සිනාසෙන රෝස මල් ජාත්‍යන්තරය ජය ගනී…

මලිඳු කාවින්ද කුමාරසිංහ විසින් අධ්‍යක්ෂණය කරන ලද Smiling Roses කෙටි වාර්තා චිත්‍රපටය 2021 වසරේ  ඕස්ට්‍රේලියාවේ Focus on Ability ජාත්‍යන්තර කෙටිචිත්‍රපට උළෙලේ International Most Online Votes තරඟ අංශය නියෝජනය කළ රටවල් 21ක චිත්‍රපට 97කින් ජයග්‍රාහී චිත්‍රපටය ලෙස සම්මානයට පාත්‍ර වී තිබේ.

මෙම චිත්‍රපට උළෙල ශාරීරික මානසික ආබාධ සහිත වූවන්ගේ හැකියාවන් හා ඔවුන්ව දිරිමත් කිරීම අරමුණු කරගත් චිත්‍රපට උළෙලකි. පවතින කොවිඩ් වසංගත තත්වය හමුවේ මෙවර කෙටිචිත්‍රපට සම්මාන උත්සවය පැවැත්වුණේ මාර්ගගත ආකාරයෙනි.

ඒ අනුව සම්මානයට පාත්‍ර වූ මලිඳු කාවින්ද කුමාරසිංහගේ Smiling Roses කෙටි වාර්තා චිත්‍රපටය ධෛර්යමත් කාන්තාවක් පසුබිම් කරගෙන නිර්මාණය වූවකි. එමෙන්ම චිත්‍රපට උළෙලේ තේමාවට අදාළව විනාඩි 5ක කාල සීමාවකට යටත්ව නිර්මාණය කරන ලද මෙම සිනමාපටය ඔහු විසින් රූගතකර ඇත්තේ ජංගම දුරකථනයෙනි.

එමෙන්ම ඔහු විසින් නිර්මාණය කළ A Day After Revolution කෙටිචිත්‍රපටය ද ඉන්දියාවේ Ashaa International Film Festival – 2021 හි හොඳම අධ්‍යක්ෂණය සඳහා සම්මානයට පාත්‍ර විය.

මලිඳු කාවින්ද කුමාරසිංහ කැලණිය විශ්වවිද්‍යාලයේ සිනමා හා රූපවාහිනී විශේෂවේදී උපාධිය හදාරා තිබෙන අතර දැනට ශ්‍රී ලංකා විවෘත විශ්වවිද්‍යාලයේ නීතිවේදී උපාධි පාඨමාලාව හදාරමින් සිටියි. ඔහු කොළඹ ආනන්ද විද්‍යාලයේ, කුලියාපිටිය මධ්‍ය විද්‍යාලයේද ආදි ශිෂ්‍යයෙකි.

මලිඳු කාවින්ද වැනි තවත් තරුණ නවක නිර්මාණකරුවන්ට, මේ හෙළවුඩය ජාතියන්තරයට ගෙන යන්නට හැකියාව දක්ෂතාවය තව තවත් ලැබේවා, සහ මලිඳු කාවින්ද ඉදිරියේදී හෙළවුඩ් සිනමා Talkies කතාබහකට යොමු කර ගනිමින් ඔහුගේ තවත් නිර්මාණ ගැන කතා කිරීමට හෙළවුඩ් සතියේ සිනමාවේන් අප ඔහුට ආරාධනා කර සිටිනවා.

https://www.focusonability.com.au/FOA/films/2281.html

Leave a Reply

Your email address will not be published. Required fields are marked *