ගගන් මලික් තාවකාලික පැවිදි දිවියකට

සිද්ධාර්ථ ගෞතම චිත්‍රපටියේ සිදුහත් චරිතයට පණ පෙවූ ගගන් මලික් තාවකාලික පැවිදි දිවියට.

ඔබ වහන්සේට මේ බුද්ධ ශාසනයේදීම උතුම් මඟඵල පූර්ණය වේවා.

චිත්‍රපටියේ රංඟනයෙන් පසුව ඔහුට බුදු දහම ගැබුරින් අධ්‍යනය කිරීමට සිතුන බවත් මෙයින් ලද ආභාෂයෙන් තමා මේ වනවිට බ්‍රහ්මචාරී දිවි පෙවතක් ගත කරන බවටත්, ඔහු ප්‍රකාශ කර තිබූ අතර නිසි අධ්‍යාපනයකින් පසුව ඔහු මේ ලෙස තාවකාලික මහනදම් පිරීමට සිතාගත් බව සදහන්.

පෙබරවාරි 8 වැනිදා පැවිදි වීම සිදු වූ අතර තායිලන්තයේ Wat That Thong නම් තාවකාලික මහනදම් පිරීම වෙනුවෙන් ස්ථාපිත විහාරස්ථානයේදී ඔහු මේ ලෙස පැවිදි දිවියට දින 15ක කාලයකට ඇතුළු වී තිබෙනවා . දින 15 පසුව ඔහු ඉදිරියටත් පැවිදි ජීවිතයේ සිටීම පිළිබද ඔහු තීරණය කරාවි.
“මට අවශ්‍යයි ඉන්දියාව පුරා බුදු දහම ප්‍රචලිත කරන්න මේ මගේ ඒ බලාපොරොත්තුවේ මුල් ආරම්භය,පමනයි.. ” යනුවෙන් ඔහු මාධ්‍යට පවසා තිබුනා..

සටහන – ප්‍රනීත් ධනංජය ඉලුක්පිටිය

Leave a Reply

Your email address will not be published. Required fields are marked *