ශ්‍රී ලංකා සිනමා අධ්‍යක්ෂවරුන්ගේ සංසදයේ දස වර්ෂ පූර්ණ සංවත්සරය නිමිත්තෙන් පැවැත්වෙන ” Aura – DGSL – සිනමාභිමාන 2023 සිනමා උළෙල” මාර්තු මස 13 වන දා සිට ආරම්භ වේ.
2012 වර්ෂයේදී ශ්‍රී ලංකා සිනමා අධ්‍යක්ෂවරුන්ගේ සංසදය නොහොත් Film Directors Guild of Sri Lanka (DGSL) යනුවෙන් දිවයිනේ මුල්වරට සියලුම සිනමා අධ්‍යක්ෂවරුන්ගේ සාමාජිකත්වයෙන් ගොඩ නැගුණු ස්වාධීන වෘත්තීය සංවිධානයක් බිහිවිය. එහි සමාරම්භක මහ සභා රැස්වීම පැවැත්වූයේ 2012 දෙසැම්බර් 04 වෙනි දින ශ්‍රී ලංකා පදනම් ආයතනයේදී ය.
ශ්‍රී ලංකා සිනමා අධ්‍යක්ෂවරුන්ගේ සංසදයේ ප්‍රධාන අරමුණ වන්නේ ශ්‍රී ලාංකේය සිනමාව සුරක්ෂා කරගනු පිණිස ජාතික ප්‍රතිපත්තියක් තුළ නියාමන කොමිසමක් සකස් කරගැනීමයි. අනෙකුත් අරමුණු වශයෙන්, සිනමා නිෂ්පාදනයට සම්බන්ධවන ආයෝජකයන්ට හිතකාමී බෙදාහැරීමේ ක්‍රමවේදයක් ස්ථාපනය කරගැනීම සහ ඒ වන විට රජයේ අවධානයෙන් මිදී ගොස් තිබුණු ශ්‍රී ලාංකේය සිනමා ප්‍රදර්ශනය පිණිස ඩිජිටල් තාක්‍ෂණවේදය හඳුන්වාදීම කඩිනම් කරගැනීමයි.
එලෙස ආරම්භ වූ ශ්‍රී ලංකා සිනමා අධ්‍යක්ෂවරුන්ගේ සංසදය විවිධ අධ්‍යක්ෂකවරුන්ගේ සභාපති ධුරය යටතේ ඉදිරියට පැමිණ මේ ගත වන්නේ දස වර්ෂ පූර්ණ සංවත්සරයයි.
එය සැමරීමට සමගාමිව Aura ලංකා සමඟින් එකතු වී 2023 මාර්තු 13 සිට 24 වෙනිදා දක්වා දිවයිනේ පුරා තෝරා ගත් සිනමාශාලා කිහිපයක මතු දකින ජනාකර්ෂණීය අති දක්ෂ සම්මානනීය සිනමා අධ්‍යක්ෂවරුන් අතින් නිම වූ සිනමා කෘති 9ක් ප්‍රදර්ශනය කරනු ලබනවා. එලෙස තිරගත වන සිනමාපට වන්නේ,
මාර්තු 13 සඳුදා දින
චන්න පෙරේරාගේ අධ්‍යක්ෂණය කරන ලද “සිහින අනන්තේ” චිත්‍රපටයයි.
මාර්තු 14 අඟහරුවාදා දින
දේවින්ද කෝන්ගහගේ අධ්‍යක්ෂණය කරන ලද “ගිරිවැසිපුර” චිත්‍රපටය.
මාර්තු 15 බදාදා දින
සුරංගද අල්විස් අධ්‍යක්ෂණය කළ “කිඩ්නැප්” චිත්‍රපටය.
මාර්තු 16 බ්‍රහස්පතින්දා දින
ජයන්ත චන්ද්‍රසිරි අධ්‍යක්ෂණය කරන ලද “මිදුනු විශ්වය” චිත්‍රපටය.
මාර්තු 20 සදුදා දින
ආචාර්ය සෝමරත්න දිසානයක අධ්‍යක්ෂණය කරන ලද “සිංහබාහු” චිත්‍රපටය. .
මාර්තු 21 අඟහරුවාදා දින
සුදේශ් වසන්ත පීරිස් අධ්‍යක්ෂණය කරන ලද “සීරුවෙන්” චිත්‍රපටය.
මාර්තු 22 බදාදා දින
ක්‍රිස් ඇන්තනී අධ්‍යක්ෂණය කරන ලද “පාස්පෝට්” චිත්‍රපටය.
මාර්තු 23 බ්‍රහස්පතින්දා දින
අරුණ ජයවර්ධන අධ්‍යක්ෂණය කරන ලද “1970 love story” චිත්‍රපටය.
මාර්තු 24 සිකුරාදා දින
උදයකාන්ත වර්ණසූරිය අධ්‍යක්ෂණය කරන ලද ” රිදී සීනු” චිත්‍රපටය.
” Aura – DGSL – සිනමාභිමාන 2023 සිනමා උළෙල” සඳහා ප්‍රදර්ශනය වීමට නියමිතව තිබෙනවා.
මේ යටතේ මෙතෙක් තිරගත නොවූ අති දැවැන්ත සිංහල චිත්‍රපට 09 ප්‍රේක්ෂක සැමට
මෙම සිනමාශාලාවන්හිදී රසවිඳීමට අවස්ථාව සලසා ඇත.
C C C –
කොළඹ, K C C – මහනුවර, P V R – කොළඹ, N I T – රත්නපුරය, ලිබර්ටි-
කොල්ලුපිටිය, N I T – කුරුණෑගල, මිලානො- කෑගල්ල, රීගල් – ගම්පහ,
ලිබර්ටි- කිරිබත්ගොඩ, ස්කයි ලයිට් – මාතර, සැවොයි ප්‍රිමියර් –
වැල්ලවත්ත, ස්කයි ලයිට් – මාළඹේ, ලයිට් සිනමා – හෝමාගම, විස්ටා ලයිට්- ජා
-ඇල, මැක්ස් ලයිට් – මොරටුව, වොක්ස් ලයිට් – අවිස්සාවේල්ල.
මෙම සිනමාශාලා 16 තුලදි සවස 6 – 6.30 අතර මෙම නවතම චිත්‍රපට ප්‍රදර්ශනය වනු ඇත. ශ්‍රී ලාංකේය චිත්‍රපට අධ්‍යක්ෂවරුන්ගේ සංසදය බලාපොරොත්තු වන්නේ ඔබේ ආසනය කල්වේලා ඇතිව වෙන්කර තබාගෙන, දේශීය සිංහල සිනමාවේ අභිවෘද්ධිය සඳහා ඔබේ දායකත්වය ලබා දේවි යන්නයි.
එමෙන්ම මෙයට සමගාමිව 2023 මාර්තු 17 වෙනිදා කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ සම්මන්ත්‍රණ ශාලාවේදී 60-70-80 දශකත්‍රයේ ජ්‍යේෂ්ඨ සිනමාවේදීන් 10 දෙනෙකු අගැයීම පිණිස “DGSL – සිනමාභිමාන 2023 නමින් සිනමා ප්‍රණාම උළෙලක් ද සංවිධානය කිරීම වර්තමාන 2023-2024 විධායක සභාව විසින් කරනු ලැබ තිබෙනවා. ඒ අනුව එදින සම්මාන ලබන්නේ,
සම්මත සිනමා රටාවේ පුරෝගාමී ජනකතාකරු තිස්ස ලියනසූරිය, පරපුරක පුරෝගාමියා සුගතපාල සෙනරත් යාපා, සිනමා ශූරයන්ගේ නොමැකෙන සූර්යයා ලෙසින් නීල් රූපසිංහ, සිනමා රූපයේ කිවිතාව මහාචාර්ය සුනිල් ආරියරත්න, චෛතසික සෞන්දර්යයේ සිනමා ගමන්කරු ආචාර්ය ධර්මසිරි බණ්ඩාරනාය, චිරාගත ජනප්‍රියත්ව සම්ප්‍රදායේ සිනමා සලකුණ සේන සමරසිංහ, ලොවක් මවුබිමට යාකළ සිනමාවේදියා චන්ද්‍රන් රත්නම්, සිනමා රූපයේ මාලාකාරිය ආචාර්ය මාලනී ෆොන්සේකා, ජනාකාර්ෂණයේ නොසිඳුණු උල්පත හේමසිරි සෙල්ලප්පෙරුම සහ සිංහල සිනමාවේ කිවිඳිය ආචාර්ය සුමිත ්‍රා පීරිස්.
අනුෂා රණසිංහ
