ලංකාවේ පළවෙනි චිත්‍රපටි හෝල් එක හැදෙන්නෙ 1903 විතර. ශ්‍රී ලංකාවේ පළවෙනි සිංහල චිත්‍රපටිය වෙන කඩවුනු පොරොන්දුව තිරගත වෙන්නෙ ලංකාවට නිදහස ලැබෙන්නත් කලින්, 1947 දී. ලංකාවේ පළවෙනි වර්ණ චිත්‍රපටිය බිහිවෙන්නෙ 1962.
ශ්‍රී ලංකාවේ මෙච්චර කාලෙක ආපු චිත්‍රපටි ගාන කොච්චරක්ද කියලා අපි නිකමට ගනන් කරන්න ට්‍රයි කරොත් එහෙමට ගානක් ලේසියෙන් කියන්න බැරි තරම් චිත්‍රපටි ලංකාවේ නිශ්පාදනය වෙලා තියෙනවා. කොටින්ම මේ අවුරුද්දට මේ වෙද්දි තිරගත වෙලා තියෙන චිත්‍රපටි සහ තිරගත වෙන්න පෝලිමේ චිත්‍රපටි පනහකට අධික ගානක් තියෙනවා.
ඒත් මේ වෙනකන් ශ්‍රී ලංකාවේ චිත්‍රපටි අධ්‍යක්ශිකාවෝ කී දෙනෙක් ඉන්නවද කියලා අපෙන් ඇහුවොත්, අපිට අපෙ අත් දෙකෙන් ගැනලා කියන්න පුලුවන් තරම් ඉතාම පොඩි ගානක් ඉන්නෙ. මට හොයාගන්න පුලුවන් උන තොරතුරු අනුව නම් දහයට අඩුයි.
ලෝක සිනාමාවේ, මුලින්ම කාන්තා අධ්‍යක්ශිකාවක් විදියට ප්‍රංශ ජාතික Alice Ida Antoinette Guy-Blaché චිත්‍රපටියක් අධ්‍යක්ශණය කරන්නෙ වර්ෂ 1896දී. “La Fée aux Choux” (The Cabbage Fairy)” තමයි චිත්‍රපටියෙ නම. අඛ්‍යාන චිත්‍රපටි කළාවේ ප්‍රමුඛ පුරෝගාමිනියක් විදියට තමයි ඇයව සැලකෙන්නෙ.
1965 දී සුවීප් ටිකට් අධ්‍යක්ෂණය කරපු ෆ්ලෝරීඩා ජයලත් මහත්මිය තමයි තමයි ලංකාවේ පළවෙනි කාන්තා අධ්‍යක්ෂකවරිය වෙන්නෙ. එතන ඉඳන් අවුරුදු පනහකට අධික කාලයක් ගිහිල්ලත් අපිට ඉන්නෙ අධ්‍යක්ශකවරියො අතින් ගණන් කරන්න පුලුවන් තරම් පොඩි පිරිසක්.
මේ ඉතාම මෑතකදි 2025 කාන්ස් චිත්‍රපටි උළෙලෙදි ප්‍රදර්ශනය කරන ලද “ගැහැණු ළමයි” චිත්‍රපටිය 1978 අධ්‍යක්ශණය කරපු සුමිත්‍රා පීරිස් මහත්මිය ලංකාවේ අද්විතීය කාන්තා අධ්‍යක්ෂකවරියක්.
දීර්ඝ චිත්‍රපටි එහෙමත් නැත්තම් feature films අධ්‍යක්ෂණය කරපු ෆ්ලෝරීඩා ජයලත්, රෝහිණි ජයකොඩි, රූබී ඩි මෙල්,සුමිත්‍රා පීරිස්,මාලනී ෆොන්සේකා,ඉනෝකා සත්‍යාංගනී,නජිනි දික් ඕවිට වගෙ ඉතා කුඩා පිරිසක තමයි මට මේ ලැයිස්තුව හදද්දි හම්බුනේ.
අනෝමා රාජකරුණා, ලංකා බණ්ඩාරනායක ඇතුලුව කෙටි චිත්‍රපටි අධ්‍යක්ශිකාවෝ යම් පිරිසක් මේ රටේ මේ වෙද්දි බිහිවෙලා තියෙනවා සහ ඔවුන් විසින් කවදා හරි ෆීචර් ෆිල්ම් හදයි කියන බලාපොරොත්තුව අපිට තියෙනවා.
සිනමාව ලංකාවෙ විතරක් නෙමෙයි බහුතර ගෝලීය උදාහරණ ඇතුලෙත්, තවමත් පුරුෂ ආධිපත්‍ය රජ කරන ක්ශේස්ත්‍රයක්. කාන්තාවන්ගේ දැක්ම සහ තීරණ වලට අගයක් මේ ක්ශ්‍රෙස්ත්‍රය ඇතුලේ හම්බ වෙන්නෙ හරි අඩුවෙන්. අනිත් අතට කාන්තාවෝ චිත්‍රපටි හදනවා නම් එක්කො හදන්නෝන “ගෑනුන්ගෙ කතා” විතරයි වගෙ එකක් මිනිස්සු අතර තියෙනවා. ගෑනුන්ට පුළුවන්ද මේ ෆීල්ඩ් වල තියෙන ටෆ් ශෙඩුල් වලට බහින්න, මාස ගනන් පවුල් වලින් අයින් වෙලා ෆිල්ම් පස්සෙ දුවන්න. එහෙම කතා තමා අපිට ඇහෙන්නෙ.
ඒ විතරක් නෙමෙයි බොහො වෙලාවට අඩු බජට් වලට යන වැඩ වලට තමයි කාන්තාවන්ට ඉඬ හම්බ වෙන්නෙ. ලිංගිකත්වය වගෙ මාතෘකා මේ රටවල වල ගෑනුන්ට ටැබූ. ගෑනු මේ ෆීල්ඩ් වල ශැඩෝ විදියට. එලියට පේන්න තරම් ලොකු නෑ. නමුත් සිනමාවේ ගෑනු ඉන්නවා. හැබැයි පෙන්නෙ නෑ. රංගන ශිල්පිනියෝ කියන කොටස ඇරුණම අනිත් හැම කොටසම හැංගිලා ඉන්නෙ. එහෙව් කොට ගෑනුන්ට චිත්‍රපටි අධ්‍යක්ෂණය කරන්න ලැබෙන අවස්ථා කියන්නෙ කණ කැස්බෑවෝ විය සිඳුරෙන් අහස බලන අවස්ථා. ඒ අව් අඩව් අස්සෙ ඉඳ හිට කෝම කෝම හරි චිත්‍රපටි හදන ගෑනු කියන්නෙ අනාගතේ චිත්‍රපටි හදන්න බලන් ඉන්න කෙල්ලන්ට මහා විශාල තාරකා.
මම මේ හෑල්ල ලියන්න පටන් ගන්නෙම එහෙම පොඩි බලාපොරොත්තුවත් ඇහැ ගැටුනු හින්දා, මේ අවුරුද්ද චිත්‍රපටි කර්මාන්තේට ෆීස්ට් එකක්. මේ වෙනකන් ආපු, ඉස්සරහට එන්න තියෙන චිත්‍රපටි මහ නායක් වගෙ කඬන් එනකොට, මේ අතරේ එක ගෑනු අධ්‍යක්ෂකවරියක්වත් ඉන්නවද කියලා මම හෙව්වා. එකම එක නමක් හම්බුනා. විනෝශා කිරිවන්දෙනිය. අළුත් නමක් අහලා පුරුදු නෑ. නමුත් චිත්‍රපටියක් එනවා. අධක්ශණය ගැහැණු කෙනෙක්.
චිත්‍රපටියෙ නම නම් “hello from the other side”, මට තාම චිත්‍රපටිය බලන්න අවස්ථාවක් හම්බුනේ නෑ. ප්‍රධාන නළුවා විදියට ඉන්නෙ, ක්ලැරන්ස් චිත්‍රපටියෙ දමිත්. ප්‍රධාන නිළියව නම් මට දැකලා හුරු නෑ. හුරු පුරුදු මූණවල් විදියට, සුජීව ප්‍රියලාල් වගේම මනෝජා ෆර්ණෑන්ඩො වත් මම අතරින් පතර දැක්කා.
මේ අවුරුද්දේ නාය යාමක් වගේ කඬා වැටුන චිත්‍රපටි කන්දක් අතරේ, එක ගැහැණු අධ්‍යක්ෂකවරියකගෙ නමක් වත් දකින්න ලැබුන එක මට පොඩි තාරකා එලියක් වගෙ දැණුනා.නොබලපු චිත්‍රපටියකට පේන කියන්න මට බැරි උනත්, කාන්තා අධ්‍යක්ශිකාවන් බිහිවෙන දකින්න ආස මට, විනෝශාගේ මේ ව්‍යායාමය ලේසි පහසු එකක් නොවෙන වග දන්න නිසාමයි මේ ගැන ලියන්න හිතුනෙ. විනෝශා අපි ඔයාගෙන් මැජික් ඉල්ලන්නෙ නෑ, ෆිල්ම් හදන්න. කෙල්ලන්ට මේ ෆීල්ඩ් එකට එන්න ආස හිතෙන්න ඔයාලා තව ෆිල්ම් හදන්න.

මේ රටෙ තව තවත් ගෑනුන්ට චිත්‍රපටි හදන්න හිතේවා කියලා ප්‍රාර්ථනා කරන ගමන් මම විනෝශට එයාගෙ අලුත් චිත්‍රපටිය වෙනුවෙන් සුබපතනවා.
ලියන්නේ Dini Fernando















































