රවීන්ද්‍ර රන්දෙණිය – හෙළ තිරයේ අනන්ත රංග පෞරුෂය

ලියනගේ බොනිෆස් වෝල්ටර් පෙරේරා, ඒ නාමය හෙළ තිරයේ අනන්ත රංග පෞරුෂයයි. 1945 ජූනි 5 වනදා කැළණියේ උපන් බොනිෆස් හෙළ තිරයේ දර්ශනය වූයේ රවීන්ද්‍ර රන්දෙණිය නමින්. තරුණ කල කඩවසම් ව්‍යාපාරිකයෙක් වූ රවීන්ද්‍ර රංගනයට අත්පොත් තැබුවේ ලයනල් වෙන්ඩ්ට් රංග ශිල්ප ශාලිකාවෙන්. 70 දශකයේ මුල් යුගයේ මූදු පුත්තු නාට්‍යයෙන් වේදිකාවට  පිවිසි රවීන්ද්‍ර, සිනමාවට මඟ හෙළි කරගත්තේත් එම නාට්‍යයෙන්මයි. එදා ‘මූදු පුත්තු’ නැරඹීමට පැමිණි මනික් සන්ද්‍රසාගර රවීන්ද්‍රව සිනමාවේ ස්ථාපිත කළේ සිය ‘කළු දිය දහර’ චිත්‍රපටයෙන්. එදා පටන් හෙළවුඩයේ දිගු දුරක් යාමට අධිෂ්ටාන කරගත් රවීන්ද්‍ර තම රංගන දායකත්වයෙන් හැඩ කළ සිනමා පට ගණන විශාලයි. ඒකාකාරී චරිත වලට කොටු නොවූ ඔහු තමන්ගේ ධාරිතාවන් රිසි සේ භාවිතා කළ රංගධරයෙක්.

එමෙන්ම පෙම්වතාගේ, වීරයාගේ චරිත සඳහා අතිශය සාධාරණයක් කරද්දී දුෂ්ට චරිත සඳහා පෙන්වූ විශිෂ්ට කැප කිරීම හෙළවුඩයට අමරණීය මතකයන් එක් කිරීමට සමත් වුනා. දුෂ්ට චරිතයන් සඳහා එසේ ප්‍රාතිහාර්ය පාද්දී රවීන්ද්‍ර ජාත්‍යන්තර සිනමා නළුවෙකු ලෙස God King, Mother Theresa වැනි චිත්‍රපට ඔස්සේ ලංකා නාමය ඉහළින් ඔසවා තැබුවා.

මෙවර අපි ගෙන එන්නේ රවීන්ද්‍ර රන්දෙණියගේ චිත්‍රපට 5ක්

සිරිපාල හා රන් මැණිකා
වීර පුරන් අප්පු
බඹර පැටික්කි
සුරබිදෙන
ආදර හසුන

මේ සියල්ල ඔබ නිවසේ රැඳෙන උඳුවප් මාසයේදී.  HOME MENU > SVOD > HELAWOOD THARAKAWALOKANA 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *