අද ඇත්තේ සිනමා හෝල්ද? බාර් හෝල්ද?

“හිතුමතේ ජීවිතේ” චිත්‍රපටයෙ අධ්‍යක්ෂක ගෲප් කපිතාන් ක්‍රිෂාන්ත මනම්පේරි

කොවිඩ්-19 වයිරසයේ දෙවැනි රැල්ලේ ශීඝ්‍ර ව්‍යාප්තියත් සමඟ සෑම ක්ෂේත්‍රයකටම වාගේ කණකොකා හඬන්නට වියග කෙසේ වුවද මේ රැල්ලත් සමඟ ජන ජීවිතය යළිත් යථා තත්ත්වයට පත්වී තිබේ. ඒ නිසාවෙන්ම වසා දමා තිබූ සිනමාශාලා ද යළි විවෘත වුණිග එසේ වුවද තවමත් චිත්‍රපට නැරඹීමට ප්‍රේක්‍ෂකයන්ගේ තිබෙන්නේ බියකි. මේ තත්ත්වය දැන් තිරගතවෙන චිත්‍රපටවලට දැඩි ලෙස බලපා තිබේග එවන් තත්ත්වයක් තුළ චිත්‍රපට නිෂ්පාදකයන්ට වගේම අලුත් අධ්‍යක්‍ෂවරුන්ට ද සිනමා ක්ෂේත්‍රය පිළිබඳව ඇත්තේ හොඳ චිත්‍රයක් නම් නොවේ.

දේශීය සිනමාවට අත්වී ඇති ඉරණම කෙබඳුද? මේ කාරණය පිළිබඳව කතා කිරීමට ඉදිරියේදී තිරගත වීමට නියමිත “හිතුමතේ ජීවිතේ” චිත්‍රපටයෙන් සිනමා අධ්‍යක්‍ෂණයට පිවිසෙන නිර්මාණකරුවකු වන ගෲප් කපිතාන් ක්‍රිෂාන්ත මනම්පේරි මහතා “රසවින්දන” සමඟ සාකච්ඡාවකට එක්වුණි. ඔහු මේ සිනමා ක්ෂේත්‍රයේ පවතින මාෆියාවන් පිළිබඳව බොහෝ දේ දන්නාල දිගු කලක් තිස්සේ ටෙලිනාට්‍ය හා චිත්‍රපට ක්ෂේත්‍රයේ නිරත වූ නිර්මාණකරුවෙකි. මේ ඔහු සමඟ කළ කතාබහේ සටහනකි.

● ඔබගේ කුළුඳුල් සිනමා අධ්‍යක්‍ෂණය “හිතුමතේ ජීවිතේ” ළඟදීම තිරගත වෙනවා යැයි පැවසුවද එයට බාලගිරි දෝෂය උදාවී ඇති බවයි පෙනෙන්නේ, ඇත්තටම අලුත් අධ්‍යක්‍ෂවරයකුට අපේ සිනමාවේ ඉදිරියට එන්න අපහසුතාවක් තිබෙනවාද?

ඇත්තටම මට එහෙම අපහසුතාවක් ඇතිවුණේ නෑ චිත්‍රපටය ගෙන ඒමට. මම ගිය අවුරුද්දේ ජුනි මාසයේ මෙය තිරගත කරන්න හිටියේ. එහෙත් කොවිඩ් ප්‍රශ්නයත් එක්ක ඒක කල් ගියා. ඊට පස්සේ නොවැම්බර්වල තිරගත කරන්න හිතාගෙන හිටියා. ආපහු සිනමාශාලා වහලා කොවිඩ් දෙවැනි රැල්ල හින්දා නැවත කල් ගියා. දැන් මැයි මාසයේ තිරගත කරන්න ප්ලෑන් එකක් තිබෙනවා. රටේ තත්ත්වය යහපත් වුණොත් එය මැයි මාසයේ තිරගත කරනවා.
මේක මගේ අදහසක්. චිත්‍රපටයක් කරද්දී, ඒ නිර්මාණයට සාධාරණයක් කළා නම් අධ්‍යක්‍ෂවරයා නවක ද ප්‍රවීණ ද නැතුව, එයට මේ තුළ රැඳෙන්න ඉඩක් තිබෙනවා. හැබැයි මෙහෙම ප්‍රශ්නයක් තිබෙනවා. ඉඩක් තිබ්බොත්, සමහර තැන්වලදී නවකයෙක්ගේ චිත්‍රපටයක් දන්නෙම නැතුව පිටුපස්සට තල්ලු වෙනවා. ඒක මට අත්දැකීමක් වුණේ නෑ. ඒත් ගොඩාක් අලුත් අයට අත්දැකීම් තිබෙන බව මට ඔවුන් පවසා තිබෙනවා.

● ඔබ කොහොමද අපේ සිනමාව හඳුනා ගත්තේ?

අපේ සිනමාවේ නවකයෙක්ට එන්න තිබෙන ඉඩ ප්‍රස්ථාව බොහොම අඩුයි. මේ මොහොත වනවිට තත්ත්වය ඒක තමයි. මොකද වියදම් කරලා හොඳ චිත්‍රපටයක් හදලා පෙන්වන්න ගියාම මණ්ඩලවල තත්ත්වය කොහොමද? හැමෝම ඊ.ඒ.පී. මණ්ඩලයේ තිරගත කරන්න තමයි බලන්නේ. මොකද වැඩිපුර සිනමා ශාලා ඔවුන්ට තිබෙන නිසා. අලුත් තාක්ෂණය පිරි සිනමාශාලා රැසක් ඔවුන්ට තිබෙනවා. අනෙක් මණ්ඩලවල තිබෙන සිනමාශාලා බොහොමයක් සතුටුදායක තත්ත්වයක නෑ.

මම මගේ චිත්‍රපටය ගිය වසරේ මැයි මාසයේ තිරගත කරන්න හැදුව නිසා ලංකාව වටේම තිබෙන සිනමාශාලා බලන්න ගියා. සිංහල චිත්‍රපට පෙන්වන හැම එකකටම ගියා. සති 2ක් විතර මේ වෙනුවෙන් ගියේ චිත්‍රපට පෙන්වන්න පුළුවන් තත්ත්වයක් මේ සිනමා ශාලාවල තිබෙනවාද කියා බලන්නයි. සමහර සිනමාශාලා අරගෙන යන්නේ බාර් එක පවත්වාගෙන යන්නයි. චිත්‍රපටය පෙන්වීමට වඩා ඔවුන්ට අවශ්‍ය මත්පැන් විකුණා ලාබයක් ගන්නයි. ඔවුන් ප්‍රමුඛත්වය දෙන්නේ ඒකටයි. ඒ හින්දා අපි කොච්චර වියදම් කරලා චිත්‍රපට කළත් වැඩක් නෑ. සිනමා ශාලාවලට එය දුන්නාට පස්සේ ප්‍රමුඛත්වය වෙන වෙන දේවලට දෙනවා නම්. මේ බාර් නිසා සමහර සිනමා ශාලාවලට ප්‍රේක්ෂකයෝ එන්නේ නෑ. බාර් තිබෙන සිනමාශාලා බොහොමයක් ඉතාමත් පහත් මට්ටමේ පහසුකම් තිබෙන්නේ. සිනමාශාලාව ඔවුන් තියාගෙන ඉන්නේ බාර් එක පවත්වාගෙන යන්නයි. ඒ නිසා පුදුමාකාර කඩාවැටීමක් අද තිබෙන්නේ. මේ සඳහා චිත්‍රපට සංස්ථාව මැදිහත් විය යුතුමයි. මම මේ ගැන වත්මන් සභාපතිතුමාටත් පැවසුවා. මීට පෙර හිටපු සභාපතිවරයාටත් මේ බව කිව්වා. ඒත් වැඩක් වුණේ නෑ.

● අද චිත්‍රපටයක් කිරීම ලේසි වුණත් තිරගත කිරීම ලෙහෙසි නෑ. විශේෂයෙන් චිත්‍රපට බෙදාහැරීමේ රටාව තුළ තිබෙන බදු ගැසීම් නිසා නිෂ්පාදකයාට දැඩි අසීරුතාවක් ඇතිවී තිබෙන්නේ, මේ පිළිබඳව ඔබට මොකද හිතන්නේ?

ඇත්ත. මෙහි ලොකුම බලපෑම තිබෙන්නේ නිෂ්පාදකයාටයි. මම මේ චිත්‍රපටයේ නිෂ්පාදකල අධ්‍යක්‍ෂ ලෙස කටයුතු කරන හින්දා ඕක තදින්ම බලපානවා. ලංකාවේ මේ තත්ත්වය මාෆියාවක් වගේ තමයි. අපි චිත්‍රපටයක් කරලා දැම්මාම සියයට 10ක බද්දක් බෙදාහැරීමේ මණ්ඩලය ගන්නවා. කිසිම දෙයක් කරන්නේ නෑ. පෝස්ටර් ගහන්නෙත් අපි. අලවන්නෙත් අපි. දැන්වීම් දාන්නෙත් අපි. සිනමා ශාලාවේ කටවුට් දෙන්නෙත් අපි. ඔක්කොම කරලා, අවසානයේ චිත්‍රපට පෙන්වන්න යනකොට බදු ගහනවා. බෙදාහැරීමේ මණ්ඩල කිසිම දෙයක් කරන්නේ නෑ. සමහර සිනමා ශාලාවලට පූර්ව ප්‍රචාරක පට :ට්‍රේලර්* පවා නිෂ්පාදක ගිහින් දෙන්න වෙලා තිබෙන්නේ. බෙදාහැරීමේ මණ්ඩල කිසි වගකීමක් ගන්නේ නෑ. ඔවුන් නිෂ්පාදක පැත්ත දිහා බලන්නෙවත් නැති තරම්.
අනෙක් කාරණය මේ ගන්න සියයට 10 ඇත්තටම වැඩියි. මොකද සම්පූර්ණ උපයන ආදායමෙන් සියයට 10 ක් ඔවුන් ගන්නේ. මගේ චිත්‍රපටයට රුපියල් ලක්‍ෂ 300 කට ආසන්න මුදලක් වියදම් කරලා තිබෙනවා. ඒ මුදලින් මට ලැබෙන්නේ සියයට 34–40 ත් වගේ ගණනක්. ආදායමෙන් 10්‍ර ක් බෙදාහැරීමේ මණ්ඩල නිකම් ඉඳලා ගන්නවා. ඒක අසාධාරණයක්. මේක වෙනස් කරන්න ක්‍රමවේදයක් අවශ්‍යයි. එහෙම නැත්නම් අපට කෙළින්ම සම්බන්ධ වෙන්න දෙන්න ඕනේ චිත්‍රපට ප්‍රදර්ශකයන්ගේ සංගමය එක්කග චිත්‍රපට සංස්ථාවට මෙයට මැදිහත් වෙන්න බැරිනම් සිනමාශාලා හිමියන් එක්ක එකතු වෙලා, චිත්‍රපටය පෙන්වීමේ ක්‍රමවේදයක් හැදිය යුතුයි. සිනමාශාලා එක්ක සියයට 50–50 ගණනේ බෙදාගන්න එනකොට කතා කරගන්න පුළුවන්ග චිත්‍රපට සංස්ථාව එක්ක මේ ගැන කතා කළත් තවම පිළිතුරක් නෑ.

● මේ ප්‍රශ්නය පිළිබඳව අගමැතිතුමා හමුවී පසුගිය කාලවල කතා කළා නේදරෑ මොකක්ද එයින් ලැබුණු දේ?

අගමැතිතුමා විනෝද බද්ද අවුරුදු 2කට අයින් කරන්න කියලා එදා සාකච්ඡාවේදී කියා තිබුණා. එහෙත් ඒක ගැසට් වෙන්න ඕනේග කට වචනය කිව්වාට, සමහර ප්‍රාදේශීය සභාවල ඒ විනෝද බද්ද අය කරනවා. මොකද මගේ පවුලේ අයට සිනමාශාලා තිබෙන නිසා මම ඒ ගැන දන්නවාග මාස 3ක් ගියත් තවම ගැසට් කරලා නෑ. මේක ගැසට් කරන එකයිල ඉක්මණින් සොයා බලන එකයි චිත්‍රපට සංස්ථාව විදිහට ඔවුන්ට වගකීමක් තිබෙනවා. ඒත් ඒ වගකීම හරිහැටි සිද්ධ වෙන්නේ නෑ. චිත්‍රපට සංස්ථාව තිබෙන්නේ අවුරුද්දකට සැරයක් නළු නිළියන් ගෙනවිත් ෂෝ කරන්න නොවෙයි. මූලික දේ ඔවුන් වටහාගෙන අත්‍යවශ්‍ය දේ අත්‍යවශ්‍ය විදිහට කරන්න ඔවුන් කටයුතු කළ යුතුයි. එහෙම එකක් මා දකින්නේ නෑ.
බෙදාහැරීමේ මණ්ඩල අපි මොහොතකට අයින් කරමු. බෙදාහැරීමේ බලතල යළි චිත්‍රපට සංස්ථාවට ගැනීම සඳහා දැන් උසාවියේ නඩුවක් තිබෙනවා. එහි තීන්දුව ළඟදීම එයි. මට වැටහුණේ ඒ අයත් ඉන් පස්සේ මේ සියයට 10 ගන්න තමයි ප්ලෑන් කරන්නේ. සිනමාවේ ප්‍රගමනය උදෙසා කියලා තමයි ගන්න හදන්නේ. චිත්‍රපට සංස්ථාවටත් රිද්මා කියලා මණ්ඩලයක් තිබෙනවානේ. එයින් අවුරුදු 20ක් තිස්සේ සියයට 10 ගත්තා නේද? ඒ බදු මුදලෙන් මෙතෙක් කාලයක් මොනවද සිනමාවේ ප්‍රගමනයට කළේ? නැවත කරන්න හදන්නේ පරණ දේම තමයි. අනෙක දැනටත් කරන්න බැරිව ඉන්න චිත්‍රපට සංස්ථාව බෙදාහැරීම කොහොම කරන්නදරෑ පහුගිය කාලයේ ඔවුන්ගේ රිද්මා මණ්ඩලයේ පෙන්වූ චිත්‍රපටවල තත්ත්වය ටිකක් හොයා බලන්නග කා එක්කවත් පුද්ගලික අමනාපයක් මට නෑ. චිත්‍රපට සංස්ථාව බෙදාහැරීමේ බලය ගත්තාමත් ඒ සියයට 10 ගන්න යනවා කියලයි ආරංචියි. එහෙම ගන්නවා නම් වැඩක් තියෙනවාද? එය අවම වශයෙන් සියයට 3–4 ක් විය යුතුයි. එහෙම නැත්නම් ඒක අසාධාරණයක්.

● ඇයි හැමෝම එකතු වෙලා මේ ගැන කතා නොකරන්නේ? පසුගියදා බෙනට් රත්නායක මහතා මා සමඟ පැවසුවේ තමන්ගේ අයිතීන් වෙනුවෙන් සටන් කළ යුතු බවයි?

නිෂ්පාදකවරුන් හැටියට මා කියන්නේ අපි හැමෝම එකතුවිය යුතුයි. හැමෝම කතා කරලා එක තීරණයක ඉන්න. හැමෝම අපට දෙන්න පුළුවන් 5්‍ර කියලා එක මතයක ඉන්නවා නම්, එහෙම නැත්නම් අපි චිත්‍රපට දෙන්නේ නෑ කියලා කියනවා නම් බෙදාහැරීමේ මණ්ඩල තමන්ගේ ආධිපත්‍යය නතර කරයි. එහෙම නැතුව නම් මේ දේ කරන්න බෑ. අපට එකතු වෙන්න බැරි, කියන දේ කරන ජාතියක් නොවීමයි. සමහරු මාධ්‍යවලට ඇවිත් ලොකුවට කතා කළාට, මණ්ඩලවලින් සල්ලි අරගෙනල වෙන ප්‍රතිලාභ අරගෙන තිබෙනවා. එහෙම ප්‍රසිද්ධ අධ්‍යක්‍ෂවරු අපේ රටේ ඉන්නවා. මෙහි විනිවිදභාවයක් ඇතිව කටයුතු කරන්න ඕනේ.
මම මේ කර්මාන්තයේ අවුරුදු 20ක් කරනවා. ටෙලිනාට්‍ය 10ක්ම කළා. චිත්‍රපට කීපයකට මුදල් දැම්ම කෙනෙක් මම. ඒ හින්දා මම මේ ගැන හොඳට දන්නවා. මම 1993 ඉඳලා සිනමාව එක්ක ඉන්නේ. මගේ පවුලේ සහෝදරයන්ට සිනමා ශාලා 10කට වඩා තිබෙනවා. මේ ගැන මම හොඳ අවධානයෙන් ඉන්නේ. හොඳ අවබෝධයක් මට තිබෙනවා. ඔක්කොම එක තීරණයකට එන්න ඕනේ. චිත්‍රපට නිෂ්පාදකවරුල අධ්‍යක්‍ෂවරු එක තීරණයකට ආවොත් ඔවුන්ගේ සිනමාශාලාවල මොනවද පෙන්වන්නේ? මෙතනදී අපේ බලය පෙන්වන්න දැන් කාලය ඇවිත් තිබෙන්නේ.

● මෙහෙම ගියොත් දේශීය සිනමාවේ හෙට දවස අවිනිශ්චිතයි නේද? ඔබට ඒ ගැන මොකද හිතෙන්නේ?


නිර්මාණකරුවන්ට ලොකු වගකීමක් තිබෙනවා හොඳ නිර්මාණ ඉදිරිපත් කිරීමට. චිත්‍රපට කියලා මොනවා හරි විගඩං පෙන්වන්න ගියොත් නම් ප්‍රේක්‍ෂකයා එන්න එන්න තවත් ඈත්වෙලා යයි. එය පහුගිය කාලේ හොඳටම මම දැක්කාග හොඳ චිත්‍රපටයකට තවමත් ලංකාවේ ප්‍රේක්ෂකයන්ගේ ඉඩක් තිබෙනවා. කොවිඩ්-19 හරහා තමයි ගැටලුව ඇතිවෙලා තිබෙන්නේ. හැබැයි මෙයට කෙළින්ම චිත්‍රපට සංස්ථාවේ මැදිහත්වීමක් අවශ්‍යයි. එතන මේ සඳහා හැඟීමක්ල දැනීමක් ඇති පිරිසක් ඉන්න ඕනේග එහෙම නැත්නම් දේශීය සිනමාව ඉවර වෙන්න පුළුවන්. මේකට රජයේ මැදිහත්වීමක් වෙලාල අඩුම ගණනේ මේ හෝල් ටිකවත් හදලා ඉහළ තත්ත්වයට ගෙන ආ යුතුයි. තවමත් මිලිමීටර් 35 චිත්‍රපට පෙන්වන සිනමා ශාලා 10–15 ක් තිබීමෙන් ලංකාවේ සිනමාව කොයිතරම් පහළ මට්ටමකද ඉන්නේ කියලා හිතාගන්න පුළුවන්. අනෙක E -සිනමාව කියලා ජරාවක් දාලා තිබෙනවා. චිත්‍රපට හරියට පේන්නේවත් නෑ. මේවාට රජයේ මැදිහත්වීමත් ඉතාමත් ඉක්මණින්ම ඕනෑ.

  • සංවාද සටහන – සමන්ත යහම්පත්  – “ලංකාදීප රසවින්දන”

Leave a Reply

Your email address will not be published. Required fields are marked *