමවද්දා ගැනීම් හැකියාව දක්ෂ නළුවෙකුට තිබෙන බව සතිස්චන්ද්‍ර එදිරිසිංහ ගේ රංගනයෙන් ප්‍රත්‍යක්ෂ වෙයි.’ යනුවෙනි.
එතැනින් නොනවතින සතිස්චන්ද්‍රයන් 1967 දී ජෝර්ජ් ඕවල්ගේ ඇනිමල් ෆාම් ඇසුරෙන් තලංගම ප්‍රේමදාස රචනා කළ “හොටබරි යුද්දේ” නාට්‍යය වේදිකාවට රැගෙන ආවේ ය.
සතිස් නිර්මාණය කළ ‘සොක්කානෝ රජානෝ’ 1983 දී ද, ‘අපායේ අවුරුදු’ 1986 දී ද වේදිකාගත විය.
1987දී ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ සිංහල අධ්‍යයන අංශය, එහි සිසු සිසුවියන් යොදාගනිමින් ඇන්ටන් චෙකොෆ්ගේ ‘චෙරි උයන’ නාට්‍යයේ පූර්ණ සිංහල පරිවර්තනය ලාංකේය වේදිකාවට නැවත නිෂ්පාදනය කරන්නට තීරණය කළ අතර මෙවර ද ‘ලොපකින්’ ගේ භුමිකාව වෙනුවෙන් සතිස්චන්ද්‍ර එදිරිසිංහවත් දායක කරගැනීමට රංජිත් ධර්මකීර්තිට අවසර ලැබිණි.
එම නිෂ්පාදනයට එක්වූ විශ්විද්‍යාලයීය සිසුවෙකු පසුකාලීනව පශ්චාද් උපාධි අධ්‍යයනය සඳහා රුසියාවට ගියේ ය. එහි මොස්කව් නගරයේ දී තමාට නරඹන්නට ලැබුණු, විශිෂ්ට ගනයේ රුසියානු වෘත්තීය ශිල්පීන් රැසක් රූපනයට එක්වූ ක්‍යැරරහ ධරජය්රා නාට්‍යයේ සමකාලීන නිෂ්පාදනයක් පිළිබඳව, ඔහු රංජිත් ධර්මකීර්තිට මෙසේ සිය අදහස් දන්වා තිබුණු බව මේ උපුටාගැනීමෙන් පැහැදිලි වෙයි.
‘… රුසියානු නිෂ්ූපාදනය අපට හිතාගන්නත් අපහසු තරමට දැවැන්තයි. ප්‍රේක්ෂකයන් සන්සුන්ව නාට්‍යය නැරැඹුවා. ලොපකින් වේදිකාවට එන හැම විට ම, අපේ සතිස්චන්ද්‍රයන් ගේ රංගනය ඒ න`ඵවාගේ රංගනය හා සැසඳීමෙන් වැළැකී ඉන්නට මට අපහසු වුණා. රුසියානු න`ඵවා අභිබවමින්, අපේ න`ඵවා කෙතරම් ඉහළින් ඒ රංගනය කළාදැයි ඒ හිම වැටෙන රාත්‍රියේ නවාතැනට යන තුරුම මා කල්පනා කළා…’
ධර්මකීර්ති, රන්ජිත්, සතිස් නමැති නාට්‍ය ශිල්පියා සහ රූපනවේදියා, සතිස්චන්ද්‍ර ප්‍රතිභාවලෝකනය සමරු කලාපය, 18 පිටුව, 2011
විශේෂයෙන් ම චෙරිවත්ත මිල දී ගැනීමෙන් පසු ඒ පිළිබඳ උද්දාමයෙන් හැසිරෙන ජවනිකාවේ ඔහු විසින් සිදුකරනු ලැබූ රංගනය මෙරට මෑතකාලීන වේදිකාවේ අප දුටු විශිෂ්ටතම රංගනයකි. ප්‍රේක්ෂකාගාරයට උන්හිටිතැන් අමතක කරවන තරමට ප්‍රබල වූ, සාත්වික, වාචික, ආංගික, ආහාර්ය ආදී වූ සතර අභිනයෙන් ම කු`ඵගැන්වුණු ඒ විස්මිත රංගෝත්කර්ශය නුදුටු දෑස් කුමට ද?
“…මේ අයුරින් දේශීය නාට්‍ය වංශකතාවට රචනයෙන්, රංගනයෙන් සහ අධ්‍යක්ෂණයෙන් ප්‍රශස්ත නිර්මාණ දායකත්වයක් එක් කළ සතිස්චන්ද්‍රයන්, දේශීය වේදිකා රංගනයෙහිලා විශේෂිතව, දැවැන්ත ප්‍රතිරූපයක් ගොඩනැංවූ, පරමාදර්ශී න`ඵවෙකු විය. ලෝකධර්මී වේවා, නාට්‍යධර්මී වේවා කවර හෝ ස්වරූපයක නාට්‍යයක වුව ද ඔහු ගොඩනැංවූ රඟපෑම අතිශය ප්‍රබල මෙන් ම බලසම්පන්න විය. කෙසේ වුව ද න`ඵවන් අතර හෙතෙම අසාමාන්‍ය රංගධරයෙකු බවට පත්වූයේ ආකස්මිතිකව නොවේ. නිරායාසයෙන්ම ද නොවේ. රංගනය කෙරෙහි ඔහු දැක්වූ භක්තිය, ආදරය සහ ගෞරවය කරණ කොට ගෙන ය. පත පොත මෙන් ම ලෝකය ද, සමාජය ද, මිනිසා ද හැදෑරීම කරණ කොට ගෙන ය. තමා නියැලෙන නිර්මාණකාර්යයේ විනය කරණ කොට ගෙන ය.”
මනෝරත්න, ජයලත්, අනාගතයට ප්‍රදීපස්ථම්භයක්,
සතිස්චන්ද්‍ර එදිරිසිංහ ප්‍රතිභාවලෝකනය සමරු කලාපය, 24 පිටුව, 2011
උපුටා ගැනීම පුෂ්කර වන්නිආරච්චි

