මාරියා චිත්‍රපටයට රුසියාවේදී හොදම චිත්‍රපටයට හිමි සම්මානය

රුසියාවේ yalta Eurasian bridge අන්තර්ජාතික සිනමා සම්මාන උළෙලේ හොදම චිත්‍රපටය
වශවයෙන් අරුණ ජයවර්ධන අධයක්ෂණය කළ, ඉන්රජිත් සිල්වා නිෂ්පාදනය කෙරූ මාරියාසිංහල චිත්‍රපටය පසු ගියදා සම්මනයට පාත්‍ර විය.

සම්මාන උළලේතරඟකාරී අංශයේ අවසන් වටයට චිත්‍රපට 8 තෙරී පත් වී තිබූ අතර, ඒ
අතරින් එම උළලේ හොදම චිත්‍රපටය ලෙස තේරී පත් වූවේ මාරියා සිංහල චිත්‍රපටයයි.

මහේන්ද්‍ර පෙරේරා,හේමාල් රණසිංහ , අශාන් ඩයස්, ධර්ශන් ධර්මරාජ්, දසුන් පතිරණ, ප්‍රියන්තසිරිකුමාර සහ සුරන් දසනායක යන අය මෙහි චරිත නිරූපණයෙන් දායක වේ.

චන්න දේශප්‍රිය කැමරාකරණයෙන්ද, ඩිලන්ත පෙරේරා සංස්කරණයෙන්ද, අසංක වික්‍රමසිරි
වර්ණ සංයෝජනයෙන්ද, මැක්ලේන් ඇඩම් සහාය කැමරාකරණයෙන්ද, චින්තක ජයකොඩ්
සංගීතයෙන්ද, සශික රුවන් මාරසිංහ ශබ්ද සැලසුම්කරණයෙන්ද, දමින්ද මඩවල සහාය
අධ්‍යක්ෂණයෙන්ද , සුනිල් ප්‍රේමරත්න කලා අධ්‍යක්ෂණයෙන්ද, ප්‍රියංක රත්නායක අංග
රචනයෙන්ද, ගිහාන් පෙරේරා නිෂ්පාදන කළමණාකරණයෙන්ද මෙම කෘතියට දායකත්වයසපයයි.

මීට අමතරව මේ වන විට ලෝකයේ තවත් ප්‍රධාන චිත්‍රපට උළෙලක් වන වියට්නාමයේ
හැනෝයි අන්තර්ජාතික සිනමා උළෙලේ තරඟකාරී අංශයට ද මෙම චිත්‍රපටය තේරී පත් වීඇත. ඒ අනුව නොවැම්බර් මස මුල් භාගයේදී අධ්‍යක්ෂ අරුණ ජයවර්ධනට, නිෂ්පාදක
ඉන්ද්‍රජිත් සිල්වාට සහ රංගන ශිල්පී හේමාල් රණසිංහට එම උළෙලට සහභාගි වීනට ආරාධනා ලැබී ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *