අපේ චිත්‍රපටයක් අන්තර්ජාතික රූපවාහිනී විකාශනයක

මහේල හෙට්ටිආරච්චි ගේ අධ්‍යක්ශණයක් වන, මෑත කාලීනව සිංහල සිනමා ප්‍රේක්ශකයන් අතර අතිශය ජනප්‍රියත්වයට පත්, “ස්නේහ : The Black In Every Pink” කෙටි චිත්‍රපටයේ මංගල අන්තර්ජාතික රූපවාහිනී විකාශනය සඳහා මේ වනවිට දින නියම වී තිබෙනවා. ඒ අනුව එම චිත්‍රපටය ජූලි මස 11 වැනිදා, 14 වැනිදා සහ 19 වැනි දා යන දින ත්‍රිත්වයේම Cinemaworld Asia නාලිකාවේ විකාශය වනු ඇති.

ඒ අනුව..,
ජූලි 11 වැනි දා සවස 6.10 ට
ජූලි 14 වැනි දා රාත්‍රී 8.15 ට
ජූලි 19 වැනි දා රාත්‍රී 8.20 ට ඔබට මෙම චිත්‍රපටය නැරඹිය හැකියි.

රටවල් 28 ක විකාශය වන Cinemaworld නාලිකාව, ශ්‍රී ලාංකිකයන් හට Dialog TV චැනල් අංක 87 ඔස්සේ ද Peo TV චැනල් අංක 33 ඔස්සේ ද නැරඹිය හැකියි.

රධිනි ඉන්දීවරී සහ තිලිණි ජයමාලි රංගන දායකත්වය ලබා දෙන මෙම චිත්‍රපටයට නිශ්පාදන දායකත්වය ලබා දී තිබෙන්නේ ජනිදු රාජකරුණා සහ මහාචාර්ය ඉන්දික ගවරම්මාන යන මහත්වරුන්. ශ්‍රී ලාංකික කෙටි චිත්‍රපට කලාවේ සුවිශේෂී සන්ධිස්ථානයක් මෙන්ම, නවක සිනමා කරුවෙකුට සිය සිනමා දිවියේ ලැබෙන දුර්ලභ අවස්ථාවක් ලෙස සැලකිය හැකි මෙම අන්තර්ජාතික චිත්‍රපට විකාශය සමග සම්බන්ධ වන ලෙස “ස්නේහ” කණ්ඩායම සිනමා රසික ඔබ සැමට ආරාධනා කර සිටිනවා.

ස්නේහ කණ්ඩායම :
Screenwriter & Director : Mahela Hettiarachchi
Cast : Radhini Indivari, Thilini Jayamali, Shanuki Hansana
Assistant Director : Sankha Ranaweera
Production Manager : Yasaru De Silva
DOP : Pasindu Kaushalya
Assistant DOP : Sudharaka Muditha
Editor & Colourist / Still Photographer : Shan Priyanga
Music Director : Madawa Bandara
Art Director : Vihanga Wijesinghe
Sound Designer : Savin Tharusha
Hair & Make Up / Storyboard Artist : Thiran Kalhara
Costumes : Harshana E Gunasingha
Techninal Support : Rimesh Dilshan  
Vocals : Vidumini Rathnayaka
Dubbing Vocals : Nadee Nananayakkara

Trailer


Leave a Reply

Your email address will not be published. Required fields are marked *