“උතුරු සුළඟ” තිරගත වීම කල්යයි

ජනප්‍රිය ටෙලි වෘතාන්ත අධ්‍යක්ෂවරයකු වන චාමර ජනරාජ් පීරිස් අධ්‍යක්ෂණය කළ ප්‍රථම සිනමාපටය “උතුරු සුළඟ” තිරගත වීම කල් දමා තිබෙනවා.

අධ්‍යක්ෂ චාමර ජනරාජ් පවසන්නේ තිරගත කිරීමේ දින පිළිබඳව ඇතිවූ දෝෂයක් හේතුවෙන් මෙලෙස කල්දැමූ බවයි.

මාර්තු 05 වැනිදා සිට මෙම චිත්‍රපටය දිවයින පුරා තිරගත කෙරෙන බව මුලින් නිවේදනය කර තිබුනා.

කෙසේ නමුත් “උතුරු සුළඟ” එළඹෙන අප්‍රේල් / මැයි කාලයේදී තිරගත වනු ඇතැයි ද නිශ්චිත දිනය ඉදිරියේදී දැනුම් දෙන බව ද අධ්‍යක්ෂවරයා සිය ප්‍රේක්ෂකින් වෙත දන්වා සිටිනවා.

එරංග ජීවන්ත සහ කාවින්ද්‍යා දුල්ශානි ප්‍රධාන චරිත නිරූපණය කරන මේ චිත්‍රපටයේ ශ්‍රියන්ත මෙන්ඩිස්, බිමල් ජයකොඩි, දිල්හානි ඒකනායක, සුජානි මේනකා ඇතුළු තවත් නළු නිළි පිරිසක් රංගනයෙන් දායක වනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *