හෙළවුඩ් තාරකාවලෝකන

රූප වංශයේ රොමාන්තිකයා – විජය කුමාරණතුංග

අපේ සිංහල සිනමාවේ සදාතනික සිහින කුමරුන් සොයද්දී , ඒ තැනට නම් ගොඩක් යෝජනා වෙන්නේ නෑ.

ඒ සිහින කුමරා විජය කුමාරතුංග නම් සිනමාවේ රොමාන්තිකයා.

1945 ඔක්තෝබර් 9 වන දා උපන් කෝවිලගේ විජය ඇන්ටන් කුමාරණතුංග සිහින කුමරු කිරුළට මග පාදා ගත්තේ 1968 තිරගත කළ සුගතපාල සෙනරත් යාපාගේ හන්තානේ කතාව චිත්‍රපටයෙන්.

එතැන් පටන් 70 දශකය පුරා හෙළවුඩය රොමාන්තික රජදහනක් කළ විජය කුමාරතුංග චිත්‍රපට 114 ට තම රංගන දායකත්වය ලබා දුන්නා.

ගැඹුරු එහෙත් නම්‍ය කඩ හඩක් හිමි විජය නම් සිනමාවේ සිහින කුමරා තම පළමු ගීතය ගැයුවේ ඉන්දුට මල් මිටක් චිත්‍රපටය වෙනුවෙන්.

ඒ ආරම්භය සිනමා සම්මාන උළෙලවල් වල හොඳම ගායකයා ලෙසින් අභිෂේක වීමට ඔහුට හැකි වුණා. 1983 වසරේ සිට 1988 වසර දක්වා වසර හයක් පිට පිටම වසරේ ජනප්‍රියම නළුවාට හිමි සරසවිය සම්මානය ලබා ගන්නට විජය වාසනාවන්ත වුණා.

මේ රොමාන්තික පෙබරවාරියේ හෙළවුඩ් තාරකාවලෝකන තුළින් අපි සමීප කරන්නේ විජයගේ ජනකාන්ත චිත්‍රපට පහක්.

නොම්බර 17

ක්‍රිස්තු චරිතය

අභිරහස

ජයසිකුරුයි

මරුවා සමග වාසේ මේ සියල්ල රොමාන්තිකයා අනුස්මරණය කරන මේ පෙබරවාරියේ..

Leave a Reply

Your email address will not be published. Required fields are marked *