මිලියන 13ක් නැරබු මලයාලම් කෙට් චිත්‍රපටය

Freedom Midnight -(2021)short film

කසාද ජීවිතයක් අස්සෙ වෙයි කියලා හිතෙන,සහ සාපේක්ෂ ප්‍රතිශත මට්ටම් අස්සෙ සිද්ධවෙන අලකලංචි ගැන විනාඩි තිහක් අස්සෙ ලඝුකරන්ඩ පුළුවන් කියලා හිතෙන එකත් පුදුමයක්…පෙළවහ වහක් කරගන්ඩ කලියෙන් අනිවාර්යෙන්ම බලන්ඩ රෙකමන්ඩ් කරන විනාඩි තිහක් මේක…මලයාලියො තමන්ගෙ නිර්මාණ අස්සෙ වටපිටාව ස්පර්ශ කරවනතැන් ගැන වෙනමම කතාකරතෑකි..ඒ තරම් මලයාලම් නිර්මාණයක හැඩයන් මුවහත් කරන්නට පරිසරයෙ සිද්ධ වෙන සියුම් තැන් පවා මහපරිමාණයෙන් දායක වෙනවා..මලයාලියො කියන්නෙ ඒ අතින් නම් කාන්දම්කාරයෝ…චන්ද්‍රගෙයි දාස්ගෙයි කතාවේ ආරම්භය අරගන්න තැන හරි ලස්සනයි ..චන්ද්‍රට මුලින්ම එන ඇමතුම අපැහැදිලි හේතුවක් විදියටයි අපිට පේන්ඩ ගන්නෙ….පහුවට ඒක ලිහේවී..අපි වෙලාවකට ඇමතුම් අස්සෙ හිරවෙච්ච හිරකාරයෝ…හදිස්සියකට පණිවිඩයක් දෙන්න හිතන වෙලාවට “ඔබ ඇමතූ අංකය මේ මොහොතේ කාර්යබහුලයි… “කියලා ඇහෙන්ඩ තරමට මේ ජීවිතේ රේස්අස්සෙ අපිට අපි මගැරෙන්ඩ පුළුවන් …චන්ද්‍රාව හොයාගෙන දාස් එතනට එන්ඩ එක හේතුවක් වෙන්ඩැත්තේ එයැයි මෙයැයිට ගද්දි මෙයැයි එයැයිට ගද්දි ඇමතුම් අතර සිද්ධ වෙච්ච අර ඉහලින්ම සදහන් කරපු කාරණාව හන්දා …”මම ගද්දි එන්ගේජ්,කාත් එක්කද ඔච්චර කතාකරන්නේ….?”වැඩිදුරක් නොහිතා අහන ඔය ප්‍රශ්ණාර්ථය දෙපාර්ශවයෙන්ම එන්ඩපුළුවන්…ගෑනු කියන්නෙ අවබෝධ කරගන්ඩ අමාරුම සබ්ජෙක්ට් එකක් කියලා පිරිමි හිතනවා…ඇත්තටම බැලුවොත් ඒක තමයි ජීවිතේදි පිරිමියෙක්ට ඉහළම සාමාර්ථයක් ගන්ඩ පුළුවන් පහසුම සබ්ජෙක්ට් එක…ඒක එහෙම වෙන්ඩ ඕන කරන්නෙ ඇගෙ චරිත ස්වභාවය අදුරගන්නෙක…ඒක බලහත්කාරයෙන් ප්‍රැක්ටිස් කරවගන්ඩ හැකි කාරණාවක් නෙවෙයි…ඔටෝම වෙන්ඩෝ⁣න දෙයක්…චන්ද්‍රට බයික් එකෙන් රවුමක් යන්ඩෝනෙ වෙන්නෙ ඇහිපිය ගහන වේගෙටත් වැඩියෙන් ඉක්මනට…වැස්සක් අතළග තියාගෙන ඒක කරන්ඩ බැරි බව දාස්ගෙන් උත්තර විදියට ලැබෙනකොට කාර් එකෙන් යන්ඩ ආයෙම යෝජනාවක්..ඔෆිස් එකේ තියෙන කදුගණන් රාජකාරි අස්සෙ මගුලක් කතාකරන්ඩෙපා චන්ද්‍රා වගේ උත්තරයක් ආයෙම දාස්ගෙන්…ස්ත්‍රී විෂයේදි අතිශයින්ම සරලවුණත් හැකිතරම් ප්‍රවේශම් වෙන්න.මක්නිසාද ඔවුන් තර්කානුකූලව ඉදිරිපත් කරන ප්‍රශ්න වලට වෙලාවකට කටඋත්තර නැතිවෙනවා…තමන්ගෙ ඔෆිස් එකෙ තියෙන ව්‍යාපෘති තරම් චන්ද්‍රා අටවසර ළමයින්ට ඉංග්‍රීසි උගනන්න එක බැරෑරුම් නැති වග,උයන පිහන එක මහදෙයක් නොවෙන වග දාස් විසින් චන්ද්‍රට දැනෙන්ඩඅරින තැනදි ගැහැණියකගෙ අභ්‍යන්තරයෙන් ඉපදෙන කේන්තියට පත්තුබදිනෙක ලේසි නෑ…”ඔයා යන්න,මං පස්සෙ එන්නම් ..”ඔය වචන තනිකරම අවි…ප්‍රේමයක් අරඹන තැන පටන් මේ දෙපාර්ශවයෙ හැසිරීම් ජාති දෙකක්…මුලින්ම කොල්ලා පස්සෙන් එනවා …කෙල්ල ආදරේ පිළිගත්තහම ,ඒ ආදරේ ඉස්තිර වුණාම අර තියෙන වැලියු එක බාල වෙනවාය සහකෙල්ලෙක් මුලින්ම තමන් පසුපස එන පිරිමියාට ආඩම්බරකම් පෙන්නලා ඒ ආදරේ දැනෙන්න ගත්තම තමන්ගෙ ආදරේ වෙනුවෙන් ජීවිතේම කැපකරන එක ගැන චන්ද්‍රා සමාන කරන්නෙ වදුරෙක්ට..මල්මාල අරගෙන ඕන තරමක් දුරට ගිහින් පස්සෙ විහික්කරලා දාන ගානට..ගෑනු තමන්ගෙ විවාහ ජීවිතේ අස්සෙ හොයන්ඩ උත්සහ කරනවා ආදරේ කරන කාලෙ තමන් දැක්ක පිරිමියව, හොයනබලනෙක,ඇහුන්කන්දෙනේක..ඊට පස්සෙ ඒ ජාති අඩුයි අඩුයි වගේ කියන නියමය තමන්ගෙ හිතට අලවගෙන ඊළග මොහොත ඇරියස් කවර් කරනෙක…පිරිමි තමන්ගෙ බිරිද නේක නේක මත්වෙන ජාති වලට ආරුඪ කරවගෙන ගෑනුන්ගෙ රීඇක්ට් එක දිහා බලාගෙන ඉන්නවා ..දරාගැනීම වයින් වලට…පරණ වෙන්ඩ වෙන්ඩ වටිනවා වැඩියි..එතකොට දාස්ට චන්ද්‍රාව විස්කි හා සමානයි කියලා තැනක කියනවා..එක එක ෂොට් එකේදි එක එක රස…කියන විදියට චන්ද්‍රාට ආයෙම කේන්තිය ඔටෝ අප්ඩේට් වෙනඑක අහන්ඩත් දෙයක්ද..ඒත් ඒ කේන්තිය කේන්තියක්මත් නෙවෙයි..ටිකක් විතර හොට් ආර්ගිවු එකක්”මම වොඩ්කා..වැඩියෙන් ගත්තොත් පිච්චිලා යයි..”.ඒ චන්ද්‍රා …ගෑනු හරි දක්ෂයි පිරිමියෙක්ගෙ යකාවුස්සන්ඩ..තමන්ගෙ රිසිනොරිසි කම් හොදටෝම දැන දැනත් ඔවුන් හිටපු ගමන් තඩිපොල්ලකින් ඔළුවටගහන ජාතියෙ ප්‍රශ්න අහනවා”මං වෙනුවෙන් කවුරුහරි මරන්න පුළුවන්ද..මං වෙන පිරිමියෙක් එක්ක හිටියොතින් ඔයා මොකද කරන්නේ.. “”ඔයාගෙ නිදහසට මට බාධාකරන්න බෑනේ..ඔයාගෙ කැමැත්තනේ ඒක කියලා උත්තරයක් නෙවෙයි උන් බලාපොරොත්තු වෙන්නේ..ඇය නොකියා ඔය කියන්නෙ වචන වලින් හරි තරවටුවක් ඕනය කියනෙක….”නිදහස කියන්නෙ වේ#%&**ක් නෙවෙයි කියලා උත්තරයක් ගෑනු පිරිමින්ගෙන් බලාපොරොත්තු වෙනවා …කොණ්ඩෙ පාට කරන්න,එළියට යන්න හැමදේටම චන්ද්‍රාට දාස්ගෙන් නීතිරිති නොවැටුණට චන්ද්‍රා යටිහිතින් බලාපොරොත්තු වෙනවා ඇය ගැන හොයනවට…මේ ලෝකේ ඉන්න අතිබහුතරයක් චන්ද්‍රලා එහෙමයි..වැඩ දාහක් අස්සෙ වුණත් තමන්ව හොයන පිරිමියෙක් ,පැත්තකට වෙලා ඉද්දි පීරියඩ්ස් කියලා නොහිතා හොයලා බලන පිරිමියෙක්,එයාව අහන් ඉන්න පිරිමියෙක් හැම තත්පරේකම නැතත් වැඩිහරියක්ම තත්පර වලදි ඔවුන් බලාපොරොත්තු වෙනවා .සමහර වෙලාවට ආදරෙන් කතාකරන එක වචනයක් ඇයව ප්‍රේමයෙන් පුරවන්න තරම් බලවත් …සංවේදී වෙන්ඩ ගත්තම පාලනයෙන් තොරයි වගේමයි අනික් පැත්තට ආවේගය ආරුඪ වුණහමත්…හැලහැප්පීම් ,හිත්රිදුම් ,මහඋන්ට වගෙම පොඩිඋන්ට ෆෝන් එක ඇබ්බැහි කෙරෙවුවම වෙන විපරියාසයන් ගැන ඕනවට වැඩියෙන් හිතන්න ගත්තමත් රිදෙන්න ගන්නවා …හස්බන්ඩ්ගෙ චරිතය අස්සෙ බොහෝදුරට කොලුගති මැරෙන්නෙ නෑ..යාළුවො එක්ක චැට් කරද්දී සුද්දගෙන් හොදටම ඉගෙනගත්ත ලස්සනම ඉංගිරිසී වචනෙ නිතරම දොට්ට පනිනවා..⁣ෆෝන් එකෙන් ගේම් ගහන්න දුන්නා කියන තැන ගැටළුවක් නැතත් සභ්‍ය නොවෙන තැන් ගැන ඇය පුන පුනා අරගල කරනවා..කසාද බැදපු ගෑණියෙක් එක්ක නැළවෙන නැළවිල්ල,තමන්ට නමින් ආමන්ත්‍රණය කරලා ඒ ගෑණිට බබා කියනෙක…කෑවද බිවුවද ගෙදරගියාද හොයනෙක..මෙවුවා අස්සෙ මරාගෙන මැරෙන්න එන ආවේග බතක් වෑංජනයක් රොස් වෙන ගානට විහික්කරන්ඩ පුළුවන් නම් හොදයි…ඔක්කොටම කලියෙන් එක දෙයක් පාලනය කරගන්ඩ සිද්ධ වෙනවා…ඕවර් තින්කින්ග්…හැබැයි එහෙම වුණාට ගෑණියෙක්ගෙ ඉව හරි ප්‍රබලයි..සමහර තැන්වලදි ඔවුන් තක්කෙටම දන්නවා තමන් ඉදිරිපත් කරන ගැ⁣ටළුවට ඔවුන්ගෙන් ලැබෙන ප්‍රතිචාරය පවා…ප්‍රේමය⁣ට එකග වෙච්ච තැන ඉදලම අතිබහුතරයක්ම තමන්ගෙ ප්‍රේමය මත පේවෙනවා..ඒ මත්තෙ නැහෙනවා..හැසිරීම් අධ්‍යයනය කරන්ඩ පටන් ගන්නවා හැබැයි සමහර හිතිවිලි තියෙනවාඒවා නම් ඕනවට වැඩියෙන් ඕනම වැඩියි….පවුල් වෙලානම් ඉන්නෙ ,පවුල් වෙන්ඩ සැලසුම් කරන ගමන්නම් ඉන්නෙ දෙයියන්ගෙ නාමෙට මේ පැය භාගේනම් මිස්ඩ් කරගන්නෙපා….

_______________________________රුවන්ති ජයතිලක

Leave a Reply

Your email address will not be published. Required fields are marked *