කොළම්බෝ යළි කොළඹට

ලෝකයටම බලපෑ කොරෝනා වසංගතයේ තුන්වන රැල්ල අප රටේ ව්‍යාප්ත වීමත් සමගම සිනමා ශාලා නැවත විවෘත වීමෙන් අනතුරුව, පෙර ප්‍රදර්ශනය පැවති කළම්බෝ සිනමා පටය යළිත් දිවයින පුරා ඊ.ඒ.පී සහ සී.ඊ.එල් ප්‍රදර්ශණ මණ්ඩලයේ සිනමා ශාලාවන් 50ක තිරගත වීම මෙම 15 වන දින සිට නැවත ආරම්භ විය.

අති සාර්ථක ලෙස දිවයින පුරා ප්‍රදර්ශණය වූ කළම්බෝ රංගනයෙන් හේමාල් රණසිංහ, ධර්මප්‍රිය ඩයස්, කුමාර තිරිමාදුර, ජේහාන් අප්පුහාමි, රුක්මල් නිරෝෂ්, ශානිකා නිරෝශි, නිශාන් කුමාර, චන්දික ප්‍රසාද් ඇතුලු තාරුණ්‍යයේ දක්ශ නළු නිළි කැලක් එක් විය. අසම ලියනගේ කුළුඳුල් අධ්‍යක්ෂණය වූ කළම්බෝ කැමරා කරණයෙන් අමිත් ක්‍රිශාන්ත, සංස්කරණයෙන් තිලංක පෙරේරා, වරණ සංයෝජණයෙන් ආනන්ද බණ්ඩාර, සංගීත අධයක්ෂණයෙන් අජිත් කුමාරසිරි, ගායනයෙන් ශේන් සිං ද, සම නිෂ්පාදනයෙන් අතුල රංජිත් ලියනගේ, නාමලිකා පෙරේරා සමගින් හරින්ද අචලංක කුලසූරිය එක් වූ කළම්බෝ අනූෂ සංජීව එදිරිමුණු ඉදිරිපත් කිරීමකි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *