ඉන්දීය නිළි පල්ලවී සුභාෂ් ශ්‍රී ලංකන් ගුවන් සේවයට අයත් UL 142 ගුවන් යානයෙන් අද( 18) උදෑසන මෙරටට පැමිණියා.

ගුවන් තොටුපළ පරිශ්‍රයේදී ඇයව පිළිගනු ලැබුවේ ලංකා මානවහිමිකම් බලාත්මක කිරීමේ කවුන්සිලයේ විශේෂ සේවාවන්හි අධ්‍යක්ෂ තිලක් ධර්මසිරි මහතා සහ සිද්ධිවිනායක් සිනෙ ආර්ට්හි සභාපතිනි, සෙකන්ඩ් ෂෝ චිත්‍රපටයේ සම නිෂ්පාදිකා කෞෂල්‍යයා වික්‍රමසිංහ විසින්.

“ඩාර්ක් රුම් ක්‍රියේෂන්ස්” වෙනුවෙන් කෞශල්‍යා වික්‍රමසිංහ ප්‍රථමවරට සම නිෂ්පාදනයෙන් දායක වූ ගනේෂ් මහදේවන් නිෂ්පාදනය කළ ඉන්දීය දමිළ ජාතික A.T Gnanam විසින් කුලුඳුලේ අධ්‍යක්ෂණය කළ ” සෙකන්ඩ් ෂෝ” චිත්‍රපටයේ පුර්ව ප්‍රචාරක පටය සහ ගීත එළිදැක්වීම අද රාත්‍රී 7.00ට කොළඹ සිනමන් ලේක්සයිඩ් හෝටලයේදී පැවැත්වෙනවා.

එමෙන්ම පසුදින (19) සවස 4.00ට බත්තරමුල්ල ලයිට් ඔෆ් ඒෂියා සෙන්ටර්හිදී මාධ්‍යය සාකච්ජාවක් පවත්වනු ලැබනවා.

ශ්‍රී ලංකා – ඉන්දියා සම නිෂ්පාදනයෙන් නිර්මාණය වූ “සෙකන්ඩ් ෂෝ” චිත්‍රපටය ජුනි අග මාසයේදී ලොවපුරා තිරගත වීමට නියමිතයි. මෙය “Suspense, Thriller, Fantacy” ශානරවලට අයත් මෙම චිත්‍රපටයක්.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *