ඩිනාරා Youtube එකට දැම්ම Video එක මොකක්ද?

හෙළවුඩ් අපි ඒ ගැන වගේම, ඇගේ තවත් තොරතුරු ඩිනාරාගෙන් ඇහුවා. මේ ඇය අප සමග කළ කෙටි පිළිසදර.

මේ දවස්වල ජීවිතේ කොහොමද?

මේ දවස් ටිකේ පවතින වසංගත තත්ත්වය හමුවේ කිසිදු කලා කටයුත්තකට සම්බන්ධ වෙලා නැහැ. සෞඛ්‍ය ආරක්ශිත පිලිවෙත් අනුගමනය කරමින් සමාජයත් ආරක්ෂා කරමින් ගෙදර ට වෙලා ඉන්නවා.

ඔබ රංගනයෙන් දායක වූ ඉදිරියේ දී තිරගත වීමට නියමිත සිනමා නිර්මාණ මොනවාද ?

සිනමා නිර්මාණ හතරක් එන්න තියෙනවා. ප්‍රසන්න විතානගේ මහතාගේ ගාඩි. මහාචාර්ය ආරියරත්න ඇතුගල මහතාගේ සහෝ. සංජීව පුශ්පකුමාර මහතාගේ ආසු සහ ආරම්මන (Peacock lament)

මේ වෙද්දී පවතින වසංගතය සහ සිනමාව ගැන මොකක් ද ඩිනාරාගෙ අදහස?

ලෝකයම වෙලාගෙන තියෙන කොරෝනා උවදුර නිසා පිරිස් රැස්විය හැකි සියල්ල සීමා වෙලා තියෙනවා. ඉතින් ඒ නිසා සිනමාශාලා වසා දමා තිබෙනවා. පුළුල් තිරයේ දකින්න නොලැබීම ගැන කණගාටුවක් තියෙනවා. නමුත් මේ වසංගත තත්ත්වය ඉක්මනින්ම නැතිවෙලා සිනමාශාලා විවෘත වනතෙක් මම ඉවසිල්ලෙන් බලාගෙන ඉන්නවා.

අපි දැක්ක ඔබේ අලුත් youtube video එක ගැන කිව්වොත්?

මේ වීඩියෝ එක තුලින් මම කරන්න උත්සාහ කරේ 1920 පටන් 2020 වසර දක්වා කාන්තාවන්ගේ විලාසිතාව වෙනස් වූ ආකාරය මට දැණුනු විදියට නිර්මාණාත්මකව ඉදිරිපත් කරන්න. මම වඩාත් ප්‍රිය කරන්නෙ ශ්‍රී ලාංකික කාන්තාවට සුදුසු සාරිය කියන ඇදුමට. ඒකෙන් සැරසීමට තමා මම ගොඩාක්ම කැමති. මම හිතුවට වඩා ප්‍රතිචාර ලැබුණා මේ වීඩියෝ එකට. ඒ ගැන මම සතුටු වෙනවා.

වීඩියෝව මෙතනින් නරබන්න

ඩිනාරාව වෙළෙඳ දැන්වීම් වලින් නම් දකින්න ලැබෙනව, පුංචි තිරයට එන්න අදහසක් නැද්ද ?

මම වඩාත් කැමති පුළුල් රිදී තිරයේ මගේ රංගන හැකියාවන් ගිය පසුව පුංචි තිරය ගැන දෙවනුව සිතන්න.

ඔබ වෘත්තීය රංගන ශිල්පිනියක් ද?

මගේ උපාධිය නාට්‍යය සහ රංගනය. ඒ නිසා වඩාත් සාර්ථක ඉදිරිපත් කිරීමක් කල හැක්කෙ මම ඉගෙන ගත් කලාව තුලින් පමණක් වීම නිසා මගේ වෘත්තීයත් එයම විය යුතු බව මගේ හැගීමයි.

හොඳම සහ ජනප්‍රිය කියන කැටගරි අතර ඔබ කැමති ඔබේ නම කොතන රැදෙනවටද?

නිලියක් හැටියට කැමති මම හොඳ රංගනයක යෙදෙන්න. ඒ තුලින් මම හොඳම ද ජනප්‍රියම ද කියන එක තේරීම ප්‍රේක්ෂකයන් ට මම භාර දෙනවා.

සිනමා නිළියක් වීම ද ඔබේ අවසන් ඉලක්කය?

සාර්ථක සහ සතුටු ජීවිතයක් තමා මගේ පළමු අරමුණ. රගපෑම කියන්නෙ මගේ ජීවිතේ එක් කොටසක් පමණයි.ඒත් මම සිනමාව ට අතිශයින්ම ආදරය කරන නිසා සාර්ථක නිළියක් වීමේ බලාපොරොත්තුවත් මගේ හිතේ ඉහළින් ම පවතිනවා.

ඩිනාරා පුංචිහේවා නම් සුන්දර හිනාවක් ඇති ඇයට හෙළවුඩ් අප සුභපතනවා ඇගේ අනාගත සිනමා දිවියට, ඒ වගේම ඇගේ රංගන හැකියාව නැරබීමට ශ්‍රී ලාංකීය ප්‍රේක්ෂකයාට ඉක්මනින් හැකි වේවා කියා අප ප්‍රර්ථනා කරමු.

හෙළවුඩ් සිනමා Talkies වෙත පැමිණි ඩිනාරා කී කතා….

Leave a Reply

Your email address will not be published. Required fields are marked *