ජාත්‍යන්තරය ජයගත් “දඩ ඉම” – අන්තර්ජාතික වර්ල්ඩ්ෆේස්ට් හුස්ටන් සිනමා උළෙලේ, ප්ලැටිනම් රේමී සම්මානය අතැතිව

ඇමරිකාවේ, 2020 අප්‍රේල් මස පැවැත්වු 53වන අන්තර්ජාතික වර්ල්ඩ්ෆේස්ට් හුස්ටන් සිනමා උළෙලේ, ප්ලැටිනම් රේමී සම්මානය වෛද්‍ය නියෝමාල් පෙරේරා මහතාට හිමිවුණා.

ඒ “දඩ ඉම” චිත්‍රපටය අධ්‍යක්ෂණය වෙනුවෙන්

ඒ සඳහා පිරිනැමෙන platinum trophy තිලිනය තැපැල් මාර්ගයෙන් අද දිනයේදී ලැබුණ විට ඉතාමත් සතුටින් බාරගත් බව වෛද්‍ය නියෝමාල් පෙරේරා මහතා සිය සමාජ මාධ්‍ය ඔස්සේ ඡායාරූප සමඟ සටහනක් තබමින් දක්වා තිබුණා.

‘දඩ ඉම’ට මෙතෙක් දුරට ජාත්‍යන්තර සම්මාන 14කට නිර්දේශ වෙමින් සම්මාන 5ක් ලබා ඇති අතර (Covid-19 වසංගත තත්ත්වය පාලනය වු විගසම EAP සිනමා ශාලා සහ අනෙකුත් ප්‍රධාන සිනමා ශාලා රැසක ප්‍රදර්ශනය කිරීමට කටයුතු යොදා ඇතැයි ද වාර්තා වනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *