ඉන්දියාවේ ප්‍රමුඛ පෙළ සිනමා නිර්මාණකරුවන්, සිනමා හා කලා සංවිධාන, ජන මාධ්‍ය ආයතන, සිනමා රසිකයින් අඛණ්ඩව ඉදිරිපත් කළ විරෝධතාවයන් මෙන්ම, මධ්‍යම රජයේ වාරණය ඉවත දමමින් ප්‍රදර්ශනය තහනම් කළ සියලුම සිනමාපට කේරළ උළෙල තුළ ප්‍රදර්ශනය කිරීමට කේරළ ප්‍රාන්ත රජයේ සංස්කෘතික කටයුතු ඇමතිවරයා පියවර ගන්නා බවට කළ දැඩි ප්‍රකාශයත් හේතුකොටගෙන, මෙතෙක් ප්‍රදර්ශනය අත් හිටුවා තිබූ සියලු සිනමාපට උදෙසා තිරගත කිරීමේ අවසරය (CENSOR EXEMPTION) ලබා දීමට ඉන්දියානු මධ්‍යම රජයේ තොරතුරු හා විකාශන අමාත්‍යංශය අද සවස පියවරගෙන තිබුණි. ඒ අනුව අද (17) රාත්‍රී 9.45 ටත් , එළෙබෙන 19 වෙනිදා උදෑසන 11.15 ටත් “රිවර්ස්ටන්” චිත්‍රපටය කේරළ අන්තර්ජාතික සිනමා උළෙලේදී ප්‍රදර්ශනය කෙරේ.
චීනයේ- ෂැංහයි, බ්‍රසීලයේ – සාඕපාවුලෝ, ඉන්දියාවේ- කොල්කටා, ඕස්ට්‍රේලියාවේ- ඒෂීයා ෆැසිෆික් ස්ක්‍රීන් අවෝර්ඩ්ස්, ඉරානයේ- ෆෑජ්, සිංගප්පූරුවේ- සිංගප්පූරූ, ඉන්දියාවේ- චෙන්නායි ආදි උළෙල නියෝජනය කරමින් ජාත්‍යන්තරය සම්මාන 06 කින් පිදුම් ලැබූ රිවර්ස්ටන් චිත්‍රපටය නියෝජනය කරන 09 වෙනි ජාත්‍යන්තර උළෙල කේරළ වේ.
ප්‍රභාත් රෝෂන් හා නිමන්ති පෝරගේ එක්ව නිෂ්පාදනය කළ සහ ලලිත් රත්නායක අධ්‍යක්ෂණය කළ “රිවර්ස්ටන්” චිත්‍රපටය, යූල්කේ ෆිල්ම්ස් පුද්ගලික සමාගම වෙනුවෙන් උදිත ලක්මාල් කහඳවආරච්චිගේ ඉදිරිපත් කිරීමක් ලෙසින් කේරළ අන්තර්ජාතික සිනමා උළෙල නියෝජනය කරනු ලබයි.
සටහන- උදිත ලක්මාල් කහඳවආරච්චි

