ජාත්‍යන්තරය දිණු අපේ “හෙළවුඩ්” සිනමාකරුවන්

අන්තර්ජාතික CinemaWorld නාලිකාව මේ මාසේ සැප්තැම්බර් 19 සහ 20 යන දෙදින ශ්‍රී ලාංකේය සිනමාව වෙනුවෙන් Cinema Show Case සංවිධානය කරලා තියෙනවා. රටක් වෙනුවෙන් මෙහෙම Show Case එකක් සංවිධානය වෙන්නේ, මේ නාළිකාවේ ඉතිහාසයේ මුල් වතාවටයි. වෘතාන්ත සිනමාපටයක් සහ කෙටි චිත්‍රපට තුනක් ඒ අනුව මේ දෙදින ප්‍රදර්ශනය වීමට නියමිතයි. මේ වැඩසටහනේ කාලසටහන තමයි පහත දැක්වෙන්නේ.

සැප්තැම්බර් 19

1. Online Special Event – සවස 5.00 ට

2. Silent Tears – රාත්‍රී 6.10 ට

3. දැවෙන විහඟුන් (Burning Birds)- රාත්‍රී 6.30 ට

සැප්තැම්බර් 20

1. A Story Nobody Cares About – රාත්‍රී 9.00 ට

2. ස්නේහ : The Black In Every Pink – රාත්‍රී 9.10 ට

3. Silent Tears – රාත්‍රී 9.20 ට

අපේ “ස්නේහ : The Black in Every Pink” චිත්‍රපටය මෙම නාළිකාවේ විකාශය වූ ‘පළමු ශ්‍රී ලාංකේය නිර්මාණය’ ලෙස පසුගිය ජූලි මාසයේ මුල් වරට විකාශය වුණා. එම විකාශය වෙනුවෙන් ඉහළ ප්‍රේක්ශක ප්‍රතිචාරයක් හිමිවීමත් සුවිශේෂීයි. “දැවෙන විහඟුන්” චිත්‍රපටය එම නාළිකාව මගින් ප්‍රදර්ශනය කෙරෙනා ‘පළමු ශ්‍රී ලාංකේය වෘතාන්ත සිනමාපටය’ ලෙස මේ වැඩසටහනේ දී ප්‍රදර්ශනය වේවි.

Anoma Janadare, Samanalee Fonseka, Mahendra Perera, චාන්දනී සෙනෙවිරත්න වැනි ප්‍රවීණ සහ දක්ශ නළු නිළියන්ගේ රංගන දායකත්වය ලැබුණු එම චිත්‍රපටය, Sanjeewa Pushpakumara විසින් අධ්‍යක්ශණය කළ, සම්මානිත සිනමාපටයක්. ඒ සමග විකාශය වන අනෙක් කෙටි චිත්‍රපට දෙක ද සුවිශේෂී නිර්මාණ දෙකක්. ඒ අනුව, සම්මානිත Silent Tears කෙටි සිනමාපටයේ අධ්‍යක්ශණය Ilango Ram විසින් ද, සම්මානිත A Story Nobody Cares About කෙටි සිනමාපටයේ හි අධ්‍යක්ශණය Thisara Mangala Bandara විසින් ද සිදු කර තිබෙනවා.

කාලසටහනේ ඇති Online Special Event එක සමාජ මාධ්‍ය ඔස්සේ නැරඹීමට ඔබට අවකාශය උදා වේවි. ඒ Event එක ගැන CinemaWorld නාළිකාවේ වෙබ් අඩවියේ මේ විදිහට සඳහන් වෙනවා.

“The showcase also includes a special online event ‘Just Conversations: Sri Lankan Showcase’. Watch exclusive commentary from all four directors, as they share an open and honest conversation with us on their journey in filmmaking. Whether they are just starting out, or whether they have years of experience behind them, their insight and stories about Sri Lanka and the Sri Lankan film industry adds to the beauty of the showcase.”

ඒ කියන්නේ ඒ Event එකේදි මේ චිත්‍රපට වල Directors ලා ඔවුන්ගේ චිත්‍රපටය ගැන ගොඩක් දේවල් කතා කරනවා. ඉතින් මේ හැමදෙයක්ම වටිනවා. අපේ සිනමාවට මේවා වටිනවා. අනෙක් අතට මේ Platform එකත් අපේ සිනමාවට, අපේ නිර්මාණකරුවන්ට, අපේ ප්‍රේක්ශකයන්ට ගොඩක් වටිනවා. ඉතින් මේක එක්තරා ආකාරයක ස්වර්ණමය නිමේශයක්. ඉතින් ප්‍රේක්ශක ඔබ සැමට අපි ආරාධනා කරනවා, මේ රන් හා වටින මොහොතේ සිනමාත්මක සාක්ෂි කරුවෙක් වෙන ලෙසට.

මහේල හෙට්ටිආරච්චි

Leave a Reply

Your email address will not be published. Required fields are marked *