උදයකාන්ත වර්ණසූරිය 25වන සිනමා නිර්මාණය “ගිනිමල් පොකුරු” රූගත කිරීම් ඇරඹෙයි….

සම්මානනීය සිනමාපට අධ්‍යක්ෂ උදයකාන්ත වර්ණසූරිය මහතාගේ 25වන සිනමා නිර්මාණය “ගිනිමල් පොකුරු” .

මෙහි කතාව, තිර රචනය,අධ්‍යක්ෂණය,සහ නිෂ්පාදනය උදයකාන්ත වර්ණසූරියගෙනි.

මෙහි රූප ගත කිරීම් අප්‍රේල් මස 22වනදා සිට ඇරඹෙයි.

“ගිනිමල් පොකුරු” කියන්නේ අනපේක්ෂිත අයුරින් තම ජිවිතයේ තීරණාත්මක ගැටුමකට මුහුණ දෙන අනුවේදනීය මෙන්ම ත්‍රාසජනක සිද්ධීන් ඇතුළත් චිත්‍රපටයක්.

ඉසුරු ලොකුහෙට්ටිආරච්චි, චුලක්ෂි රණතුංග,චරිත් අබේසිංහ,ආනන්ද කුමාර උන්නැහේ, දිල්රුෆා ශානාස්, කුමාර වඳුරැස්ස, මෙහි ප්‍රධාන චරිත නිරූපණය කරනු ලබනවා.

මෙහි කැමරා අධ්‍යක්ෂණය අයේෂ්මන්ත හෙට්ටිආරච්චිගෙන් ද සංස්කරණය ප්‍රවීන් ජයරත්නගෙන් ද සහාය අධ්‍යක්ෂණය ඩොනල්ඩ් ජයන්තගෙන් ද වන අතර කලා අධ්‍යක්ෂණය ඇහැලියගොඩ සෝමතිලකගෙනි. සරත් ද අල්විස් මේ සඳහා සංගීත අධ්‍යක්ෂණයෙන් දායක වන අතර වේශනිරූපණය ඉන්දික උදාරලංකා විසින් වන අතර නිෂ්පාදන කළමනාකරණය අශෝක ආරියරත්නගෙනි. 

ප්‍රසාද් රොද්‍රිගෝ, බන්දුල ගුණවර්ධන, ක්‍රිශාන්ත හෙට්ටිආරච්චි, නිශාන්ත ජයවර්ධන, උදයංග සුරේෂ්, සුරංග අල්විස්, නිව්ටන් විදානපතිරණ, “ගිනිමල් පොකුරු” සඳහා සම නිෂ්පාදනයෙන් එක් වී තිබෙනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *