“සනාතන යුතුකම් හමුවේ අනුරාගයට බිලි වූ ආදරයක් “
වසන්ත ඔබේසේකර මහතා විසින් නිර්මාණය කරන ලද 1998 වර්ෂයේ තිරගත වූ “දොරකඩ මාරාව.” චිත්‍රපටයේ ප්‍රචාරක පාඨය වූයේ එයයි. මේ චිත්‍රපටයට පාදක වූයේ අලුත විවාහ වී මධුසමය ගත කිරීමට පැමිණි තරුණ යුවලක් එදින රාත්‍රියේම රිය අනතුරකින් මියයෑමේ සිදුවීමක් ඇතුලත් කතා පුවතක්. මෙය ඒ වකවානුවේ මෙරට සිදුවූ සත්‍ය සිදුවීමක් .
මෙම චිත්‍රපටයේදී වසන්ත මහතා චිත්‍රපටයක කතාව ගලාගෙන යාමේ මුල, මැද, අග සම්මත A -Z ආකෘතිය වෙනස් කරනවා. මෙම ක්‍රමය ඔහුගේ “කැඩපතක ජායා” , “මාරුතය” වැනි චිත්‍රපටවලත් යොදාගනු ලැබූවා.

තරුණ යුවලගේ මරණයට හේතුවූ ආසන්නතම කාරණාව තව දුරටත් ගෙන හැර පෑමට අධ්‍යක්ෂවරයා උත්සාහ නොකරන අතර මේ සිද්ධියට හේතුවූ වෙනත් වැදගත් කරුණු විමසා බැලීමට පමණක් ඔහු උත්සාහ දරනවා. සත්‍ය සිදුවීමක් ඇසුරින් තැනූ චිත්‍රපටයක් නිසා ඒ පිළිබඳව දැනුවත් වී පැමිණෙන ප්‍රේක්ෂකයාට පුද්ගල හා සමාජ සම්බන්ධතා තල කීපයක් ඔස්සේ ඉදිරිපත් කිරීමට වසන්ත සමත් වෙනවා. චිත්‍රපට ආකෘතියක මූලිකම අංගය වන කාලය හා අවකාශය (Time and Space) මනාව හසුරුවමින් ප්‍රේක්ෂකයින්ට සිතන්නට යමක් ඉතිරි කිරීමට වසන්ත සමත් වෙනවා. සම්මත මුල, මැද, අග සිනමා ආකෘතිය බිඳ දැමීම මේ සඳහා ඔහුට රුකුලක් වෙනවා.
මේ චිත්‍රපටයේ ප්‍රධාන චරිත රඟපාන සනත් සහ සංගීතා තමන්ගේ චරිතවලට සාධාරණයක් ඉටු කරන බව කිව යුතුයි. මෙම ආකෘතිය “මාරුතය” චිත්‍රපටයේ යොදා ගැනීමේදී එය ශිල්ප හරඹයක් බවට පත්වී චිත්‍රපටයේ අන්තර්ගතයට හානි වූවත් “දොරකඩ මාරාව” චිත්‍රපටයේ එය සිදු නොවීමට වසන්ත වග බලා ගන්නවා.
“දොරකඩ මාරාව” සත්‍ය සිද්ධියක් ඇසුරින් නිර්මාණය වූ ප්‍රේක්ෂකයින්ට සිතන්නට යමක් ඉතිරි කල චිත්‍රපටයක්.
විශේෂ ස්තුතිය
මෙම ලිපිය සිනමාවේදීන් සමුහටයට ලියන්නේ Ruvinda Collure,