“යාගය” ද්විභාෂා චිත්‍රපටයේ පූර්ව ප්‍රචාරක පටය එළි දැක්වෙයි…

මෙරට සිනමාවේ බිහි වූ ප්‍රමුඛ සිනමාකරුවකු වන ටී.අර්ජුනගේ පුත් අර්ජුන් උපේන්ද්‍ර විසින් මුල් වරට අධ්‍යක්ෂණය කරනු ලබන යාගය ද්විභාෂා චිත්‍රපටයේ ගීත එළි දැක්වීම හා පූර්ව ප්‍රචාරක පටය එළි දැක්වීම පසුගිය සෙනසුරාදා කොළඹ ජෙට්විං හෝටල් පරිශ්‍රෙය් දී සිදුවුණා.

ඒ ජාතික චිත්‍රපට සංස්ථා සභාපති ජයන්ත ධර්මදාස හා කටුගස්තොට ඇරීනා සිනමාහලේ හිමි කීර්ති රණසිංහගේ ප්‍රධානත්වයෙනි.

මේ චිත්‍රපටයේ කතා සංකල්පය ටී.අර්ජුන ගෙන් වන අතර චිත්‍රපටයේ මුහුරත් උලෙළ පවත්වන ලද්දේ අර්ජුන ජීවත්ව සිටි සමයේ එනම් 2016 වසෙර්ය.

ටී.අර්ජුන වසන්තයේ දවසක්, කලියුගකාලේ, සාරා, කලියුග කාලම් හා වසන්තතිල් ඔරු වානවිල් යන චිත්‍රපට වල අධ්‍යක්ෂවරයායි.

ටී.අර්ජුනගේ පුත් අර්ජුන් උපේන්ද්‍ර ඉන්දියාවේ චිත්‍රපට රාශියකට සහාය අධ්‍යක්ෂණයෙන් දායක වූවෙක්. ඔහුගේ කුළුදුල් චිත්‍රපටය නම් කොට ඇත්තේ යාගය නමිනි.

ලාල් වීරසිංහ , අනුජ් රණසිංහ. උපේක්ෂා ස්වර්ණමාලි, රොෂෙල් ප්ලන්කට් සමග තරුණ සිනමාකරුවකු වන හර්ෂ උඩකන්ද රංගනයෙන් එක්වවනවා.

චන්දන ජයසිංහ කැමරා අධ්‍යක්ෂණයෙන් ද ස්වේතා කෝඩ් නිෂ්පාදන සැලසුම්කරණයෙන් ද දායක වූ මෙහි කලා අධ්‍යක්ෂණය ජගත් කොස්මෝදරගෙනි. චරිත පහක් වටා ගෙතුණ ත්‍රාසජනක කතාවක් ඇතුළත් යාගය චිත්‍රපටයේ රේඛීය නිෂ්පාදනය රුවන් බණ්ඩාරගෙනි.

යාගය සිනමා කෘතිය සමග සුහාෂිනී වීරසිංහ හා කේශර පෙතියාගොඩ විධායක නිෂ්පාදනයෙන් සිනමාවට එක්වෙති.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *