හොලිවුඩ් ගිය ශ්‍රී ලාංකිකයකුගේ FREE BY NOON සිනමාපටය හෙට (15) ලොස් ඇන්ජලීස් නගරයේදී තිරගත වෙයි…

අමෙරිකාවේ දී ශ්‍රී ලාංකිකයකු විසින් නිර්මාණය කරන ලද චිත්‍රපටයක් මේ මස 15 වැනි දා සිට ලොස් ඇන්ජලීස් නගරයේ ග්ලේන්ඩේල් හි ලයෙම්ලේ සිනමාශාලාවේදී තිරගත වීමට නියමිතයි.

මේ සිනමාවේදියා වන්නේ ලක්පති විජේසේකරයි.

ලක්පති ලොව ඉහළම සිනමා පාසැලක් සේ සැලකෙන කැලිෆෝනියා ලොස් ඇන්ජලීස් විශ්වවිද්‍යාලයයේ සිනමාකරණය හැදෑරුවෙකි.

ඔහු විසින් නිර්මාණය කරන ලද FREE BY NOON චිත්‍රපටය හාස්‍යෝත්පාදක චිත්‍රපටයක්.

ජෝන් අයිසන්, රැචල් වොංග්, ජස්ටින් හෙරොන්, මෙලිසා හොවෙල් ආදිහු මෙහි චරිත නිරූපණය කරන අතර මේ මස 21 වැනි දා දක්වා ලොස් ඇන්ජලීස් හි තිරගත වන FREE BY NOON එයින් පසු නිව්යෝක්, ටෙක්සාස්, ඇට්ලන්ටාස් වැනි නගරවලද ප්‍රදර්ශනය කරවීමට නිෂ්පාදකයෝ සූදානම්ව සිටින බවද වාර්තා වනවා.

මෙහි සම නිෂ්පාදනයෙන් විදර්ශි වගආරච්චි ද, විධායක නිෂ්පාදනයෙන් ලාල් තිලකරත්න ද, සංස්කරණයෙන් ලහිරු විජේසේකර ද දායක ව සිටිති.

කොළඹ රාජකීය විද්‍යාලයයේ ආදි සිසුවකු වන ලක්පති මෙරට දී නිර්මාණය කළ ‘බිහයින්ඩ් ද ස්ක්‍රීන්’ නැරඹූ බොහෝ දෙනාගේ ප්‍රශංසාව දිනා ගත්තේය. FREE BY NOON ලංකාවේ දී ද ළඟදීම තිරගත වනු ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *