Thudarum 2025 මලයාලම් චිත්‍රපටය කියන්නේ මෝහන් ලාල්ගේ Lucifer 2 එකෙන් පස්සේ එනකල් මඟ බලන් හිටපු එකක්. මලයාලම් කියන්නේ තනිකරම පිස්සුවක්,මැජික් එකක් කියලා ඔන්න ආපහු මේ සිනමා සිත්තමෙන් පෙන්නුම් කළා.
Poster එකෙන්ම පේනවා ඇති , මේකත් “Drishyam” චිත්‍රපටය වගේම එකක් කියලා. ඔව්, එහෙම හිතුවත් වැරැද්දක් නැහැ. මොකද මේකෙත් තියෙන්නේ තනිකරම කුතුහලය පිරුණු තාත්තා කෙනෙක් තමන්ගේ පවුල වෙනුවෙන් කරන සටනක් ගැන කතාවක්.. Spoil නොවෙන්න මම කතාව මෙව් විදියට කියන්නම්.
ශන්මුගම් කියන්නේ පරණ ඇම්බැස්ඩර් වර්ගයේ කාර් එකක් පදවගෙන පාඩුවේ රියදුරු රස්සාව කරගෙන යන බොහෝම සරල අහිංසක මනුස්සයෙක්. ශන්මුගම් තමන්ගේ පවුලට පස්සේ වැඩිපුරම ආදරේ ඔය පරණ කාර් එකට(සමහර වෙලාවට පවුලටත් වඩා කාර් එකට ආදරෙයි)
ඒක නිසා ශන්මුගම්ට හැමෝම කතා කරන්නේ “බෙන්ස්” කියලා. බෙන්ස්ගේ පවුලේ ඉන්නේ එයාගේ බිරිඳයි දුවයි පුතයි. බොහෝම සතුටෙන් මේ පවුල ජීවත් වෙනවා. ඒත් එක දවසක ඒ හැම දෙයක්ම කණපිට හැරෙන්න පටන් ගන්නවා
ඒකට හේතුව තමයි එක දවසක එක්තරා සිද්ධියක් නිසා බෙන්ස්ගේ කාර් එක පොලීසිය භාරයට ගන්නවා.(ඒ සිද්ධිය මොකක්ද කියලා චිත්‍රපටය බලාගෙන යද්දී තේරෙයි)..
බෙන්ස් සෑහෙන උත්සාහයක් ගන්නවා තමන් පණ වගේ ආදරේ කරන වාහනය බේරගන්න.. ඉතිං එතනින් පස්සේ….?
අයියෝ ඕකද කතාව කියලා හිතුණද? එහෙනම් එතනයි ඔයාලා වරද්දගන්නේ. මොකද මේ චිත්‍රපටයේ කතාවේ මුල් භාගය බොහෝම සැහැල්ලුවෙන් ගලාගෙන ගියත් එක තැනකදී ප්‍රේක්ෂකයාට දරුණුම පොලු පාරක් වදිනවා. තනිකරම හැම දෙයක්ම එතනින් පස්සේ වෙනස් වෙලා එක දිගටම පපුව ගැහෙන තරමට ඇස් වල කඳුලු පිරෙන තරමට කතාව උඩුයටිකුරු වෙනවා
මෝහන් ලාල් කියන්නේ “තාත්තා” කියන චරිතය බොහෝම ලස්සනට පෙන්වන අති දක්ෂ නලුවෙක්. ඒක මේ චිත්‍රපටය පුරාවටම දකින්න ලැබුණා.. අවාසනාවකට වගේ ලංකාවේ අපිටඅපිට මලයාලම් චිත්‍රපට සිනමා ශාලාවකටම ගිහින් බලන්න තියෙන අවස්ථාව සෑහෙන අඩුයි(නැතිම තරම්).. මේ චිත්‍රපටය බලද්දී නම් හිතුණේම Theater Experience එක ගන්න තිබුණා නම් කියලා
ඒත් ඔන්න අද මේ චිත්‍රපටය OTT Release වුණා.IMDB 8.1 ක අගයක් දැනට වාර්ථා කරලා තියෙනවා.Box Office ආදායම් අතින් බැලුවත් මේ චිත්‍රපටය අති සාර්ථකයි
එහෙනම් ඔන්න සති අන්තයේදී මේ අලුත්ම මලයාලම් සිනමා සිත්තම බලන්න කියලා හැමෝටම බය නැතිව එකෙන්ම Recommend කරනවා. බලපු අය අදහසක් දාගෙන යන්නත් අමතක කරන්න එපා
මේ අපුරු සටහන සමුහයට ලියන්නේ ලියනේ, රොෂාන් ජයසිංහ, ඔබට ස්තුතියි
සොඳුරු මලයාලම් සිනමාව හා අසිරිමත් කේරළය-Mollywood & Gods Own Country Kerala සමුහයට ස්තුතියි
