අද සිට නිහඩ සෙවණැලි…

“නිහඩ සෙවනැලි ” නොවැම්බර් මස 11 වනදින සිට EAP මණ්ඩලය ඇතුළු දිවයින පුරා සිනමාහල් රැසක තිරගත වීමට නියමිතයි.

ටවුමේ ඉස්කෝලේ චිත්‍රපටය ඔස්සේ අධ්‍යක්ෂණයට පිවිසි සුනිල් ප්‍රේමරත්නගේ තුන්වැනි සිනමා නිර්මාණයයි “නිහඬ සෙවනැලි” .

නිහඬ සෙවනැලි තුළින් ප්‍රේක්ෂකයින්ට සමීප වන්නේ පරිසරයට සහ සොබාදහමට දැඩිව ආදරය කරන වනජීවී නිළධාරියෙක් වටා ගෙතුණු ත්‍රාසය, භීතිය පිරි චිත්‍රපටයක්.

පුබුදු චතුරංග, රොෂාන් රණවන, මාෂි සිරිවර්ධන, තාරුකා වන්නිආරච්චි, කුමාර තිරිමාදුර, ධනංජි තාරුකා, මීනා කුමාරි වැනි ප්‍රවීන රංගන ශිල්පින්, ශිල්පිනියන් රැසක් රංගන දායකත්වය සපයා ඇති මෙම සිනමාපටයේ සම තිරරචනය හරිත් වාසල සහ සුනිල් ප්‍රේමරත්න විසින්.

කේ.ඩී. දයානන්ද කැමරා අධ්‍යක්ෂණයෙන් ද, උපුල් නිශාන්ත නිශ්චල ඡායාරූපකරණයෙන් ද, දර්ශන වික්‍රමතුංග සංගීතයෙන් ද “නිහඬ සෙවනැලි” සඳහා දායකත්වය ලබා දී තිබෙනවා.

නිහඬ සෙවනැලි ලාංකීය සිනමාවට නිෂ්පාදනය කරන්නේ ජානක රංචාගොඩ

Leave a Reply

Your email address will not be published. Required fields are marked *