බලන්න නොවරදවාම…

හැමතැනම චලනය වෙන රූප එක්ක, පසුබිම්න් ඇහෙන විවිධාකාර සංගිතයන් එක්ක තප්පරයක් තප්පරයක් පාසා ඇහැ එක තැනකම නතරකරවලා එක එක රහස් කියන මැජිකල් අර්ට් එකක් තමයි සිනමාව. ලංකාවේ හතර වටේම විසිරිලා උන්නු සිනමා උණ තදටම හැදුනු යාලුවො කිහිපදෙනෙක් එක්ක තමයි අපි Web Series එකක් කරන්න සෙට් වෙන්නෙ. නමුත් එක බොහෝ වියදම් අධික වැඩක් නිසා තමයි අපි Perseus Short film එකට මුළ පුරන්නෙ.

කිලොමීටර් සිය ගානක් ගෙවාගෙන ඩිරෙක්ටර් ,රයිටර් පැය ගනන් දවස් මුල්ලෙ ඇවිදලා එකතු වෙලා අලුත් විදිහේ කතාවක් හදාගන්න සමත් වෙනවා.ඒත් එක්ක ටීම් එකට එකතු වෙනවා තවත් දක්ශයො කිහිප දෙනෙක්ම.මාස තුනකට ආසන්න කාලයක් තිස්සෙ බොහො දේ කතා බහා කරගෙන අවසානයේදි අපි හැමොම එකග වෙනවා ශොර්ට් ෆිල්ම් එකක් කරන්න.

රෑ 12 පහුවෙනවත් එක්කම පටන් ගන්න ශුටීන් එක නන්ස්ටොප් පැය 8ක් තිස්සෙ කිසිම විවේකයක් නැතුවයි සිද්ද වෙන්නෙ.නමුත් ටීම් එකේ සියලු දෙනාම එකා වගේ මහන්සි වෙලා හැම පුන්චි දෙයක්ම හදාගන්නවා. අපේ ප්‍රධාන නලුවන් උනු කුසල් සහා රුවිශාන් දෙපළගේ රංගනය සියැසින් දකිද්දි අපේ ටීම් එකම ශොක් උනා.එවා ඉස්සරහට
යුක්තිකගෙ කාර් රයිඩ් එක මෙමරබල්.චතුර්ගෙ සිනමාටොග්‍රැෆි එක , මේ හැමදෙම එක්ක අවසානයෙදි පැය අටක ශුට් එකක් නිමා වෙනවා.

එතන පටන් අද දක්වා මියුසික් ,පොස්ට් ප්‍රක්ශන් ප්ලැන් ,පොස්ටර්ස් මේ හැමදෙයක්ම පිටිපස්සෙ අපේ හැම කෙනෙක්ම හිටියා.ශෙහාන් ව අමතක නොකර බැ ඔහු මනා ලෙස ස්ක්‍රිප්ට් එක ස්ක්‍රීන් එකට ගෙන්න චාතුර් ට ලොකු උදව්වක් දුන්නා. සශික හැමතැනම අපිත් එක්ක ඇවිදින් ලයිට්ස්,ප්‍රඩක්ශන් ඩිසයින් මේ හැමදෙයකින්ම උදව් කරා.අශෙන් සිරාම මියුසික් ට්‍රැක්ස් ටිකක් මේ වෙනකොටත් හදමින් ඉන්නවා. මේක ලියන සිතිජ මේ හැමදෙයක්ම පිටිපස්සෙන් තල්ලුවක් දෙනවා. අවසන වශයෙන් කියන්න ඔනි ,මේ හැම දෙයක්ම කරේ බොහොම සීමිත පහසුකම් මත. අපි විශ්වාස කරා එකිනෙකාව මේ නිර්මායෙදි .යමක් කරන්න අවශ්‍ය උනා තරුණ සිනමා ලෝලීන් විදිහට. ඒ පුංචි උත්සහයේ අවසන් ප්‍රතිඵලය මේ විදිහට එලියට එනවා. තවත් ලොකු වැඩක් මේ ශොට් ෆිල්ම් එක අස්සෙ හැංගිලා තියෙනවා…අපේ වෙබ් සිරිස් එක කරගෙන යන්න ප්‍රඩියුසර් කෙනෙක්ගෙ අවශ්‍යතාවයෙන් පසුවෙනවා….

බලන්න Perseus නොවරදවාම.. ඔබත් කැමති නම් මේ පිස්සුවට සම්බන්ද වෙන්න, අපි ආදරයෙන් බාරගන්නවා ඔබව

No words to express this joy which we Enjoying right now. So we hope you guys gonna watch it and we here waiting to see your Warm feedback Perseus short film will be out soon! Stay tuned with us.
සටහනට තුති Chathur Shaman, උපුටා ගැනීම සිනමාවේදීන් – The Cinema People පිටුවෙන්.

https://www.facebook.com/groups/thecinemapeople/permalink/1507021886304873/

Leave a Reply

Your email address will not be published. Required fields are marked *