අදට දේශීය සිනමාවට 74යි – ජාතික චිත්‍රපට සංස්ථාවට වසර 49යි

සිංහල සිනමාවේ ප්‍රථම කතානාද චිත්‍රපටය වන ‘කඩවුණු පොරොන්දුව’ චිත්‍රපටය තිරගත කර අද (21) ට වසර 74ක් සපිරෙනවා.

මේ චිත්‍රපටයේ මංගල දර්ශනය පවත්වා ඇත්තේ 1947 ජනවාරි 21දා කොළඹ කිංස්ලි සිනමා ශාලාවේ දී එවකට අගමැතිව සිටි ඩී.එස්. සේනානායක මහතාගේ ප්‍රධානත්වයෙන්.

කඩවුණු පොරොන්දුව මෙරට තිරගත වූ ප්‍රථම කතානාද සිංහල චිත්‍රපටය වූවද 1929 දී ‘රො‍මානිස්ගේ කතාව’ නමින් නිහඬ චිත්‍රපටයක් කොළඹ එල්පින්ස්ටන් සිනමා ශාලාවේ දී තිරගත කර තිබෙනවා.
.
ප්‍රථම කතානාද චිත්‍රපටය තිරගත කර වසර 74ක් සපිරීම හා 1972 දී රාජ්‍ය චිත්‍රපට සංස්ථාව (අද ජාතික චිත්‍රපට සංස්ථාව) ආරම්භ කර වසර (49)ක් සපිරීම අද දවසේ විශේෂත්වය.

සිංහල සිනමාවේ නිෂ්පාදිත පළමු චිත්‍රපටය ලෙස කඩවුණු පොරොන්දුව ඉතිහාසයට එක්වන අතර මෙය සිංහල සිනමා කලාවේ ඇරඹුම ලෙස සලකණු ලබයි.

මෙම චිත්‍රපටය රූගත කිරිම හා නිෂ්පාදනය ඉන්දියාවේ දි සිදුකර තිබෙන අතර එයට දකුණු ඉන්දියාණු ආභාෂයක් ද ලැබුණි.

මෙම චිත්‍රපටයේ නැවත නිෂ්පාදනයක් 1982 දී තිරගත වී තිබෙනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *