“ද නිව්ස්පේපර්” ලංඩන් රේන්බෝ සිනමා උළෙලේ තරගකාරී අංශයට…

එළෙඹෙන මැයි 29 වෙනිදා සිට ජූනි මස 05 වෙනිදා දක්වා එංගලන්තයේ ලංඩන් නුවර පැවැත්වෙන 23 වෙනි රේන්බෝ සිනමා උළෙලේ (Rainbow Film Festival) තරගකාරී අංශය නියෝජනය කිරීමේ අවස්ථාව සරත් කොතලාවල හා කුමාර තිරිමාදුර සමව අධ්‍යක්ෂණය කළ “ද නිව්ස්පේපර්” චිත්‍රපටයට හිමිව තිබේ. 

චීනය, ඉන්දියාව, බල්ගේරියාව, බංගලාදේශය ආදි රටවල් නියෝජනය කරමින් දීර්ඝ වෘත්තාන්ත සිනමාපට 17 ක් ශ්‍රී ලංකාවේ “ද නිව්ස්පේපර්” සමග, හොඳම චිත්‍රපටය”, “හොඳම මානුෂීය චිත්‍රපටය”,   “හොඳම අධ්‍යක්ෂණය”, “හොඳම තිර කතාව” යනාදි සම්මාන වෙනුවෙන් තරග වදී. ඒ අනුව එළෙඹෙන 30 වෙනිදා සවස 4.00 ට ලංඩනයේ බ්‍රැඩී කලා හා ප්‍රජා මධ්‍යස්ථානයේදී  “ද නිව්ස්පේපර්” මහජනතාවට ප්‍රදර්ශනය කෙරේ. 

2000 වසරේ ආරම්භ වූ රේන්බෝ සිනමා උළෙලේ ශ්‍රී ලාංකේය චිත්‍රපටයක් තිරගතවන 07 වෙනි අවස්ථාව මෙය වේ. මීට පෙර 2007 දී ඉර මැදියම (ප්‍රසන්න විතානගේ) හා උඩුගංයාමය (සුදත් දේවප්‍රිය) යන නිර්මාණ තරගකාරීත්වයෙන් බැහැරවද, 2008 දී සංකාරා (ප්‍රසන්න ජයකොඩි), 2010 දී බින්දු (සෝමරත්න දිසානායක), 2014 දී සිරි පැරකුම් (සෝමරත්න දිසානායක) හා 2020 දී සුනාමි (සෝමරත්න දිසානායක) යන නිර්මාණ තරගකාරී අංශය යටතේද උළෙලේ තිරගත විය. 

තමර සිනෙරු වෙනුවෙන් බන්දුල ගුණවර්ධන නිෂ්පාදනය කළ “ද නිව්ස්පේපර්” චිත්‍රපටය, රේන්බෝ උළෙලට ඉදිරිපත් කිරීම හා සම්බන්ධීකරණය යූඑල්කේ ෆිල්ම්ස් පුද්ගලික සමාගම වෙනුවෙන් උදිත ලක්මාල් කහඳවආරච්චිගෙනි. 

සටහන උදිත ලක්මාල් කහඳවාරච්චි

Leave a Reply

Your email address will not be published. Required fields are marked *