බලාපොරොත්තුවක වටිනාකම
මේ චිත්‍රපටය ජනතාව අතරට ආවත් මුලදි මහා ලොකු වාර්තා තියලා අතිශයින් ජනප්‍රියත්වයට පත් වුණේ නෑ. ඉතාමත් සෙමින් තමයි ප්‍රේක්ෂකයන් අතරට ගියේ….
ඒත් IMDB දර්ශකයට අනුව ලොව හොඳම චිත්‍රපටය මෙයයි.එය එම දර්ශකයට අනුව ලබාගත හැකි උපරිම ලකුණු සංඛ්‍යාව වන 10 න් 9.3 ක් ලබාගෙන තිබෙනවා.මේ වනතෙක් මිනිසා නිපැයූ කිසිදු සිනමා නිර්මාණයකට එම අගය පසුකර යන්න පුළුවන් වෙලා නැහැ.
Shawshank Redemption දෙන වැදගත්ම පණිවිඩය මොකක්ද?
වතාවක් මම ඒ Film එක බැලුවම මට ඒකෙන් හොයාගන්න පුළුවන් වෙච්ච වැදගත්ම දේ බලාපොරොත්තුව කියන සංකල්පය.
ඉතිං මං දෙවනි වතාවටත් ඒක බැලුවා තවත් වැදගත් යමක් සොයාගැනීමේ බලාපොරොත්තුවෙන්….
ඒත් මට ආයිත් මුණගැහුණෙ බලාපොරොත්තුවමයි.
“Remember Red…..
Hope is a good thing. May be the best of things. No good thing ever dies….”
ඉතිං බලාපොරොත්තුවට වඩා වැදගත් යමක් තියෙන්න පුළුවන්ද? අපේ මුළු ජීවිතයම මේ මුළු මානව ශිෂ්ටාචාරයම ගොඩනැගුණෙ බලාපොරොත්තුව මත…..
අපි උදේම නැගිටින්නේ බලාපොරොත්තු එක්ක….
අපි රෑට නිදාගන්නෙ බලාපොරොත්තු එක්ක….
අපි මොකක්හරි අලුත් දෙයක් කරන්නේ බලාපොරොත්තු එක්ක…..
අඩුම තරමින් මිනිසකු මියයන්නෙත් ස්වර්ගය හෝ නැවත උපතක් පිළිබඳ බලාපොරොත්තුවත් සමඟින්
ඒ කිසිවක් විශ්වාස නොකරන මිනිසකු ත්….?
ඔව් ඒ අයත් මරණයෙන් මේ හැමදේම අවසන් වෙනවා කියන බලාපොරොත්තුවෙන් තමයි මිය යන්නේ….
කිසියම් හෝ බලාපොරොත්තුවක් නොමැති ජීවිතයක් පිළිබඳ පෘථග්ජන මිනිහෙකුට හිතාගන්නවත් බැරි තරමටම බලාපොරොත්තුව අපේ ජීවිතවලට අවශ්‍ය දෙයක්….
සමහරක් වෙලාවට අපි ජීවත් වෙන්නෙම බලාපොරොත්තු නිසා
ජීවිතේ කටුකම අවස්ථාවන් අපි පහු කරන්නේ අපි ළඟ තියෙන හොඳ බලාපොරොත්තු නිසා…..
ඔයාටත් හිතෙනවානම් බලාපොරොත්තුවක් මොනතරම් බලවත්ද කියලා දැනගන්න මේ චිත්‍රපටිය ඔයාට ඒක පෙන්නයි කියලා මට හිතෙනවා.
නිදහස් ජීවිතයක් වෙනුවෙන් මිනිසකුගේ බලාපොරොත්තුව……………
උපුටා ගැනීම සිනමා වේදීන් ෆේස්බුක් සමුහයෙන්,
ලියන්නේ Kavishka Sembapperuma





