ඔස්කාර් දිනපු ඉන්දියාවේ “නාටු”

ජනප්‍රිය තෙළිඟු භාෂිත චිත්‍රපටයක් වන RRR හි Naatu Naatu ගීතය ඔස්කාර් සම්මානයක් දිනාගත් පළමු ඉන්දියානු චිත්‍රපට ගීතය බවට පත්වෙමින් ඉතිහාසගත වුණු වගයි.

එම ගීතයේ ආකර්ශනීය වේගය සහ නර්තන නිර්මාණය ලොව පුරා ප්‍රේක්ෂකයින් ආකර්ෂණය කර ඇත.

එම ගීතය අද වන විට youtube හි මිලියන 267ට අදික ප්‍රේක්ෂක ප්‍රමාණයක් නරබා ඇත.

හොඳම වාර්තා කෙටි චිත්‍රපට අංශයේ සම්මානය දිනාගත් The Elephant Whisperers සඳහා ද ඉන්දියාව දෙවන ඔස්කාර් සම්මානය දිනා ගත්තේය.

RRR හි එන Nattu Nattu නැටුම ඇතුලේ යන්නේ සුදු මහත්තුරු අතින් පීඩාවට පත් වෙන ඉන්දියානුවන් දෙන්නෙක්ගෙ නැටුමක්. සුදු නෝනලා අත්පුඩි ගහද්දි, සුදු මහත්තුරුන්ගෙ පස්සෙන් දුම් විසි වෙන්න, ඉන්දියන් තලෙලු හම තියෙන කොල්ලො දෙන්නෙක් නැටුමෙන් දාන ගේම තමයි RRR Film එකේ තියෙන Nattu Nattu සින්දුව ඇතුලේ තියෙන කතාව.

මේ චිත්‍රපටයේ මේ ගීතය සුදු මහත්තුරුන්ගේ සිනමාවේ මෞලි මංගල්‍යයයේ දී සම්මානයට නිර්දේශ වෙනවා. ඒත් එක්කම ගීතය ගයන්න, නැටුම නටන්න සුදු මහත්තුරුන්ගේ සිනමාත්මක මුදුන් මල් කඩේ දි RRR චිත්‍රපටය කරපු හාදයොන්ට අවස්ථාවක් ලැබෙනවා.

සින්දුව ගැයෙනවා. ඒත් එක්කම ඉන්දියන් කොල්ලො දෙන්නෙක් නටනවා. හැබැයි ගොඩක් දේවල් වෙනස්.

මේ ඔස්කාර් වේදිකාවෙ දි සුදු මහත්තුරු මේ තරුණයො දෙන්නට නැටුමෙන් සහය වෙනවා. සුදු මහත්තුරුන්ට අමතරව එක එක ජාතීන් වල උදවිය මේ සහයක නැටුම් කණ්ඩායමේ ඉන්නවා පේනවා. ඒ කවුරුත් මේ ඉන්දියන් කොල්ලො දෙන්න මැදි කරගෙන එකට නටනවා. එකට හිනාවෙනවා. එකට සතුටු වෙනවා. කිසි තරහක් මරහක් පේන තෙක් මානයක නෑ.

හැබැයි ඒත් අන්තිමට ඉන්දියන් කොල්ලො දෙන්න දිනනවා.

RRR ඔස්කාර් ආපු ගමනට සහ මේ Pop-Up වුණ උද්යෝගයට Geo Politics වල බලපෑමක් නෑ කියන එක මිත්‍යාවක්. දේශපාලනය හැම තැනකම තියෙනවා. හැබැයි වැඩේ කියන්නෙ, නිකන් හිතල බැලුවොත් ඔය ලැබෙන හැම සම්මානයක් පිටිපස්සෙම දේශපාලනය තියෙනවා. Oscar එකේ Criterias වල ඉඳලම Social Politics හොඳටම දුවනවා.

හැබැයි අපි තේරුම් ගන්න ඕන ඇත්ත තමයි Nattu Nattu ඇහෙද්දි නටන්නැති, කෑ ගහන්නෙ නැති, උඩ පනින්නෙ නැති සුද්දෙක් නැති තරමට ඕක පිස්සුවක් වුණා. ඒ පිස්සුව තමයි ඔය සම්මානය පිටිපස්සෙ තියෙන ප්‍රධාන රහස.

“මැණිකේ මගේ හිතේ” ඉන්දියාවට ගියාට පස්සෙ T Series එකෙන් යොහානිව බැඳ ගත්තා වගේ, SS Rajmouli ව බැඳගන්න Agencies කිහිපයක් සාකච්ඡා කරමින් ඉන්නවා කියලා පහුගිය කාලෙ කතාවක් ආවා. බොහෝ විට SSR ඊලඟට Mahesh Babu එක්ක කරන වැඩේ Produce කරන්නේ Hollywood වල Production House එකක් වෙන්න පුලුවන්. ඒකෙ Villain, හෝ වැදගත් සහය චරිතයක්, Hollywood නලුවෙක් කරන්නත් පුලුවන්.

කොහොම වුනත් ඉන්දියාවටත් දැන් සතුටුයි. ඉන්දියාව ලඟ ඉන්න අබැටයක් තරම් සයිස් රටේ අපටත් සතුටුයි. RRR ටීම් එක Oscar Stage එකේ දි සුදු මහත්තුරු එක්ක සතුටින් නටන හැටි පෙන්නපු නිසා ලොකු සුදු මහත්තුරුන්ටත් සතුටුයි. සුද්දොන්ගෙ කණට පාරක් දීලා, ඔලුව පොඩ්ඩක් අත ගෑවම, සම්මානෙත් හම්බවුණ නිසා RRR ටීම් එකටත් සතුටුයි.

දුකෙන් ඉන්නෙ ලංකාවෙ ඉන්න හොලිවුඩ් ෆෑන්ස්ලා හතර දෙනෙක් පස් දෙනෙක් විතර තමයි. ඔන්න ඔය ඉරිසියාව අත ඇරලා උඹලත් වරෙල්ලා. අපි නටමු !!

සටහන මහේල හෙට්ටිආරච්චි

Leave a Reply

Your email address will not be published. Required fields are marked *