සුනාමි යළිත් අන්තර්ජාතික සිනමා උලෙළ ද්විත්වයක

සම්මානනීය සිනමා අධ්‍යක්ෂ ආචාර්ය සෝමරත්න දිසානායකගේ සුනාමි සිනමාපටය තවත් අන්තර්ජාතික සිනමා උලෙළ ද්විත්වයක් නියෝජනය කිරීමට වරම් ලබා තිබෙනවා.

ඉන් එක් සිනමා උලෙළක අංශ හයක් යටතේ සිනමාපටය නියෝජනය කරනු ලැබීම විශේෂත්වයක්.

ඒ අනුව හොඳම චිත්‍රපටය – නිෂ්පාදක රේනුකා බාලසූරිය, හොඳම අධ්‍යක්ෂ – සෝමරත්න දිසානායක, හොඳම නළුවා – දර්ශන් ධර්මරාජ්, හොඳම නිළිය – නිරංජනී ශන්මුගරාජා, හොදම කැමරා අධ්‍යක්ෂණය – විශ්ව බාලසූරිය, හොඳම ළමා නිළිය – මෙනාරා වීරතුංග එම අංශ හය යටතේ නියෝජනය වනවා.

මෙලෙස සම්මාන හයක් වෙනුවෙන් සුනාමි සිනමාපටය තරග වදින්නේ නයිජීරියාවේ බසෙල්‍යා සිනමා උලෙළේ දියි.

මේ අතර කල්කටාවේ ජාකන්ඩ් සිනමා උලෙළේ හොඳම චිත්‍රපටය ලෙසටද සුනාමි තේරී පත්ව ඇති බව වාර්තා වනවා. ඉදිරි සතියේ දී එම සිනමා උලෙළ පැවැත්වීමට නියමිතය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *