කළන ගුණසේකර..

” ජිවිතේ කියන්නෙ ජීවිතේ. එක කිසි දේකට සමාන කරන්නවත් අර්ථ දක්වන්නවත් බෑ”

මම අද කතා කරන්න යන්නෙ නළු වරණයක් ගැන .නුඹත් මමත් පුද්ගලිකව ආදරය කරන නළුවෙක් ගැන. සමහර විට නුඹ ආදරය නොකරන මම ආදරය කරන වෙන්නත් පුලුවන්.

නමුත් කලා ගැන කතා කරන්නෙ ඒ අදරය ♥️නිසා විතරක්ම නෙමෙයි. මට හිතෙන විදියට අපි ඔහුව කියවිය යුතුයි.

කළන ගැන කතා කරන්න හේතු කීපයක්ම තියෙනවා ඔහු රංගන ශිල්පියෙක්, තිර රචකයෙක්,කවියෙක්,ගීත රචකයෙක්, වගේ විවිධ අංශවලින් දක්ෂතා පෙනවන එකෙක්. කොටින්ම කලාකරුවෙක්. මේ හේතු සේරටමත් වඩා කළන ගුණසේකර ගැන කතා කරන්න ඕන කියලා හිතෙන මූලිකම හේතුව තමයි අනාගත ලාංකීය සිනමාව තුල ප්‍රබලව බලාපොරොත්තු තැබිය හැකි අයෙක් වීම. කතා කරමු ඒ ගැන ඉදිරියට.????????

කළන කියන නළුවා මතු වෙන “කූබියෝ” නිසාම තමයි මමත් මේ නළුවට ආදරේ කරන්න පටන් ගන්නෙ. එ කියන්නෙ ප්‍රියන්ත මහඋල්පතගමට පිස්සු වැටීම.♥️♥️”කූබියෝ ” හෝ ඒ රංගනය ගැන අමුතුවෙන් කතා කරන්න ඕන නෑ.ඒ ???? කූබියාට ඇතිවෙන ආදරෙත් එක්ක ඔහුව කියවන්නට යම්තාක් හෝ පටන් ගත්තම තමයි ඔහු පෙර රගපෑ.

  • ගිනි අවි සහ ගිනි කෙලි.
    *විභාග ෆේල්.
    *ත්‍රෙයිලෝකා.
    *මේ වසන්ත කාලයයි.
    *ස්වේත ගංතීර.
  • බොන්චි ගෙදර ඉන්ද්‍රපාල.
    වැනි ටෙලි නිර්මාණ හමුවන්නෙ. ඒ නිර්මාණත් එක්ක මමනම් මූලිකවම මුල් කාලෙ මේ නළුවා තුලින් දකින්නෙ වෙනස්ම පැතිකඩක්.ඒ කාලෙ තුල සිනමාව ගැන මේ තරම් වත් දැනුමක් තිබුන කාලයක් නොවුනත් මුල් කාලෙ මට කළන දකිනකොට මතක් වෙන්නෙ අමරසිරි කලන්සූරිය කියන අති දක්ෂ ජේෂ්ඨ රංගධරයව. එ ඇයි කියන්න දන්නෙ නෑ නමුත් ඒ රූපය,රංගන විලාසය, වැනි දේ සමග අදටත් මට හිතෙන්නෙ ඒ චරිත දෙක තුල සමානකම් තියෙනවා කියලයි.????

පසු කාලීනව ඔහු රංගනයෙන් දයක වූ
*අඩෝ.
*පොදු
ටෙලි තුලත් දක්ෂ රංගනයක් දකින්න ලැබෙනවා. නමුත් සිනමාව තුල කළන ගුණසේකරට හිමි වන තැන .???

මම අද මේ ලිපිය ලියන්න මූලික හේතුවත් ඒකම තමයි. සිනමව තුල කළන ගුණසේකර.

කළන මුලින් සිනමාව තුල මමනම් දකින්නෙ ශමීර රංගන නාඹටුන්නගෙ ” මෝටර් බයිසිකල් “සිනමාපටය තුලින් ඊට පසුව සුජීව ප්‍රියලාල්ගෙ “සුපර්නා” සිනමාපට්‍ය තුල නමුත් කළනගෙ නිසි සිනමා පිවිසුම සිදු වන්නෙ ඔහුම තිර රචනා කල “සූස්ති ” සිනමාපටය සමගින්. එක අතකින් කළන කියන්නෙ එක අතකින් වාසනාවන්ත එක අතකින් අවාසනාවන්ත ????නළුවෙක්. ඔහු ප්‍රධාන චරිතය රගපාන “බහුචිතවාදියා” සිනමාපටය වෙනුවෙන් මීට ව්සර කීපෙකට පෙර ඔහු සම්මානය ප්‍රාත්‍ර වෙනවා. නමුත් ඒ සම්මානෙට පත් වෙන “බහුචිතවාදියා” තවමත් තිරගත වීමට නියමිත සිනමාපයයක්.???????? ඒක කළනගෙ විතරක් නෙමෙයි සිනමාවට ආදරේ කරන අපෙත් කරුමෙ.

දන්නවද????….

  1. බහුචිතවාදියා-මාලක දේවප්‍රිය.
  2. වියසිදුරු- ප්‍රබාත් ආගම්පොඩි.
  3. මංකි මෑන් – තරිදු දේසප්‍රිය.
  4. වෙඩි නොවදින ලමයි- ඉන්දික ෆර්ඩිනෑන්ඩු.
  5. ඉක්කා.
  6. නයිට් රයිඩර්.
  7. මැරින් ඩ්‍රයිව්
  8. සාරි ගප්පි -මාධව පතිරන.
  9. මුරුගසන්නිය – ජගත් මනුවර්න.
  10. දුර දිග මිසයිල.

කියන කළන රගපාන සිනමාපට 10 ක්ම තිරගත වීමට නියමිතයි . මේ අතරින් සිනමාපට 8 කම කළන ප්‍රධාන චරිතය රගන සිනමාපට ♥️කළන ගැන ලියන්න මූලිකම හේතුවත් ඒකම තමයි.

මේ සිනමාපට සමග මටනම් වැටහෙන මූලික කරුනක් තමයි කළන ගුණසේකර කියන්නෙ අනාගත ලාංකීය සිනමවෙ විශිෂ්ඨ සළකුණක් කියන එක.

මම දන්න තරමින් නම් මේ තරම් සිනමාපට තිරගත වීමට නියමිත නලුවෙක් සිටිනවා නම් ඒ හේමාල් රණසිංහ පමණයි. ඒ නිසා කළනගේ පරපුරේ නළුවන්ට සාපේක්ෂව අනාගත සිනමාව තුල වැඩ ගත හැකි වැඩක් නොගත්තත් වැඩක් කරන ???? වැඩ්ඩෙක්.

වැඩක් නොගත්තත් වැඩක් කරනවා කරනවා කියන්නෙ.

  • ඉක්කා.
  • සූස්ති.
  • මංකි මෑන්.????
  • අයිස් ක්‍රීම්.????
  • සාරි ගප්පි.
  • හැපි වෙඩින් මචං.
    කියන සිනමාපට තිර රචනය කරන්නෙත් ඔහුම වීම නිසයි.

කළන කියන්නෙ දක්ෂ තිර රචකයෙක් වගේම දක්ෂ කවියෙක්.

ඔහුගේ ” මූසිල ” හා ” ප්‍රේමනීය සරාගිනිය ” කියන කාව්‍ය පොත් දෙකෙන් මටනම් කියවන්න ලැබුණේ “මූසිල ” පමණයි. ඒක වෙනස්ම රහක්. එ රහ විදින්න කියවලම බලන්න. නැත්තම් කළනගෙ ෆේස් බුක් ගිණුමට ගියත් කවි ටිකක් රසවිදින්න නුඹට පුළුවන්.

කළනගෙ රචනයෙන් හැඩ වුනු ” සංසාරික කල්පනාවි” කියන ගීතයත් ලස්සන රසවත් ගීතයක්.ඒ වගේම කළන කියන්නෙ කරාටේ සුරයෙක් වගේම රෝද සපත්තු පැදීමටත් සුරයෙක්. කළනගෙ රෝද සපත්තු වැඩ නම් ” මංකි මෑන් ” ආපු ගමන් බලාගන්න පුළුවන්..

ඉහත සඳහන් කළ සිනමා හා ටෙලි නිර්මානවලට අමතරව ” අපි දැන් කොහෙද යන්නෙ” ” අවුරුවුදු” කියන කෙටි සිනමාපට වලින් වගේම ” සයිබර් ” වැනි වෙබ් සීරියස් වලිනුත් දැකගන්න පුලුවන්.

ඔහු අති දක්ෂ වේදිකා නළුවෙක්. නමුත් ඔහු දයක වූ වේදික නාට්‍ය ගැන සවිස්තරව කියන්න නම් මම දන්නේ නෑ.????

මම දැක්ක දෙයක් තමයි සමහරක් සමහර තැන් වල කියනවා, ලියනවා කළන කියන්නෙ ආඩම්බර පුත්ගලයෙක් කියලා. නමුත් ඔහු එසේ නොවන වග දන්න උන් දන්නවා. මම දන්න තරමින් ඔහු නිහතමානී මිනිසෙක්. මොකද මම ලියාපු ලිපි පවා ඔහු අගයලා ශෙයා කරලා තියෙනවා.

කල යුත්ත නිසි පරිදි කරන සොදුරු නිහතමානී,බොරු ආටෝප හො සාටෝප නැති සොඳුරු කලාකරුවෙක් ලෙසටයි මා නම් ඔහුව දකින්නෙ.

පුද්ගලිකව මේ පොඩි කොල්ලා ( 21කියන්නෙ ලොකු වයසක් නෙමෙයිනෙ නේ????) නම් මේ වෙනස් එකාට පට්ටම ආදරෙයි ♥️♥️ මොකද ඔහු මේ සමාජය දකින විදිය වගේම කලාකරුවෙක් ලෙසට ජීවත් වන ආකාරය අපේ බාසාවෙන් මරු ????

ඉතින් සොදුරු ,දක්ෂ ,වෙනස් කලාකරුවානණි, නුඹට සුබ අනාගතයක්. ????????????????????

  • සටහන – චානුක විතාරන

Leave a Reply

Your email address will not be published. Required fields are marked *