මාර්තු 10වනදා සිට නැවතත් සිනමා ශාලාවට “හංස විලක්”

“හංස විලක්” සිනමාපටය 2K තාක්ෂණයෙන් ප්‍රතිනිර්මාණය කර හෙට සිට (මාර්තු 10වනදා) නැවත ප්‍රදර්ශනය ආරම්භ කිරීමට නියමිතයි.

ධර්මසිරි බණ්ඩාරනායක අධ්‍යක්ෂණය කළ “හංස විලක්” ලංකා ඉතිහාසයේ බිහි වූ විශිෂ්ට සිනමා කෘතියක්.

1980 වසරේ එලි දැක්වුණු “හංස විලක්” හි කතා ආකෘතිය එය නිකුත් වූ කාලයට වඩා බොහෝ ඉදිරියෙන් සිටිනා චිත්‍රපටයක් බවයි සිනමා විචාරකයින්ගේ අදහස.

“හංස විලක්” තරමක් මුදු, එහෙත් සංකීර්ණ කතාවක් ඇතුළත් සිනමාපටයක්.

ඉතින් මේ සංකීර්ණ අන්දරය නැවතත් සිනමාශාලාවේ නරඹන්නට දැන් ඔබට අවස්ථාව.

“හංස විලක්” ඔබට ජීවිතය ගැන මෙන්ම සිනමාව ගැන ද පාඩමක් උගන්වනු නිසැකයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *