බහුචිතවාදියා(The Undecided)
ධාවන කාලය: පැය 1. මිනිත්තු 30 | වර්ණ/වෘතාන්ත
බහුචිතවාදියා(The Undecided) සිංහල භාෂාවෙන් ‘බහු’ යනු බොහෝ යන අරුත ද ‘චිත’ යන්නෙන් සිතුවිලි ද අදහස් වේ. ‘බහුචිතවාදියා ’ යන්නෙන් සරලව අදහස් වන්නේ ‘බොහෝ සිතුවිලි ඇති’ හෝ ‘තනි සිතින් තොර’ යන්නයි. නැත්නම් එක අදහසක් නොමැත්තා හෙවත් අතීරක පුද්ගලයා යන අදහසයි. බහුචිතවාදියා යන පදය නිර්මාණය කළේ සමකාලීන සමාජයේ තාරුණ්‍යයේ ස්වරූපය ප්‍රකාශ කිරීමටය. සමකාලීන ලාංකීය සමාජය තුළ තාක්ෂණික ගෝලීයකරණය හරහා සංස්කෘතික ධනවාදය ඔස්සේ අත්පත් කර දී තිබෙන ස්මාර්ට් ෆෝන්, ලැප්ටොප් සුඛෝපභෝගී වාහන, නිවාස සමග තාරුණ්‍යයේ ජීවන දෘෂ්ටිය බහුචිතවාදී ස්වරූපයකි. සමාජ මාධ්‍ය ජාල ආරම්භ වූ මුල් කාර්තුව තුළ සමකාලීන ලාංකීය තාරුණ්‍යය හා සමාජ ජීවිතයේ එක්තරා ස්වරූපයක පිළිඹිඹුවක් එහි දිස්වේ. විධිමත් අධ්‍යාපනයක් නොලැබීම නිසා රැකියා සුරක්ෂිත භාවයක් නොමැතිකමින් මුදල් සෙවීමේ පහසු මාර්ග සොයා විදේශ ගතවීමේ උන්මාදයෙන් පෙළෙන තරුණයෙකුගේ ජීවිතය හා ඊට ඈඳුණු ලබන සෙසු චරිත හරහා කෘතිය ගොඩනැගෙන අතර සමාජය බිහිසුණු දෙදරීමකට ලක්ව ඇති ස්වරුපයක් පිළිබිඹුවේ. ලංකාවෙන් පිටත සිට ලැබෙන තෑගි ඇණවුම් බෙදා හරින අන්තර්ජාලය පදනම් කරගත් ව්‍යාපාරයක් වන ගිෆ්ට්නෙට් හි බෙදාහැරීමේ සේවකයෙකු ලෙස සසිත සේවය කරයි. ආර්ථික පීඩනයන් සහ කලකිරීම් වලින් හහිරවී සිටින ඔහු විදේශගත වීමේ උන්මාදයකින් ජීවත් වේ. ඔහු මෙම තෑගි ලබන්නන් සමග විවිධ ක්‍රමවේද හරහා සබඳතා ගොඩනඟා ගනී. සමාජ මාධ්‍යය හරහා ගනුදෙනු පවත්වයි.
සම්මාන
01. ශ්‍රී ලංකාවේ 5 වැනි දෙරණ සිනමා සම්මාන උළෙල හෙට දවසේ හොඳම චිත්‍රපටයට හිමි සම්මානය.
(ලක්ෂ 50 රූපවාහිනී ප්‍රචාරණ අනුග්‍රහය සහිතව)
02. ජර්මනියේ බෙස්ටෙලර් ඉන්ඩිපෙන්ඩන්ට් සම්මාන උළෙල හොඳම ස්වාධීන චිත්‍රපටියට හිමි සම්මානය..
03. සරසවිය සම්මාන 34 වැනි උළෙලේ හොඳම කුළුඳුල් චිත්‍රපටය ලෙස ලෙස්ටර් ජේම්ස් පීරිස් ජූරි සම්මානය.
04. 8 වැනි සාර්ක් චිත්‍රපට උළෙල හොඳම අධ්‍යක්ෂණය සඳහා වූ විශේෂ ජූරි සම්මානය හා
හොඳම ශබ්ද නිර්මාණ සම්මානය.
05 . 40 වන මොස්කව් ජාත්‍යන්තර චිත්‍රපට උළෙල 2018 NETPAC තරඟාවලියේ සඳහා තේරීපත්විය.













































































