ජනවාරි 26 වැනිදා සිට ලොව පුරා තිරගත කෙරෙන Drishyam 2

Drishyam 2  කියන්නේ මලයාලම් සිනමාවට අලුතින්ම එකතු වූ චිත්‍රපටයයි. 

මෙය Jeetha Josephගේ අධ්‍යක්ෂණයක් හා තිර රචනයක් ද වනවා. නිෂ්පාදන දායකත්වය Antony Perumbavoor විසිනි.

මෙම Drishyam 2  චිත්‍රපටය 2013 Drishyam චිත්‍රපටයෙහි දිගුවක් ලෙස හැඳින්විය හැකියි.

Anil Johnson සංගීත අධ්‍යක්ෂණයෙන්ද සම්බන්ධ වන මෙම චිත්‍රපටය තුළ Mohanlal, Meena Ansiba Hassan, Esther Anil, Asha Sarath krishana ආදී නළු නිළියන් රාශියක් මේ සඳහා රංගන දායකත්වය ලබා දෙනවා.

මෙම Drishyam-2 චිත්‍රපටය එහි පළමු චිත්‍රපටය තිරගත වී වසර 6කට පසු තිරගත වීමත් විශේෂත්වයක් වනවා.

මෙම චිත්‍රපටය 2020 නොවැම්බර් මාසයේ දින 46ක් පුරාවට Thodupuzha Koichi Vazhithala ආදී ප්‍රදේශ ආශ්‍රිතව රූගත කිරීම් සිදුකොට තිබෙනවා.

දකුණු ඉන්දියාව තුළ කොරෝනා වසංගත තත්ත්වය ඉතා දරුණු මට්ටමින් පැවැතුණු හෙයින් Drishyam-2 චිත්‍රපටය 2021 ජනවාරි 26 වැනිදා සිට ලොව පුරා තිරගත වීම ආරම්භ වනු ඇත.

ඒත් සමඟ මලයාලම් සිනමාව ප්‍රියකරන ලෝකවාසී රසික සැමට එය නවමු වින්දනීය අවස්ථාවක් වනු ඇතැයි සිතිය හැකිය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *