“උතුරු සුළඟ” එළඹෙන මාර්තු 5 වැනිදා සිට

අයාල්, බටහිර අහස, පියවි වැනි ජනප්‍රිය ටෙලි වෘතාන්ත අධ්‍යක්ෂණය කළ චාමර ජනරාජ් පීරිස්ගේ කුළුඳුල් සිනමා අධ්‍යක්ෂණය වන “උතුරු සුළඟ” එළඹෙන මාර්තු 5 වැනිදා සිට ප්‍රදර්ශන වීමට නියමිතයි.

දශක තුනක කුරිරු යුද්ධයේ අත්දැකීම් හා මතකයන් සිත් වලින් ඈතට පියාඹමින් සිටින අද දිනයේ, ලංකාවේ උතුරු පෙදෙසේ පෙර මායිම් ගමක්ව තිබු ලස්සන ගැමි පරිසරයක් කේන්ද්‍ර කරගනිමින් මෙම වෘතාන්තය රූගත කර තිබෙනවා.

යුද්ධයේ සෙවනැලි ජීවිත තුල ඉතිරි කර ගිය අඳුර පිලිබඳ මතකයන් සමග ජීවත් වන සුනිමල්, ආගන්තුක පරිසරයක යලි ජීවිතය ගොඩ නගාගැනීමට දරන උත්සාහයත්, ගමේ නායකයා වන රාලහාමි මාමාගේ දුව යශෝධරා ගැන ඇතිවන ආදර හැඟීම සඟවා ගැනීමට නැවතත් සටනේ යෙදෙන සුනිමල් ගැනත් උතුරු සුළඟ චිත්‍රපටය තුලින් සිනමා රසිකත්වයට අපූරු සිනමාත්මක අත්දැකීමක් තිලිණ කරනවා.

ඔහුගේ මෙම සියලු උත්සාහයන් දෙදරා යන විට ජීවිතය යලි පණගන්වන්නට ඔහුට පිහිට වන්නේ ඔහුගේ වර්තමානයයි.

එරංග ජීවන්ත, කාවින්ද්‍යා දුල්ශානි, ශ්‍රියන්ත මෙන්ඩිස්, සනත් ගුණතිලක, දිල්හානි අශෝකමාලා, මීනා කුමාරි, ලක්ෂිත ප්‍රභාත් පතිරාජ, කසුනි කාවින්ද්‍යා, සුලක්ඛනා හේරත්, හර්ෂ ප්‍රසාද් කන්දකපුගේ, ශෂික දමයන්ත සමරේ, රනිල් ප්‍රසාද්, ප්‍රින්සි ප්‍රනාන්දු මයුර වික්‍රමරත්න, අඛිල දිසානායක ඇතුළු රංගන ශිල්පින් ශිල්පිනියන් රැසක් මේ සඳහා රංගන දායකත්වය වී තිබෙනවා.

පික්ස් ඇන්ඩ් වර්ඩ්ස් නිෂ්පාදනයක් වන “උතුරු සුළඟ” සිනමාපටයේ කතාව සහ දෙබස් ද අධ්‍යක්ෂවරයා විසින් සිදු කර ඇති අතර මුහමඩ් ඝානි, කපිල නවරත්න, රසිත ජිනසේන විසින් නිෂ්පාදන කටයුතු සිදු කර තිබෙනවා.

කැමරා අධ්‍යක්ෂණය කපිල සුගත් විජේරත්න, සංස්කරණය සුදේශ් කුමාරසිංහ, කලා අධ්‍යක්ෂණය ධම්මික හෙවාදුවත්ත, අංග රචනය අරුණ ශාන්ත විජේසූරිය, සංගීත අධ්‍යක්ෂණය ජානක ෆොන්සේකා, ගී පද රචනය තුෂානි බුළුමුල්ල, රේඛිය නිෂ්පාදනය ලක්ෂිත ප්‍රභාත් පතිරාජ, නිෂ්පාදන කළමනාකරණය අජිත් සමන්ත සහ මාලින්ද මධුශංක විසිනි.

උතුරු සුළඟ සිනමාපටයේ නිළ පූර්ව ප්‍රචාරකපටය පහතින්,

Leave a Reply

Your email address will not be published. Required fields are marked *