“උතුරු සුළඟ” අප්‍රේල් 29වනදා සිට රිදී තිරයේ

අයාල්, බටහිර අහස, පියවි වැනි ජනප්‍රිය ටෙලි වෘතාන්ත අධ්‍යක්ෂණය කළ චාමර ජනරාජ් පීරිස්ගේ කුළුඳුල් සිනමා අධ්‍යක්ෂණය වන “උතුරු සුළඟ” අප්‍රේල් 29වනදා සිට තිරගත කිරීමට නියමිතයි.

එරංග ජීවන්ත සහ කාවින්ද්‍යා දුල්ශානි ප්‍රධාන චරිත නිරූපණය කරන මේ චිත්‍රපටයේ ශ්‍රියන්ත මෙන්ඩිස්, බිමල් ජයකොඩි, දිල්හානි ඒකනායක, සුජානි මේනකා ඇතුළු තවත් නළු නිළි පිරිසක් රංගනයෙන් දායක වනවා.

පික්ස් ඇන්ඩ් වර්ඩ්ස් නිෂ්පාදනයක් වන “උතුරු සුළඟ” සිනමාපටයේ කතාව සහ දෙබස් ද අධ්‍යක්ෂවරයා විසින් සිදු කර ඇති අතර මුහමඩ් ඝානි, කපිල නවරත්න, රසිත ජිනසේන විසින් නිෂ්පාදන කටයුතු සිදු කර තිබෙනවා.

කැමරා අධ්‍යක්ෂණය කපිල සුගත් විජේරත්න, සංස්කරණය සුදේශ් කුමාරසිංහ, කලා අධ්‍යක්ෂණය ධම්මික හෙවාදුවත්ත, අංග රචනය අරුණ ශාන්ත විජේසූරිය, සංගීත අධ්‍යක්ෂණය ජානක ෆොන්සේකා, ගී පද රචනය තුෂානි බුළුමුල්ල, රේඛිය නිෂ්පාදනය ලක්ෂිත ප්‍රභාත් පතිරාජ, නිෂ්පාදන කළමනාකරණය අජිත් සමන්ත සහ මාලින්ද මධුශංක විසිනි.

උතුරු සුළඟ සිනමාපටයේ නිළ පූර්ව ප්‍රචාරකපටය පහතින්,

Leave a Reply

Your email address will not be published. Required fields are marked *