පොට්ටු.. කෙල්ලන්ගේ වැඩක්…

නවායුගා ගේ ‘පොට්ටු’ අන්තර්ජාලයට

නවායුගා කුගරාජාගේ ‘පොට්ටු’ කෙටි චිත්‍රපටය අන්තර්ජාලයට මුදා හැර තිබෙනවා. ත්‍රී ප්‍රඩක්ෂන් ඉදිරිපත් කිරීමක් වන පොට්ටු නිෂ්පාදනය කරන්නේ යුරෝපා සංගමය සහ ජර්මානු විදේශීය කාර්යාලය එක්ව මූල්‍ය අනුග්‍රහය දක්වන ශ්‍රී ලංකාවේ ප්‍රතිසන්ධාන ක්‍රියාවලීන් ශක්තිමත් කිරීමේ වැඩසටහන (SRP) මගින්.

තිලකා තිස් හයවෙනි වියේ පසුවන භරත නාට්‍යම් නර්තන ගුරුවරියක්. ඈ තම දියණිය වූ දුර්ගා සමඟ දිවි ගෙවයි. මෑතකදී සිය ස්වාමියා අහිමි වූ මැය තනිව ජීවත්වීමේ මානසික අරගලයට මුහුණදෙමින් සිටින්නීය. සැමියා අහිමි වූ කාන්තාවක් මත සමාජය, සංස්කෘතිය නමින් ඇති කරන්නාවූ තාඩන පීඩන මධ්‍යයේ ඇය ඝට්ටනයක යෙදෙන්නීය. පියා ජීවත්ව සිටියදී තම මව දිවි ගෙවූ ආකාරය ගැනද, පියාගේ වියෝවෙන් පසු සිය මව දිවි ගෙවීමට කරන්නාවූ අරගලය ගැනද දුර්ගා පසු වූයේ මනා අවබෝධයකිනි. තම පියාගෙ අහිමි වීමත් සමඟ තම මවගේ වෙනස්‌ වීමට හේතු වූ සංස්‌කෘතික බැමි පිටු පස ඇති රහස් සොයා යෑමට දුර්ගා තුළ වූයේ මහත් කුතුහලයකි. මේ සියල්ලට දුර්ගා පිළිතුරු සොයා යන අතර තුර තිලකා සිය ජීවිතය තුළ දිගටම කටුක අත්දැකීම්වලට මුහුණ දුන් ආකාරය පොට්ටු තුළින් නිරූපණය වේ.

පොට්ටු හි ප්‍රධාන චරිතය නවායුගා කුගරාජා නිරූපණය කරයි. එමෙන්ම මෙහි තිර රචනයත් ඇයගෙන්මය. මධුනි හිරණ්‍යා අලහකෝන් කැමරාකරණයෙන්ද, ජොෂුවා හෙබී සංස්කරණයෙන්ද, රාජ් සංගීතයෙන්ද, නන්දා ජයකොඩි, ලාල් දිසානායක ශබ්ද සැලසුම්කරණයෙන්ද, මදාරා ගොඩගේ වේශ නිරූපණයෙන්ද පොට්ටු වෙත දායක වී තිබෙනවා.  

‘පොට්ටු’ මෙතැනින් නරඹන්න –

Leave a Reply

Your email address will not be published. Required fields are marked *