“එකම කසාදයක් දෙපාරක්” – වට 14ක්

පවුලෙ හැමෝටම එකට ඉඳන් බලන්න පුළුවන් හාස්‍ය, දුක, ආදරය පිරි ලස්සන කතාවක්. ආදරේ කරලා කසාද බඳින එකයි, යෝජනාවකින්කසාද බඳින එකයි කොච්චර වෙනස් ද…. ඒත් ඔය දෙකම එකට කරන්න ගියොත්…

සංජය ලාල් සිං සහ ආදිතී කර්වාස්රා එකිනෙකාට ගොඩක් ආදරෙයි. ඒත් කසාද බඳිනව කියනඑක එයාලට ලොකු ප්‍රශ්නයක්. මොකද දෙන්නා කුල දෙකක. ඉන්දියාවෙ දරුණුවටම තියෙන කුල භේදය නිසා ආදරේ කරන අයට මූණ දෙන්න වෙනවා ලොකු ප්‍රශ්නයකට. ඉතින් මේ ආදරවන්‍තයො දෙන්නා ඒ ප්‍රශ්‍නෙ විසඳන විදිය තමයි මේ කතාවෙන්
පෙන්නන්නෙ.

ඒත් ලස්සනම දේ, එයාලා ඒක විසඳන්න ගහන ප්ලෑන් එක. ඒ ප්ලෑන් එක නිසා මේ දෙන්නට එක කසාදෙ ඩබල් කරන්න වෙනවා. එකම ජෝඩුවක්, කසාද දෙකක්, වට දාහතරක්. ඔන්න ඔහොමයි ඩබල් වෙඩින් එක ගන්නෙ. ඊට අමතරව ආදේශක දෙමාපියන් දෙදෙනෙකුත් මේ වැඩේට සම්බන්ද කර ගන්න වෙනවා.

ආරම්භයේ ඉඳන් අවසානය දක්වාම හාස්‍ය පිරුණු මේ කතාව හැඩ කරන්නෙ, බොලිවුඩයේමෑත කාලයේ ජනප්‍රියතම නළු නිළි දෙපළක් වන වික්‍රන්ත් මැසී සමගින් සුරූපී ක්‍රිතී කර්බන්දා. Zee Studio නිෂ්පාදනයක් වන මෙහි අධ්‍යක්ෂණය දේවාංශු සිං ගෙන්. රජීව් වී. භල්ලා ගේමියුරු සංගීතයෙන් හැඩ වෙන මේ චිත්‍රපටයේ, ලස්සන, සංවේදී වගේම, හාස්‍ය පිරි ගීතත් ඇතුළත් වෙනවා. පසුගිය ජූලි 23 වනදා නිකුත් වූ මේ චිත්‍රපටය මේ වන විට 6.7 ක IMBb අයගක් වාර්තා කරලා තියෙනවා.

මිනිත්තු 111ක් පුරා දිවයන මේ චිත්‍රපටය ප්‍රථම වතාවට ශ්‍රී ලංකාව තුළ සමීප වෙන්නේ Peo TV වෙතින්ය.

දැන්ම 14 පේරේ නරඹන්න Peo TV සහ Peo TV Go ඔස්සේ.

Home Menu > Movies > Premiere > හෝ Home Menu > Movies > HD Collection හරහා පිවිස ප්‍ය 48ක් දක්වා චිත්‍රපටය රසවිදින්න.

සටහන ලියන්නේ රුවිනි තක්ෂිලා බාලසූරිය, සිනේ රු – Cineru.lk සමුහය සදහා විශේෂ ස්තුතිය

Leave a Reply

Your email address will not be published. Required fields are marked *