Monalisa (මෙ‍ානාලිසා)

අනුෂ්ක රසාංජන ද සිල්වාගේ පළමු සිනමා අධ්‍යක්ෂණය වන ජනිඳු රාජකරුණා , අනුෂ්ක රසාංජන ද සිල්වා සමඟ අරෝෂ් අරුණ නිෂ්පාදන දායකත්වයෙන් නිර්මාණය වුණු මොනාලිසා කෙටි චිත්‍රපටය පසුගිය 21 වෙනිදා , cine 21 you tube නාළිකාව හරහා අන්තර්ජාලයට නිකුත් කරනු ලැබුවා.

ජනප්‍රිය යොවුන් රංගන ශිල්පිණි රෙබේකා දිල්රුෂි සමඟින් හදුන්වාදෙන නවක රංගන ශිල්පී සංජන පෙරේරා ප්‍රධාන චරිත නිරූපණය කරන මොනාලිසා කෙටි චිත්‍රපටය ආදර හා නාට්‍යමය ශනාරයේ කෙටි චිත්‍රපටයක් වනවා.

කතාව /තිරරචනය හා අධ්‍යක්ෂණය – අනුෂ්ක රසාංජන ද සිල්වා
නිෂ්පාදනය – ජනිඳු රාජකරුණා ,අනුෂ්ක රසාංජන ද සිල්වා හා අරෝෂ් අරුණ
රංගනය – රෙබේකා දිල්රුක්ෂි , සංජන පෙරේරා
කැමරා අධ්‍යක්ෂණ – පූර්ණ දීගොඩගමගේ
වර්ණ සංයෝජනය හා සංස්කරණය – අකිල ශමෙන්ධ්ර
සහාය අධ්‍යක්ෂණය – වින්සිත විනෙත් කුමාරපේලි
සංගීත අධ්‍යක්ෂණය – හෂාන් සොයිසා
වේශ නිරූපණය සහ කොණ්ඩා මෝස්තර සැකසීම – Shyama Bridals & Dress Designers

මෙවැනි නිර්මාණයන් කරන්නට තව තවත් හැකිවේවා යැයි හෙළවුඩ් අපි මෙ‍ානාලිසා කෙටි චිත්‍රපට කණ්ඩායමට සුභ පැතුම් එක්කරන අතර අපේ රටේ සිනමාවට මෙවැනි හෝ දායකත්වයක් ලබාදීම වෙනුවෙන් ඔවුන්ව අගයකොට සිටිනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *