“ගූගල් කුට්ටප්පන්” කොලිවුඩ් චිත්‍රපටයේ ප්‍රධාන චරිත ද්විත්වයකට ශ්‍රී ලාංකික රංගන යුවළක්

අතිශය ජනාදරයට පත් ඇන්ඩ්‍රොයිඩ් කුන්ජප්පන් වර්ෂන් 5.25″ (Android Kunjappan Ver 5.25) නම් වූ මලයාලම් සිනමාපටය පාදක කොට ගනිමින් දමිළ බසින් ප්‍රති නිර්මාණය කරන (re-make) “ගූගල් කුට්ටප්පන්” (Google Kuttappan) නම් කොලිවුඩ් චිත්‍රපටයේ ප්‍රධාන චරිත ද්විත්වයකට ශ්‍රී ලාංකිකයන් දෙදෙනෙකු තෝරාගෙන ඇත.

ඒ අනුව දර්ෂන් ත්‍යාගරාජා (Tharshan Thiyagarajah) හා ලොස්ලියා මරියනේෂන් (Losliya Mariyanesan) යන ශ්‍රී ලාංකේය රංගන යුවළ “ගූගල් කුට්ටප්පන්” චිත්‍රපටයේ රංගනයට එක් වේ.

යාපනයේ ශාන්ත ජෝන්ස් විද්‍යාලයේ ආදි සිසුවකු වන දර්ෂන්, 2014 වර්ෂයේදී “Mr. Sri Lanka for Mister International” කිරුළ දිනා ගැනීමට සමත් විය.
ත්‍රිකුණාමලයේ මෙතෝදිස්ත බාලිකා විද්‍යාලයේ සහ පේරාදෙණිය සරසවියේ ආදී ශිෂ්‍යාවක වන ලොස්ලියා ශක්ති ටීවී නාලිකාවේ හිටපු නිවේදිකාවකි.

මෙම දෙදෙනාම දකුණු ඉන්දියාවේ අතිශය ජනප්‍රිය “Bigg Boss” නම් වූ රූපවාහිනී රියැලිටි වැඩසටහන නියෝජනය කළ තරඟකරුවන් වේ.

ජැක්සන් ඇන්තනී හා පියුමි හංසමාලිට (Lucknow- මලයාලම් -2021 තිරගත වීමට නියමිත) පසුව, ශ්‍රී ලාංකේය නළු-නිළි යුවළක් මුළුමනින්ම ශ්‍රී ලංකාවෙන් එපිට රූපගත කරන ඉන්දියානු සිනමාපටයක ප්‍රධාන චරිතවලට තෝරාගත් පළමු අවස්ථාව මෙය වේ.

චිත්‍රපටයේ ආශිර්වාද පූජාව අද ඉන්දියාවේ චෙන්නාහිදී, චිත්‍රපටයේ ප්‍රධාන නළු නිළියන් හා කාර්මික ශිල්පීන්ගේ සහභාගීත්වයෙන් පැවැත්වුණි.

  • සටහන- උදිත ලක්මාල් කහඳවආරච්චි Udithe Lakmal Kahandawaarachchi

Leave a Reply

Your email address will not be published. Required fields are marked *