“මැරීන් Drive” චිත්‍රපටයේ පූර්ව ප්‍රචාරක ටීසර්පටයක් අන්තර්ජාලයට

මැරීන් Drive චිත්‍රපටය ගැන මේ දිනවල සමාජ මාධ්‍ය තුළ ලොකු කතාබහක් ඇතිව තිබෙනවා.

මේඝ සූරියආරච්චි සහ රුසිරු රණසිංහ ප්‍රමුඛ PRUVE කණ්ඩායමේ පළමු සිනමා නිර්මාණය වන “මැරීන් Drive” Action Thriller චිත්‍රපටයක්.

කෙසේ වෙතත් මෙහි කතා තේමාව පිළිබඳව තවමත් වැඩි විස්තරයක් මේ වන තෙක් එළිදක්වලා නැහැ.

ධර්මප්‍රිය ඩයස්, ජගත් මනුවර්ණ, දර්ශන් ධර්මරාජ්, ශ්‍යාම් ප්‍රනාන්දු, කළණ ගුණසේකර, සේවියර් කනිෂ්ක, නයනතාරා වික්‍රමාරච්චි සහ රුවින් ද සිල්වා වැනි නලු නිළි පිරිසක් මැරීන් Drive චිත්‍රපටය තුළින් අපට දැකගන්න පුලුවන්.

සංගීත අධ්‍යක්ෂණය උමේෂ් රාජපක්ෂ විසින් සිදු කරන අතර සංස්කරණය සජිත් කන්දනාරච්චි විසින්.

මැරීන් Drive චිත්‍රපටයේ පූර්ව ප්‍රචාරක ටීසර්පටයක් අන්තර්ජාලයට නිකුත් කර තිබෙනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *