දේව්දාස් හී “පාරෝ” සැබෑ ලෙස ජීවත්ව සිටි බව ඔබ දැන සිටියා ද❓

දේව්දාස් යනු ඉන්දීය සාහිත්‍ය මෙන්ම සිනමා ඉතිහාසය ද රනින් ලියකම් කළ මිල කළ නොහැකි අපූර්වත්වයක් වී හමාරය. යුග යුග බැදි ප්‍රේක්ෂකයින්ගේ නොමද වූ ස්නේහයකට විවිධ අයුරින් සිත්තම් වූ දේව්, පාරෝ, චන්ද්‍රමුකී .අපේ සිත් තුල කැටයම් වී හිදින අපූරුව කිසිදා පළුදු කළ නොහැකිය.

මේ අපූරු වූ යුග බැදිති ආදර අන්දරටට ජීවය මුලින්ම ලබා දෙන්නේ බෙන්ගාලි නවකතා කරුවෙකු වූ සරත් චන්ද්‍ර චට්ටෝපාධ්‍යාය විසිනි. ඉතිහාසයට අනුව ඔහු මෙම කතාව ලියන්නේ වංශවත් පවුලක සමින්දර් (මෙය ගරු නාමයකි මම අපිට තේරෙන විදිහට කියන්නම්. රජු විසින් ගම්මාන කිහිපයක භාරකාරිත්වය ලබා දෙන රාජ්‍ය නියෝජිතයෙක්) වරයෙකු වූ මොහාන් චෞද්රිගේ සැබෑ ජීවිතයේ දෙවන භාර්යාව මතය.

ඉතිහාස කතා වලට අනුව සරත් චන්ද්‍ර විසින් ඇය මුන ගැසීම සදහා ඇගේ පදිංචි ගම්මානය වූ බටහිර බෙංගාලයේ Hatipota නම් ගමට ගොස් තිබෙනවා.ප්‍රභන්දයක් ලෙස නොලීවද කටවහරින් ආ ලෙසට ඈ ඒ වනවිට මැදිවියේ සිටි කාන්තාවක් , එනමුත් ඇය තරුන වියේදී ගැමි සුන්දරත්වයෙන් අනූන වූ අහිංසක සුන්දරත්වයකින් පිරිපුන් ලලනාවක සිටින්නට ඇතැයි අනුමාන කරනවා.

ඈ කියූ ඇගේ කතාවද ගොණු කර ගනිමින් නිර්මිත වූ ප්‍රභන්ධයක් තමා “දේව්දාස්” නමින් ඔහු ලියා තබන්නේ 1917 වසරේ නවකතාව දොරටවඩින අතර ඉන් වසර කිහිපයකට පෙර අතීතය නවකතාවේ ගැබ්ව තිබුනා..
නමුත් ඉතිහාස කතාවල දේව් සහ චන්ද්‍රමුකි ගැන ප්‍රභල වූ සත්‍යයැයි කිව හැකි මතනම් නෑ. නමුත් රන් හදවතක් ඇති ගණිකාවක් වූ චන්ද්‍රමුකී ගැන සත්‍ය පාරෝ නොකීවත් දේව් ගනිකාවක් සමග අවසන් කාලයේ ජීවත් වූ බව ඇය කියා තිබෙනවා. රසවත් රසවතෙකුට ඉගියක් කියන්නෙත් අපූරු මූලාරම්බයක්. ඒ අනුව “සඳ මුහුණ” නම් බෙන්ගාලි අර්තය දෙන දේවානුභාවයෙන් ගොඩ නැගුණු චරිතයක් ඔහු කෘතියට ඇතුලත් කර තිබුනා. ඇයයි චන්ද්‍රමුකී .

නවකතාවට අනුව මම ඔබට කතා සාරාංශය කෙටියෙන් කියන්නම්. ඔබ දන්නා බන්සාලිගේ දේව් දාස් සිත්තම පටලවා ගන්නට එපා..කුඩා කල සිටම හැදින සිටි පාරෝ සහ දේව් දේව්ගේ දෙමාපිය කැමැත්තට කල්කටා නගරයේ (දැන් කොල්කටා) ජීවත් වීමට හා ඉගෙනීමට වසර කිහිපයකට යවනවා.

1900 ගණන්වල මුල් භාගයේ ඉන්දියාවේ ධනවත් බෙංගාලි බ්‍රාහ්මණ පවුලක තරුණයෙක් වූ දේව්දාස්. මධ්‍යම පන්තික බෙංගාලි බ්‍රාහ්මණ පවුලක තරුණියක් වූ පාර්වතී (පාරෝ) සමග පෙමින් වෙලෙන්නේ දේව්දාස් ගමට ආ පසුවයි. සහෝදරයින් සේ කුඩා කල සිටියත් යොවුන් වියත් සමග ඔහුන්ගේ ආදරය ගොඩ නැගෙනවා. නමුත් විවාහ වන වයසේ සිටින පාර්වතීගේ කැමැත්ත විමසන ඇගේ මාපියන් ඒ පිළිබදව තම අසල්වැසියා වූ දේව්ගේ මාපියන්ට කියතත් ඔහුන් එයට කැමැත්ත ලබා නොදෙන්නේ මධ්‍යම පාන්තික ව්‍යාපාර පවුලකට තම වංශවත් කොල්ලෙකු නොදෙන බව පවසමින්.
කොහොම හරි දේව්ගේ මාපිය අකමැත්ත නිසා ලැජ්ජාවට පත් වන පාරෝගේ පියා ඇයට ධනවත් ස්වාමියෙකු හොයනවා. අවසානයේ ඇයව විවාහ කර දීමට සැර සෙන අතරතුර පාරෝ රාත්‍රියේ දේව්ව මුනගැසීමට යනවා.. ඔහුට ඇය ගැන දුක සිතුනත් ඔහු දෙමාපිය කැමැත්තට ඉඩ දෙන අතර . කල්කටාවට පැනයනවා. එහි ගොස් ඔහුපාරෝට ලිපි මගින් යහලුවන් ලෙස ඉදිමුයැයි පවසන අතර . සිත පාලනය කරගත නොහැකිව ඔහු නැවත පාරෝ සොයා එනවා.

නමුත් පාරෝ පවසන්නේ එක භිතක් නොමැතිව නිර්භීත තීරණයක් නොගත් නිසාවෙන් ඇයට විවාහයට කැමැත්ත දීමට සිදු වූ වග. ඔහු නැවත කල්කටා යන්නේ දුක වගේම පාරෝට යෂ්ටියකින් පහරදී නලලද තුවාල කරමිනුයි.මේ පිළිබදව කන්ස්සලු වන පාරෝ අවසානයේ පියාගේ කැමැත්තට ඉඩ දෙන අතර ඇය බුවන් චෞදුරි නම් වූ දනවත් මැදිවිය ඉක්මවූ වැන්දඹු මිනිසෙකු හා විවාහවනවා.

කල්කටාවට යන දේව්ට චන්ද්‍රමුකී නම් ගනිකාව මුන ගැසෙන්නේ ඉන් පසුවයි චන්ද්‍රමුකී ඔහුට ආලය කරන අතර. දුක නිසා මතට ලොල්වන දේව්ගේ සහ පාරෝගෝ ආදර කතාව දැන ගන්නා චන්ද්‍රමුකී ඔහුට බැන වදිමින් ඔහුව මග හරිනවා. නමුත් ඇගේ ඇසුරට ප්‍රිය කල දේව් ඇය සොයා යනවා. පාරෝගේ ආදරයට නිගා දුන් දේව්ට ඇය බැන වැදුනට ඇයට ඇත්තේ රන් හදවතක් ..ඇය ඔහුට සමාව දෙනවා. පාරෝ දේව් හමුවන්නට පැමිනෙන අතර, ඇය ඔහුව රැගෙන යෑමට සැරසුනත් ඔහු මිය යමින් සිටින බව දත් නිසා ඔහු එයට කැමති වන්නේ නෑ නමුත් අවසානයේ ඔහු මිය යන අතර ඔහු මිය යන්නේ පාරෝගේ නිවස ඉදිරියට පැමිනමයි.එය පාරෝ ඔහුගෙන් ඉල්ලූ ඉල්ලීමක් ඉෂ්ඨ කිරීමක්ද වූවා.

නවකතාවට අනුව පරෝ සහ චන්ද්‍රමුකී කිසිදා මුන නොගැසෙන චරිත දෙකක්. බොහෝවිට ජනප්‍රියම දේව්දාස් චිත්‍රපටය ගොන්නෙන් මුල් යුගයේ චිත්‍රපට හැරුණු විට බොහෝ දෙනාගේ කතා බහට ලක්වන්නේ 1955 වසරේ තිරගත වූ බිමල් රෝයිගේ “දේව්දාස්” චිත්‍රපටය සහ 2002 වසරේ සංජේ ලීලා බන්සාලිගේ “දේව්දාස්” චිත්‍රපටියයි.

නවකතාවට අනුව ගැමි සුන්දරත්වය. කාලානුරූපී සත්‍ය පසුබිමත් නළු නිළියන්ගේ අව්‍යාජ වූ සුන්දරත්වටත් විදින්නට කැමතිනම් 1955 වසරේ තිරගත වූ සුචිත්‍රා සෙන්, දිලීප් කුමාර් සහ වෛජයන්තිමාලා රංගනයෙන් දායක වූ “දේව්දාස්” නරඹන්න. මෙය නවකතාව පාදක කරගනිමින් සිනමාරූපී වෙනස්කම් කතාවට හානියක් නොවන අයුරින් නිර්මානය වී තිබුනා.
1955 වසරේ පාරෝ සහ චන්ද්‍රමුකී කිසිදා මුනගැසී කතා කරන්නේ නෑ නමුත් නොහදුන කාන්තාවන් දෙදෙනෙකු ලෙස දෝලාවක ගමන් ගන්නා පාරෝට රූමත් චන්ද්‍රමුකී පාරේ ගමන්ගන්නවා දකිනවා. චිත්‍රපටය නැරඹූ අයෙක්නම් ඒ අපූරු දසුන දැන් මැවිලා පෙනේවි.

බන්සාලිගේ චිත්‍රපටියේනම් පරෝ සහ චන්දූ එකට මුන ගැසෙනවා. මෙම චිත්‍රපටයේ බන්සාලි නූතන පරම්පරාවේ රසයේ වූ විචිත්‍රවත් බවට හොද සාධාරණයක් ඉෂ්ඨ කරනවා. නවකතාවේ තිබූ බොහෝ තැන් සිනමාරූපීව වෙනස් කළද ඒ වෙනස හරි අපූරුවට නිර්මානය කරන්න ඔහු සමත්වූවා. පාරෝ ලෙස අයිෂ්වර්යාත්, දේව් ලෙස ශාරුක් ඛානුත්, චන්ද්‍රමුකී ලෙස මාධුරි ත් මෙහි රංගනයෙන් දායක වූවා..

නොබලපු අයෙක් වේනම් 1955 වසරේ බිමල් රෝයිගේ “දේව්දාස්” අනිවාර්යයෙන් නරඹන්න කියලා කියනවා. 2002 දේව්දාට වගේම ඔබ අනිවාර්‍යෙන් එයටත් පෙම් කරාවි.
පාරෝ ගැනනේ කතා කලේ… ඔබ දෙව්ව්දාස් නවකතාවට පෙම් බැදි අයෙක් නම් අනිවාර්‍යෙන් ඔබ පාරෝව දකින්නේ සුචිත්‍රා සෙන් නම් වූ ගැමි සුන්දරත්වයකින් යුතු ස්වාහාවික රංගන හැකියාවක් තිබූ නිළියගෙන් විය යුතුයි. නමුත් අපි ප්‍රේම කරන්නේනම් අයිශ්වර්යා රගපෑ පාරෝටය.

~ Indian Cinema Fan Club ~ භාරත සිනමා රසික සංසදයට සටහන ලියන්නේ MMP රණවීර.

https://www.facebook.com/photo?fbid=302305771589026&set=gm.3149247472004568

Leave a Reply

Your email address will not be published. Required fields are marked *