සිනමා සිලෝන් (Cinema Ceylon) තුලින් ධර්මසේන පතිරාජයන්ගේ “ස්වරූප”

වම් ඉවුරේ පුරෝගාමී සිනමාකරු ආචාර්ය ධර්මසේන පතිරාජයන් අහස් ගව්වෙන් ඇරඹූ විකල්ප සිනමා ධාරාවේ අවසන් ඉම, “ස්වරූප” නම් වූ ඒ විශිෂ්ඨ කලාත්මක සිනමා කෘතිය ඔහුට කෘතවේදීත්වය පුද කරනු පිණිස දැන් සිනමා සිලෝන් (Cinema Ceylon) තුලින් ශ්‍රී ලාංකිය ඔබටත් විදේශ රටවල ප්‍රේක්ෂක ඔබටත් නැරඹීමට අවස්ථාව උදා කරදී ඇත.

මෙය ප්‍රාන්ස් කෆ්කාගේ The Metamorphosis කෙටි නවකතාව ඇසුරින් එරික් ඉලයප්ආරච්චි සහ ධර්මසේන පතිරාජ අනුවර්තනය කරන ලද්දකි.

මෙහි කතා ශාරය ග්‍රෙගරි සැම්සන් වටා ගෙතුනි. ඔහුගේ පවුල වූ අම්මා,තාත්තා සහ නැගණිය ගේ සියලු බර කරට ගැන්මට ඔහුට සිදුවූ අතර වෘත්තියක් ලෙස ඔහු පාමසි වෙළද නියෝජිතයෙක් වූවද , ආර්ථික ගැටළු වලින් ඔහුට ගොඩ ඒමට එතරම් පහසු වුයේ නැත.ඔවුන් සිටියේද කුලී නිවසකය .එහි කුලී ගෙවීමත් පවුලේ උදවියට කෑම බීම සහ අනෙක් අවශ්‍යතා සපුරාලීමත් ,තම නැගණියගේ වයලීන් පන්තියට මුදල් ගෙවීමත් සියලු දෙයම කිරීමට සිදුවුයේ
ග්‍රෙගරි සැම්සන්ට ලැබෙන සුළු වැටුපෙනි . එක් උදයක ග්‍රෙගරි සැම්සන් අවධි වන විට ඔහුව විශාල කෘමිනියෙකුට පරිවර්තන වී තිබුණි. එතැන් සිට කථාව දිව ගියේ අරුම පුදුම ලෙසය.

මෙහි ප්‍රධාන චරිතය වූ ඩබ්ලියු. ජයසිරි රගපාන අතර සෙසු චරිත නීටා ප්‍රනාන්දු, දයා තෙන්නකෝන්, විමල් කුමාර ද කොස්තා, ලක්ෂ්මන් මෙන්ඩිස් , ඩී.බී. ගංගොඩතැන්න, විශ්වනාත් ගුණසේකර ,විසින් රග දැක්විය.

කැමරා අධ්‍යක්ෂණය ඩොනල්ඩ් කරුණාරත්න, සංස්කරණය එල්මෝ හැඩ්ලි හා සංගීතය නදීක ගුරුගේ විසිනි .

“ස්වරූප” ආචාර්ය ධර්මසේන පතිරාජගේ විශිෂ්ටතම අධ්‍යක්ෂණයකි.

සිනමා සිලෝන් (Cinema Ceylon) තුලින් පමණක්ම නැරඹීය හැකි “ස්වරූප” නම්වූ මෑත යුගයේ ශ්‍රී ලංකාවේ බිහිවූ විශිෂ්ටතම සිනමා කෘතිය නැරඹීමට ඔබට කෙරෙන කලාත්මක ආරාධනයයි මේ.

https://cinemaceylon.com/



Leave a Reply

Your email address will not be published. Required fields are marked *