සිනමා රසිකත්වය යළි ඇහැරවූ “මාරියා” වැඩ අරඹයි

සම්මානනීය සිනමාපටයයක් වන නිකිණි වැස්ස අධ්‍යක්ෂණය කළ අරුණ ජයවර්ධනගේ නවතම සිනමා අත්දැකීම “මාරියා”

පසුගිය සතියේ සිනමා රසිකත්වය යළි ඇහැරවන්නට සමත් වූ නාමයක් හැටියට මාරියා හඳුන්වන්නට පුළුවන්.

සිනමාවට ආදරය කරන බොහෝ දෙනා මොකක් ද මේ මාරියා කියන්නේ? කවුද මේ සිනමා නිර්මාණය කරන්නේ? එතකොට කවුද මාරියා බවට පත්වෙන්නේ? ඒ එක්කම මේ චිත්‍රපටය කර අවසන් ද? කවදද තිරගත වෙන්නේ? මෙවැනි බොහෝ ප්‍රශ්න වලට උත්තර හොයන්න ගත්තා.

ඒ ප්‍රශ්න සියල්ලටම උත්තර දෙන්න හරි අපූරු හමුවක් පසුගියදා සී-නොර් රෙස්ටුරන්ට් එකේ පැවැත්වුණා.

ඒ තමා “මාරියා” චිත්‍රපටයේ මුහුරත් උළෙල.

එදිනම අරුණ ජයවර්ධනයන්ගේ වෙබ් අඩවිය ජනගත කිරීමද සිදු වුණා. ඒ සිය මෑණියන්ගේ සුරතින්…

මේ සියල්ල සිදු වන ආකාරය ඡායාරූප ගත කරේ Creative Focus Photographyහි හසිත විසින්..

Leave a Reply

Your email address will not be published. Required fields are marked *